Showing posts with label ඔය ඇස් අමතක වෙන්න නම්. Show all posts
Showing posts with label ඔය ඇස් අමතක වෙන්න නම්. Show all posts

Thursday, April 7, 2011

5 ඔය ඇස් අමතක වෙන්න නම් (හත්වන කොටස)




අයියෝ මොන වදයක්ද මන්ද ටිකක් නිදහසේ ඉන්න දෙන්නෙම නෑනේ.මුන් දෙන්නම එකයි අප්පායි තමාටම කියාගත් ඇසළ පඩිපෙල බැස පහත මාලයට ගොඩවිය.

ආ මල්ලි කන්නෙ නැද්ද දැන්ම
දැන්ම කන්න බෑ අයියෙ.තාම ඇහැරුණ ගමන්නෙ
මල්ලිට අද ස්පෙෂල් වැඩ මුකුත් නෑනෙ නේද?
නෑ අයියෙ තාත්තා අද එන්න කිව්වෙත් නෑනෙ
වැඩ මුකුත් නෑ කිව්වට අද ශාලිකාවත් එනවා කිව්වද දන්නේ නෑසඳුනි කතාව මැද්දට පැන්නාය.
යකෝ ශාලිකා ගැන මටවත් නැති අමාරුවක්නෙ මෙයාට තියෙන්නෙඇසළ කීවේ කේන්තියෙනි.
හා හා ඇත්තද සුදු මල්ලියෙ.ඕකට තමයි කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියලා.දැක්කද තරිඳු බළලා පැන්න හැටි මල්ලෙන්
‘හුටා නොදකින් මගෙ කට,මොන මගුල් කියවෙනවද දන්නෙ නෑ,කටටත් බ්‍රේක් නෑනෙ අම්මපා.දැන් දීපන්කො උත්තර’ඇසළ තනිවම සිතුවේ මොහොතකට පෙර තමාගේ කටින් පිටවූ වැරදි වචන කිහිපය ගැනයි.
“සඳුනි බේබිව හම්බවෙන්න කවුද ඇවිල්ලා”යි කියමින් ගුණපාල කෑම මේසය අසළට පැමිණියේය.
හායි සඳුනි අක්කා කොහොමද හුඟ කාලෙකින්
සඳුනි නිවසේ ඉදිරිපසට යාමටත් ප්‍රථම ශාලිකා නිවස තුලට පැමිණ සදුනිව වැළඳගත්තාය.
ඇසළ මෙ බලන්න ඔයාගෙ යාලුවෙක් ඇවිත් තියෙන්නේකියමින් සඳුනි ශාලිකාත් කැටුව කෑම කාමරය දෙසට ඇදුනාය.
මලා ඉවරයි.දැන් ඉතින් කාලා වරෙන්කෝ.මේකි මේක අස්සටත් රිංගුවනේ.අයියෝ මාවමයි කන්න එන්නේශාලිකා දුටු ඇසළ තමාටම මුමුණා ගත්තේය.
“හායි ඇසළ ගුඩ් මෝර්නින්.මේ දැන් වගේ ඇහැරිලා තියෙන්නෙ”
“අනේ නෑ මම මේ තාම නින්දෙ ඉන්නෙ”යි කියමින් ඇසළ අසුනින් නැගිට උඩුමහලට යාමට සැරසුණි.
බලන්නකො අක්කි මෙයාගෙ තියෙන ගෑස්.අපේ ෆොටෝ නම් උස්සන් එනවා ඒකට මොකද
ශාලිකා කට හදමින් කීවාය.
“ඉතින් නංගි මොකද මේ උදේ පාන්දර කුකලත් අරගෙනම”සඳුනි කතාව වෙනතකට හැරවීය.
“කුකුලා අපිට ගස්සලා ගියෙ ඔය කාමරේට”
ශාලිකා‍ගේ කතාව සඳුනි මෙන්ම තරිඳුවද සිනහා ‍ගැන්වීය.
“ගනන් ගන්න එපා නංගි.ඔය උදේ ඉඳන් මගෙත් එක්ක තරහින් ඉන්නෙ”සඳුනි ඇඟට පතට නොදැනී කීවාය.
“ඉඳගන්නකො නංගි.ඉතින් කියන්නකො කොහෙද මේ උදේ පාන්දර යන්නෙ”
සඳුනි ඇසුවේ ශාලිකාට ඉඳ ගැනීමට අසුනක් දෙන අතරයි.
“මම මේ ක්ලාස් ගියා අක්කා.අද ක්ලාස් නෑ.ඉතින් මම මේ පැත්තෙ ආවා ඇසළත් ඉන්නවනේ”
“හා එහෙනම් හොඳයි දවල්ට කාලාම යන්න ඉන්න ඕනෙ තේරුණාද”
බලමුකෝ
බවලතුන් දෙදෙනාගේ සතුටු සාමීචිය මැද තරිඳු කෑම කා අවසන් විය.
“ඔයා කාලා ඉවරද තරිඳු.නංගි කෑම ටිකක් කමු.මට ඒකත් අමතක උනා”
“දැන් බෑ අක්කා.මම කාලා ආවේ.කෝ මේ ඇසළ”
“කාමරෙට ගියා නේද නිදිද දන්නෙත් නෑ.ඉන්න මම බලල එන්නම්”
“ඕනෙ නෑ අක්ක ඉන්න මම කතා කරගෙන් එන්නම්”දණහිස තරම්වත් දික් නොවූ කෙටි සායක් හැඳසිටි  ශාලිකා තරප්පු පෙල දිගේ දිව යන දෙස සඳුනි සහ තරිඳු බලා සිටියේ විශ්මයෙනි.
“මම කිව්වෙ මෙයාලගේ මොකක් හරි හොරයක් තියෙනවා.උදේ කෝල් කලේ මෙහෙ එන්න වෙන්න ඇති.හිටපල්ලකො මම අල්ලගන්නකන්”
සඳුනි තරිඳුට කීවේ ජයග්‍රාහි විලසිනි.
“ශාලිකා නරක කෙල්ලෙක් නෙමෙයිනෙ සඳු.හොඳ පවුලක වැදගත් ලමයෙක්.අපි හොඳට දන්න කියන උදවියනෙ.ඒ නිසා බයවෙන්න දෙයක් නෑනේ.තාත්තගෙ හො ඳම යාලුවගෙ දුවනේ”
“වැදගත්කම සේරම හොඳයි මට අල්ලන්නෙ නැත්තෙ මෙයාගෙ විලාසිතා තමයි.බලන්නකො අද ඇඳන් ඉන්න සාය.අඩියක් දිග නෑ”
සඳුනි නෝක්කාඩු ස්වරයෙන් කීවාය.
ඉතින් ඔයත් අඳින්නකො එහෙම.බලන්න කොච්චර ලස්සනද කියලාතරිඳු ඇසක් වසමින් කීවේ සඳුනිව ඇවිස්සීමටයි.
“ඔව් ඔව් එච්චරයි අඩු.ඔයිට හොඳයි නිකං හිටියනං.මම ගිහින් බලලා එන්නම් මෙලහටත් අපේ එකාට මොනා කරලද දන්නෙ නෑ” යි කියමින් සඳුනි කෑම මේසයෙන් ඉවත් වූවාය.
“සඳු මල්ලිට එන්න කියන්න මට එයාට කියලා වැඩක් කරවගන්නත් තියෙනවා.ඉක්මනට එන්න”
හිස වැනූ සඳුනි එතනින් ඉවත්ව ගියාය.

                            ***

‘මල ඇනේ අක්කා කියන්නා වගේ මේකද දන්නෙ නෑ කවද හරි මගෙ ඉරණම වෙන්නෙ.ඇඳන් ඉන්න ඇදුමෙ හැටි.අපේ උන් ඉස්සරහා මෙහෙම කෙල්ලෙක් එක්ක ගියොත් මට ටික දවසකින් වහ කන්නයි වෙන්නෙ.මදෑ අද ගෙදරට වෙලා ඉන්න හැදුවා.දැන් ඒකත් ඉවරයි’තනිවම සිතමිනි ඇසළ ඇ‍ඳෙහි වැතිරුනේ.
“එක්සියුස් මී..මම ඇතුලට එන්නද”කියමින් ශාලිකා ඇසළගේ කාමරයට ඇතුල් විය.
“හා ඇතුලට ඇවිල්ලා ආයෙ එන්නද කියලාත් අහන සිරිතක් තියෙනවද ශාලිකා හැබෑටම.අද මොකෝ අපිව මතක් වෙලා”
“අපිට නම් මෙහෙම හරි මතක් වෙනවා.මෙයාලා ඉතින් අපි උන්නද මලාද කියලවත් බලන එකක්යැ”ශාලිකා නෝක්කාඩු ස්වරයෙන් කීවාය.
‘මතක් වෙන්න වැඩේමයි’තමාටම කියා ගනිමින් ඇසළ ඇදෙන් නැගිට්ටේය.
“මල්ලී තරිඳු අයිය ඔයාට ටිකක් එන්න කිව්වා” සඳුනි කාමරයට ගොඩවැදුනේ එසේ කියමිනි.
“අයියෝ අක්කෙ නිදහසේ ඉන්නවත් දෙන්නෑ හලෝ තමුසෙලා”
“දැන් මෙයාට ලොකු නිදහසක් ඕනෙ වෙලා වගේ නේද ශාලිකා”කියමින් සඳුනි ඇසළට ඇසක් ගැසුවාය.
ඇසළ සිය සොයුරියට රවමින් කාමරයෙන් පිටතට පැමිණ පහත මාලය දෙසට ඇවිද යනවිට තරිඳු සිටියේ කෑම කා අවසන් වී පුවත් පතක් කියවමිනි.
“ඇයි අයියා කතාකලේ හදිස්සියක්ද?”


Monday, March 21, 2011

5 ඔය ඇස් අමතක වෙන්න නම් (සයවන කොටස)

දෙයියනේ....... මොකද දරුවෝ මේ උනේ.අතෙන් ලේ එනවා නේද හොඳටම
අනේ අම්මා මම තේ කෝප්පෙ දැක්කෙ නෑ.අත වැදිලා පෙරලුනා.වීදුරු කටු අහුලන්න ගිහිල්ලයි අත කැපුනෙ අම්මා
"අයියෝ ලමයො මොන සිහියෙන්ද වැඩ කරන්නේ.මොනවා කරන්න ගිහින්ද මේක බිඳුනේ"
        "අනේ මට බනින්න එපා අම්මා.මම හිතලා කලේ නෑ.මම පොත් ටික ගන්න කොට අත වැදිලා වැටුන බිමට."
අනු ඉකිබිඳින්නට වූවා ය.අනූගේ වමතෙහි මහපට ඇඟිල්ලත් මැදගිල්ලත් වීදුරු කටුවලට කැපී ලේ ගලමින් තිබිණි.සුමේධාට සිය දියණිය ගැන මහත් අනුකම්පාවක් සිතිනි.
ගිහින් අත හෝදගන්නකො දුවේ.මම මේක අස් කරන්නම්.අපි ගිහින් බෙහෙත් දාගෙන එමු
අනේ අම්මා මට බයයි
ඉතින් එහෙම කියලා හරියන්නෙ නෑනෙ පුතේ අපි ඩොක්ටර් මායාදුන්න ගාවට ගිහින් බෙහෙත් දාගෙන එමුකෝ
එතකොට අද ක්ලාස්
ඔහොම අත කපාගෙන කොහොමද පන්ති යන්නෙ.ගියත් ලියන්න කියන්න බැහැනේ.ඒ නිසා අද ඕනෙ නෑ.දැන් හොඳ ලමයා වගේ නාඬා ගිහින් අත සෝදලා පිහදාගන්න.මම මේක අස්කරලා එන්නම්
අනුත්තරා කඳුලු පිසිමින් කාමරයෙන් ඉවතට ඇදෙන්නට වූවාය.සුමේධා වීදුරු කැබලි ටික අස්කර ගෙබිම පිසදමා අහවර වනවිට සිය දියණිය කාමරයට පැමිණියේ අත සෝදාගෙන ලේන්සුවකින් ඔතාගෙනයි.
ඉන්න මම දොරවල් වහල ඒන්නම් දුවේ.ත්‍රී වීල් එකක් කතාකරගෙන යමු
අනුත්තරාත් සුමේධාත් නිවසේ ගේට්ටුව වසා දමා කාන්ති පාර දිගේ යක්කල පාර දෙසට ගමන් කළෝය.
       
                           ***

සඳුනි සිය සැමියා වන තරිදුගේ කමිසය මදිමින් සිටියාය.ඇසළගේ ජංගම දුරකථනය දෙතුන් වරක් නාද වුනු නමුත් ඇසළ එයට පිළිතුරු ‍දුන් බවක් සඳුනිට ඇසුණේ නැත.නැවත වරක් ඇසළගේ ජංගම දුරකථනය නාදවනු සඳුනිට ඇසිණි.ඇය කරමින් සිටි වැඩය මදකට නවතා ඇසළගේ කාමරයට ගියාය.
මල්ලී...තමුසේ තාම නිදිද.මේ ෆෝන් එක රිංග් වෙනවා.කතාකරන්නෙ නැද්ද?
ඇසළ සිටියේ තද නින්දේ බැවින් ඔහුට එය ඇසුණේද නැත.පෙරදා රාත්‍රියේදී යහලුවන් සමග රාත්‍රී ආහාරය ගත් ඇසළ නිවසට පැමි‍ණියේද මධ්‍යම රාත්‍රියටත් ආසන්නවය.
හලෝ මල්ලි  මේ නැගිටිනවා කවුද මන්දා ෆෝන් කරනවා දැන් හුඟ වෙලාවක ඉඳන්
බැරිම තැන සඳුනි සිය මල්ලීගේ උරහිසින් අල්ලා සෙලෙව්වාය.
ආ..ආ.. අක්කේ.මොකද ‍හලෝ මේ නිදාගන්නවත් දෙනවකෝ
නිදාගන්න බලනවා දැන් උදේ හතත් පහුවෙලා.මේ කවුද මන්ද කෝල් කරනවා බලන්න කවුද කියලා
        “අයියෝ මොන කරදරකාරයෙක්ද මේ උදේ පාන්දර.මුන්නම් අපිවම කන්න ඉපදිච්ච යක්කු සෙට් එකක්.ආයෙ ඕනෙනම් ගන්නෙ නැතෑ.ඔන්න ඕක ඔහෙන් තියලා යන්ඩකො හලෝ වදින්නම්

හරි වැඩේ මෙයාගේ, පව් කියලා අවේ බලන්න ෆෝන් එක රින්ග් වෙනකොට.බලනවා කවුද කියලා ශාලීකා ද දන්නෙත් නෑ උදේ පාන්දර කුමාරයව හොයන්නෙ?

සඳුනි උපහාසයට මෙන් සිනහා සී කීවාය.
ශාලිකා..... අක්කේ..,තමුසෙට මම
කියමින් ඇසළ ඇ‍ඳෙන් බිමට පැන සඳුනි පසුපස එළවාගෙන ගියේය.සඳුනි එය ඉවෙන් තේරුන්ගත්තාක් මෙන් ඇසළ ඇ‍ඳෙන් බිමට පැනීමටත් ප්‍රථම කාමරයෙන් පිටතට දිව ගියේ කෑ ගසමිනි.

            තරිඳු......මෙන්න මේ බූරුවා මගෙ පස්සෙන් පන්නනවා....
සඳුනි දිව ගොස් තරිඳුගේ අත බදාගත්තාය.ඇසළ තරිඳු ඉදිරියට ගොස් සඳුනිව අල්ලාගන්නට මෙන් සැරසුනි.
අයියෝ මල්ලි මොකද මේ පොඩි උන් වගේ.සඳු ඔයත් හුරතල් වෙන්න හදනවද?
නෑ අයියේ මෙයා මට එක එක කතා හදනවා
ආ මේකනේ යකෝ වැඩේ මෙයාට පුලුවන් ශාලිකා එක්ක රවුන් ගහන්න.අපි නම කිව්වම මල පනිනවා.ටිකක් ඉවසලා ඉන්නවා ඕක තාත්තට කියලා මං කරල දෙන්නම්
අක්කෙ තමුසෙනම් කනවා ලගදිම මගෙන්.තරිඳු අයියා හිටපු නිසා බේරුණා කියලා හිතා ගන්නවා අදට
තරිඳු දෙදෙනාගේ රණ්ඩු අසා සිනා සුනා පමණි.ඇසළගේ ජංගම දුරකථනය නැවත නාද වනු ඇසිණි.

අන්න මල්ලි යනවා කුමාරිකාවට යකා නැගලා ඇති දැන්.තව පරක්කු උනොත් මෙහෙට එයි කුමාරයව හොයාගෙන
සඳුනි එසේ කියා ඇසළට විරිත්තුවාය.
මම කියන්නෑ හොයාගෙන එන එක.ඉන්නවකො මම කෝල් එක අරන් එනකංයි කියමින් ඇසළ නැවතත් තම කාමරය දෙසට පියනැගුවේය.
ඇසළ කාමරයට යනවිටද සිය ජංගම දුරකථනය නාද වෙමින් තිබිණි.මොන කරුමයක්දැයි සිතමින් හෙතෙම දුරකථන ඇමතුමට එක්වූවේය.
හෙලෝ ගුඩ් මෝරිනින්
අඩෝ කොහෙද බන් උඹ මෙච්චර වෙලා හිටියේ
ආ දුමියා.උඹ ද.ඇයි බන් මේ උදේ පාන්දර වද දෙන්නේ.තව ටිකක් දවල් වෙනකල් ඉඳලා ගනින්කො බං
දවල් වෙනකං ඉන්න. තොට පයිත්තියංද මැටිමෝලෝ දැන් වෙලාව අටටත් ලඟයි.
හා හා කියපන් ඇයි කතාකලේ කියලා
මචෝ අපි ඊයෙ කතාකරගත්ත ගමන අනිද්ද යමන්.අනිද්දා සිකුරාදානෙ.සෙනසුරාදයි ඉරිදයි දෙකත් නිවාඩු නිසා දවස් තුනම ගන්න පුලුවන්.මොකද කියන්නේ.කට්ටියනම් කැමතියි.
හා එහෙනම් මාත් කැමතියි.අක්කගෙන් අහල බලන්නම් මචෝ මේ ටිකේ ටිකක් අවුල්.දන්නවනේ එදා කේස් එක අක්කට මාට්ටුනෙ බං
එළ එළ මට කෝල් එක්ක දියන් වැඩේ කන්ෆර්ම් කරගෙන.එහෙනම් මචෝ අපි කැපුණා.බුදුසරණයි ජොනියා
එළ බුදුසරණයි
ඇසළ ජංගම දුරකථනය ඇඳ මතට වීසිකොට කාමරයෙන් පිටතට ආවේය.
මල්ලී පහලට එන්න තරිඳු අයියා ඔයාට කතාකරනවා


Sunday, March 13, 2011

2 ඔය ඇස් අමතක වෙන්න නම්(පස්වන කොටස)

අයියෝ හලෝ මොන වදයක්ද මේක.වොෂ් එකක් දාගන්න හැදුවා විතරයි.බෙලිකටු මල්ල හොල්ලන්න පටන් ගත්තායි කියමින් ඇසළ පඩි පෙල බැස මුලුතැන් ගෙය දෙසට ගියේය.ඇසළ කී කතාවට සදුනිටද සිනහා ගියාය.
බෙලි කටුමල්ල මම කියන්නෑ තමුසෙට.කියනවා බලන්න අද කොහෙද ගියෙ කියලා
වෙන කොහෙ යන්නද.මම ෂොප් එකේ ඉදල 4.30ට විතර ආවෙ.එනගමන් තමයි තමුසෙගෙ ෆොටෝස් ටිකත් ගත්තෙ ඇයි?
 ආ එහෙමද මල්ලි.එහෙනම් බලනවා මේ මොනවද ගෙනල්ලා තියෙන්නෙ කියලා මෝඩයා
සදුනි තමා අත තිබූ ජායාරූප කවරය ඇසළට පෑවාය.ඒ තුල තිබූ ජායාරූප දුටු ඇසලට තරු විසිවුණේ නිතැතිනි.
හුටා මේවා ශාලිකාගෙනෙ.
ඔව් ඔව්.ඕවා ශාලිකා නංගිගෙ තමයි.මට බොරු කරන්න එපා පුතෝ.ඇත්ත කියනවා.අද දෙන්න කොහෙද ගියෙ?
එසේ කී සදුනි ඇසළට අපහාසයට මෙන් සිනහ විය.
තමුසෙට පිස්සුද අක්කෙ.මම ඒකි එක්ක කොහෙ යන්නද?අද ෂොප් එකටනම් ආවා ඇඳුම් ගන්න කියලා
ඇසළ කියවාගෙන ගියේ කේන්තියෙනි.
ඇයි යකෝ මේකි කොහොමද මේක අස්සට රිංගුවෙ.මල කෙලියක්නෙ උනේ.දැන් ඉතින් වහ කාපන්කො.අම්මප මටම මේවා වෙන එකනෙ කරුමෙ කියන්නෙ.ඇසළ තනිවම සිතුවේය.
ඇයි මල්ලි ගොලුවෙලා.ශාලිකා ගැනද හිතන්නෙ?හා හා කොල්ලගෙ මූනෙ තියෙන පෙම් හිනාව
මගුලක් කතාකරනවා.ඇත්තටම තමුසෙට පිස්සුද හලෝ.ශාලිකා ඊයා මට ඒකිව පෙන්නන්න බෑ.මම හිතන්නෙ මේ ස්ටුඩියෝ එකේ වැරදීමක් වෙන්න ඇති
ශාලිකාව පෙන්නන්න බෑ.අනේ යනවා ශාලිකාගෙ ලස්සන හිනාවයි මූණයි දැක්කම මෙයත් වශිවෙන්න ඇති බෘංගයා වගේ.මමත් නොදන්න මල්ලිනෙ අපේ.
පිස්සුද හලෝ මම ජිවිතේට ඒ වගේ නැට්ටිච්චියෙකුට කැමති වෙන්නෙ නෑ
හා එහෙමද එහෙනම් මේ ෆොටෝස් ටික මාරු කරන් එනවා ඉක්මනට
ඉන්නවා හලෝ මම දැන් කොහොමත් ගම්පහ යනවා.එතකොට ගේන්නම්කී ඇසළ කවරයත් රැගෙන දිවගියේ හදිස්සියෙනි.
                          
                          ***

උදෑසන හතේ කණිසමද වැදිනි.ගම්පහ යක්කල මාර්ගය මේ වනවිට වාහන වලින් පිරී ගොසිනි.පාසල් දිනයක්ද වූ හෙයින් බණ්ඩාරනායක විදුහල ඉදිරි පිට පවතින වාහන තදබදය වඩාත් උග්‍රව පැවතිණි.කාන්ති පාරෙහි පිහිටි අනුහස් මැදුර ඉදිරිපිටද පැජරෝ රථයක් නවතා ඇත.එය නිවසේ අයිතිකරු වූ ජයලාල් විජේරත්න මහතාට අයිතිය.වෘත්තියෙන් ගුරුවරයෙක් වූ ඔහු පලාතේ ප්‍රසිද්ධ උසස් පෙළ උපකාරක පන්ති වලද මුදලට උගන්වයි.

 ජයලාල් මහතා සිය රාජකාරි කටයුතු සදහා පිටත්ව යාමට සැරසී නිවසේ ඉදිරිපිටට පැමිණ උස් හඩින් තම බිරිඳට කතා කළේය.
සුමේධා මම එහෙනම් යනවා
ඔයා කන්න ඉන්නෙ නැද්ද.මම මේ කෑම අරින්න හැදුවෙ.ඉන්න කාලා යන්න
එපා අද උදෙන්ම යන්න ඕනේ.රැස්වීමකුත් තියෙනවා.දුව තාම නිදිද?
ඔව්.අද පන්ති යන්නත් තියෙනවා.ඉන්න මම ඇහැරවන්නම්
ඕනෙ නෑ ටිකක් නිදාගත්තාවෙ.පහුගිය ටිකේම විභාගෙට මහන්සි උනානෙ
ඒකනම් ඇත්ත
පුතා කතාකලොත් කියන්න මම එයාට සල්ලි දැම්මා කියලා.මම එහෙනම් ගිහින් එන්නම්කී ජයලාල් මහතා නිවසින් එලියට බැස්සේය.
කොහොමත් පුතා රෑට කතාකරයිනෙ.පරිස්සමින් යන්න
පැජරෝ රථය ගේට්ටුවෙන් පිටවූ පසු එය වසා දැමූ සුමේධා ගෙට ගොඩ වැදුණි.මුලුතැන් ගෙට ගිය සුමේධෘ සිය දියණියගේ උදෑසන තේ කෝප්පයත් රැගෙන ඇගේ කාමරයට පිය නැගුවාය.
අනූ නැගිටල මේ තේ එක බොන්න.දැන් හතත් පහු උනා.අද පන්ති යන්නෙ නැද්ද ලමයො

අනේ අම්මා තව ටිකක් ඉන්නකො.මම තව විනාඩි 10න් නැගිටින්නම්.කී අනුත්තරා අනෙක් ඇලයට හැරුණාය.
එහෙනම් මෙන්න තේ එක මේසෙ උඩින් තිබ්බා
තේ කෝප්පය මේසය මත තැබූ සුමේධා කාමරයෙන් පිටව ගියාය.

අනුත්තරා හේෂානි විජේරත්න ජයලාල් මහතාගේ බාල දියණියයි.අනුහස් ඇගේ එකම අයියාය.ඔහු මේ වනවිට එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.අනුත්තරා අ.පො.ස. උසස්පෙළ නිමාකර ප්‍රතිඵල එනතුරු බලා සිටින්නීය.මේ වනවිට ඇය ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටී.
මේ ලමයා තාම ඇහැරුණේ නැද්ද මන්ද.දැන් පන්ති යන්නත් තියෙනවා‍.විභාගෙන් පස්සෙ හරියට කම්මැලි වෙලායි සිතූ සුමේධා කර කර සිටි වැඩය ද නවතා හිද සිටි අසුනින් නැගිට්ටාය.කරාමය ඇර දෑත් සෝදා ගත් සුමේධා නැවතත් සිය දියණි‍යගේ කාමරයට පැමිණියේ ඇයව අවදි කරවීමටය.
අනූ තාම ඇහැරුණෙ නැද්ද ලමයො.දැන් නැගිටින්නකො.බලන්න දැන් පරක්කුත් වෙනවා ක්ලාස් යන්න.මේ තේ එකත් ඇල් වතුර වෙලායි කී සුමේධා සිය දියණියගේ ඇඳ මත වාඩිවී ඇගේ හිස පිරිමැද්දාය.

අදනම් හරිම කම්මැලියි අම්මා.නිදිත් මතයි මට
එසේ කී අනුත්තරා මව ඉදිරියේ හුරතල් වන්නට විය.
එහෙම කියලා කොහොමද අද ලාල් සර්ගෙ පන්ති නේද?හා හා ඉක්මනට නැගිටලා මේ තේ එක බීලා ලෑස්ති වෙන්න ක්ලාස් යන්න
අනුත්තරා ඉතාමත් අපහසුවෙන් මෙන් ඇදෙන් නැගිට නාන කාමරය දෙසට පියමැන්නාය.සුමේධා  කාමරයෙන් පිටව කුස්සිය දෙසට ගියාය.
ඉක්මනින් මුහුණ සෝදාගත් අනුත්තරා කාමරයට පැමිණ පන්ති යාමට සැරසුණාය.
කුස්සියට ගිය සුමේධා දියණියට උදෑසන අහාරය පිලියෙල කලාය.හදිසියේම අනුත්තරාගේ කාමරය දෙසින් සද්දයක් ඇසිණි.මොහොතකට පසු අනුත්තරාද කෑ ගසන හඬ සුමේධාට ඇසුණි.
  අම්මා....................


Monday, March 7, 2011

2 ඔය ඇස් අමතක වෙන්න නම් (සිව්වන කොටස)

  හදිසියේම ඇසුණු ගැහැණු කටහඩ නිසා ඇසළ මදක් හැරී බැලුවේය. එවිටම දුටු රුව නිසා ඇසළගේ දෙනෙත් විසල් විය.
 "හායි ඇසළ ඔයා මොකද මෙහෙ කරන්නෙ,අනේ සොරි මම හිතුවෙ මේ ෂොප් එකේ කෙනෙක් කියලා"
 'දෙවියනේ මේකිත් මේ වෙලාවටම ආවනේ මේක අස්සෙ රිංගන්න.‍වෙලාවට තාත්තා පේන්න නෑ.නැත්තං මේකි ඉස්සරහා මට සේවකයෙක් වෙන්නයි වෙන්නෙ.'ඇසළ තමාටම මුමුණා ගත්තේ මදක් ලැජ්ජාව සමග මුසුවූ කෝපයෙනි.
    "ඕහ් මයි ගෝඩ්....... අනේ සොරි ඇසළ මට අමතක උණානෙ මෙක ඔයාලගෙ ඩැඩී ගෙ කියලා"


   ශාලිකා නැවතත් දුක්වූ ස්වරයෙන් කීවාය.
   "කව්ද ශාලි කියන්නේ මේක අපේ ඩැඩීගෙ කියලා.මොන බොරුද"
  ඇසළ කීවේ මදක් සිනහා සෙමිනි.


     "මොනවා..එතකොට ඇසළ මේක ඔයාලගේ ඩැඩීගෙ නෙමෙයිද"

    "පිස්සුද ශාලි මේක අපේ තාත්තගෙ"

 දෙදෙනාම එකවර සිනා සෙන්නට වූ අතර ශාලිකා සමග පැමිණි අනෙකුත් මතුරියන්ටද සිනහ නොවී සිටිය නොහැකි විය.

    එවිටම ඇසළගේ ජංගම දුරකථනය නාද වුනු හෙයින් ඇසළ පිරිසගෙන් මිදී මදක් ඉවතට ගියේය.

 ඇසළට ඇත්තේ කාන්තාවන් වශිකරවන සිනහවක් යයි ශාලිකාට සිතුණි.ඇසළ තත්වයෙන් හැඩරුවින් සියලුම අතින් තමාට ගැලපෙන්නේය.තමාද වංශවත් පවුලක බාල දියණියයි.වත්කම් අතින්ද අඩුවක් නැත.එහෙත් ඇසළ තමාට කැමතිවෙයිද? ශාලිකා තනිවම සිතුවාය.දෙයියනේ මටත් පිස්සු ඇසළයා දන්නවනම් මං හිතන ඒවා ආයෙ මගෙ මූණවත් බලන එකක් නෑ  යි තමාටම මුමුණා ගත් ශාලිකා තනිව සිනාසූණාය.
    "ඇයි ශාලි තනියම හිනාවෙන්නෙ අද උදේ පාන්දරම ඉනාවක් වත් කෑවද" 
    ශාලිකා තනිව සිනසෙනු දුටු මාධවී ඇසුවාය.
    "මෙයා ඉනාව කෑවෙ මේ දැන්නෙ.දැක්කෙ නැද්ද බං මෙයා ඉනාව ගිලගත්ත හැටි"
     තවත් මිතුරියක් එසේ කී විටදි ශාලිකාගේ මුහුණ විළි බරව රත් පැහැ ගැන්විණි.
    ඇසළට එය නෑසුනේ හොද වෙලාවට යයි ශාලිකා සිතුවාය.



 හදිසියේම තමාට ඇමතුමක් ලැබෙන්නේ කාගෙන්දැයි සිතූ ඇසළ එතන රැදී නොසිට මදක් ඉවතට ගොස් සිය ජංගම දුරකතනය දෙස බැලුවේය.එහි තරිදු අයියා ලෙස සටහන්ව තිබුණි.
   'අක්කගෙ අතේ ඉදිමුම වැඩිවෙලාද දන්නෙත් නෑ' යි සිතූ ඔහු ඇමතුම හා සම්බන්ධ විය.
      "හෙලෝ අයියෙ කියන්න"
     "ආ මල්ලි කොහෙද ඉන්නෙ කඩවත ෂොප් එකේද"
 'මලා මාව කඩේ වැඩට දෘපු බව තාත්තා කියලද දන්නෙත් නෑ.එහෙම වුනොත් නම් වහ කන්නයි වෙන්නෙ' ඇසළ සිතුවේය.
    "ඔව් අයියෙ මම ෂොප් එකේ ඉන්නෙ"
 "අනේ මල්ලි මම තාම ඉන්නෙ හොස්පිට්ල් එකේ.හවසට හදිස්සි ලෙඩෙක් බලන්න යන්න තියෙනවා.මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද"
    "ඕව් අයියෙ මොකක්ද ඉතින් කරන්ඩ ඔනේ.හවස වැඩි වෙලානම් ගන්න බෑ.යාලුවො කට්ටිය බලන් ඉන්නවා කිව්වා මීට් වෙන්න"
 "මේකයි මල්ලි අක්‍කගෙ ෆොටෝස් වගයක් තියෙනවා ගම්පහ සීවලී ස්ටුඩියෝ එකේ.සල්ලි ගෙවල තියෙන්නෙ.ඔයාට පුලුවන්ද ඒක වහන්න කලින් ගිහින් අරන් එන්න"
      "අයියෝ ඕක සුලුදෙයක්නෙ.රයිට් අයියා එහෙනම් මම තිබ්බා" 
 "ඕකේ මල්ලි මම ස්ටුඩියො එකට ෆෝන් කරලා කියන්නම් ඔයාව එවනවා කියලා"
 'ඇති යන්තන් මම කඩේ වැඩ කරපු බව දැනගෙන නෑ.ටිකක් කලින් යන්න ඕන ඒ වැඩෙත් කරගෙනම'  යි සිතාගත් ඇසළ නැවතත්මිතුරියන් සිටි දෙසට පිය නැගුවේය.
ශාලිකා ප්‍රනාන්දුට කියා ඇදුම් තෝරා ගෙන මුදල් ගෙවමින් සිටියාය.
    "හරිද දැන් ඇදුම් තෝරගත්තද"
 ඇසළ ශාලිකාගෙන් විමසුවාය.ඇය කුඩාකල සිටම ඇසළගේ හොද යෙහෙලියකි.ඇගේ පියා ඇසළගේ මිතුරෙක්ද විය.මදක් අශිලාචාරව හැසිරුණද ශාලිකාටද තිබුණේ දුටුවන් වශිකරවන ලස්සනකි.

 "අනේ ඔව් ඩියර්.ඒ වැඩේ හරි එහෙනම් අපි පස්සෙ වෙලාවක මීට් වෙමු"යි කියූ ශාලිකා සිය මිතුරියන් සමග පිටත් වූවාය.

        
    ඇසළ සවස 4 වනතුරු සාප්පුවේ සිටියා විනා කල වැඩක් නොමැත.ප්‍රනාන්දුද ඔහුට රිසිසේ සිටීමට ඉඩකඩ ලබා දුනි.සවස 4 වන තුරුත් පියා නොපැමිණි හෙයින් ඇසළ පිටත් වීමට තීරණය කළේය.පියා පැමිණියහොත් තමා හොදින් වැඩ කල බව කියන ලෙස ප්‍රනාන්දුටද පෙරැත්ත කළ ඔහු 4.30ට පමණ සාප්පුවෙන් පිටවිය.
    නුවර කොළඹ මාර්ගයේ සුලු වාහන තදබදයක් තිබුනද පැය බාගයක් ගත වෙන්නටත් ප්‍රථමයෙන් ගම්පහට ළගාවීමට ඇසළට හැකිවිය.හැකි ඉක්මණින් සීවලි ස්ටුඩියො එකට ගිය ඇසළ එහි  කවුන්ටරයේ උන් යුවතිය අසලට පියනැගුවේය.
   "එක්ස් කියුස් මී මිසිස් විජේමාන්නගෙ ගෙ ෆොටෝස් ටික ගන්න පුලුවන්ද"
   "පොඩ්ඩක් ඉන්න"යයි කිවූ ඇය ඇතුලට ගොස් නැවත පැමිණියාය.
   "ඩොක්ටර් තරිදුගෙ මල්ලි නේද"
    "ආ ඔව් ඔව්.අයිය කෝල් එකක් දෙනවා කිව්වා"
   "ඕකේ මෙන්න ෆොටෝස් ටික"
   ඇය කවරය ඇසළ වෙතට දිගු කලාය.එය සාක්කුවේ දමාගත් ඇසළ ඉක්මනින් එළියට පැමිණ යතුරු පැදියේ නැගී නිවසට ගියේය.
        ඇසල නිවසට යනවිට සදුනි නිවසෙහි සාලයේ පුවත්පතක් කියවමින් සිටියාය.ඇසළ ගෙට ගොඩවනු දැක ඇය පුවත්පත පසෙකලා බීමට යමක් ගෙනදීම සදහා මුලුතැන් ගෙය දෙසට පිය නැගුවාය.
     "අක්කෙ මෙන්න ෆොටෝස් ටික ගෙනාවා.මම දැන් ආයෙ ගම්පහ යනවා.බඩගිනියි මොනවා හරි කමුද"යි කියූ ඇසළ සදුනිගේ අතට කවරය දී පඩිපෙළ දෙසට ගිය අතර සදුනි කවරයත් අතැතිවම මුලුතැන් ගෙය දෙසට පිය නැගුවාය.
         ඉක්මනින් කාමරයට පිවිසි ඇසළ ඇදුම් මාරු කර නාන කාමරයට යනවිට සදුනි පහළ සිට තමා අමතනු ඇසිණි.
      
    "මල්ලී  මෙහෙ එනවා ඉක්මනට "
    

Sunday, February 27, 2011

1 ඔය ඇස් අමතක වෙන්න නම්(තෙවන කොටස)

  නිවස ඉදිරිපිට යතුරු පැදිය නැවැත්වූ ඇසළ ඉන් බැස ගෙතුලට දිව‍ගියේය.සදුනි කාමරයෙන් පිට වූයේත් ඇසළ කාමරයට ඇතුලු වූයේත් එකම විටදීය.ඉක්මන් ගමනින් කාමරයට ඇතුලු වූ ඇසළගේ ඇගේ හැපී ඇය විසිවී ගොස් ඇද මතට ඇද වැටුණාය.
     "ආම්මේ............මගෙ අත...කොහෙද මෝඩයෝ දුවන්නෙ බූරුවෙක් වගේ.අතත් කැඩුණද මන්ද"
  "ඔයාගෙනෙ හලෝ වැරැද්ද.දොර ලග ඉදගෙන මොන මගුලක්ද කලේ.‍ඇහැට පේන්නෙත් නෑ බටු ඇටේ වාගේ"
      "අනේ යනවා යන්න.මෝඩයා හිතන් ඉන්නේ මහ ලොකු මිනිහා කියලනෙ."
      "ලොකු මිනිහා තමයි.දැක්කෙ නැද්ද ඇගේ හැපිලා යාර ගානක් විසික් වුනේ."
      ඇසළ මහ හඩින් සිනාසෙන්නට විය.ඒ වනවිටද සදුනිගේ වමත මදක් ඉදිමී තිබුණි.
     "බලනවා බූරුවා මගෙ අතත් ඉදිමිලා"
    සදුනි නොක්කාඩු හඩින් කීවාය.
 "කෝ බලන්න මගෙ සුදු අක්කගෙ අත.අනේ පව් අනේ මෙන්න අත ඉදිමිලා.මම තෙල් ටිකක් ගාන්නද"
      එවිට නම් සදුනිට යකා නැග්ගාය.ඇසළ එසේ කීවේ විහිලුවක් කරන්නට සිතා ය.
      එහෙත් ඉදිමී තිබූ අත දුටු විට ඔහුටද ඇය ගැන දුක සිතිණි.
     "අනේ මේ තමුසෙගෙ තෙල්.මම අයියා අවාම බාම් ටිකක් ගාගන්නම්"
     "ආ ඒකයි මෙයා මේ බලෙන්ම අත කඩාගත්තෙ.අයියට කියලා බාම් ගාගන්න තියෙන ආසාවට.හා හා ගාගන්නවකො එහෙනම් අද බාම්"
     "තමුසෙට මම" 
    සදුනි අත මිට මොලවා ගෙන ඇසළට ගැසීමට ඔහු දෙසට පනිනවාත් සමගම ඇසළ කාමරයෙන් එලියට පැන්නේ දොර රෙද්දත් ගලවාගෙනය.එවිටනම් සදුනිට සිනහ නැගින.
     "ඇයි මල්ලි දුවන්නේ ෆෝන් එක එපාද"
     ඇසළට තම ජංගම දුරකථනය සිහි වූයේ ද එවිටය.
    "කෝල් එකකුත් ආවා. කවුද මන් ද කෙල්ලෙක් කතාකලේ"
  කියමින් සදුනි ඇසළට ජංගම දුරකථනය පෑවාය.
 "තමුසෙත් මාර කතානෙ අක්කෙ කියන්නෙ.අපි වගේ කොල්ලන්ට ඉතින් කෙල්ලො ඇර කොල්ලො කෝල් කරන්නද"
   ඇසල එය සාක්කුවේ දමාගෙන නිවසින් එලියට පැමිණ යතුරුපැදියද පනගන්වා නිවසින් නික්මුණි.


 ඇසළ කඩවතට ලගාවනවිටත් උදෑසන 10 පසුවී තිබුණි.විජේමාන්න මහතා කාර්‍යාලයට වී මදක් කෝපයෙන් සිය වැඩකටයුතු වල නිරත විය.උදෑසන 9ට පැමිණෙන ලෙස දැන්වුවද තාමත් ඇසළ නොපැමිණීම පිළීබදව ඔහු සිටියේ මහත් කණස්සල්ලෙනි.
     "ගුඩ් ‍මෝර්නින් තාත්තෙ.‍ඔන්න මම වෙලාවටම ආවා"
 "හොද වෙලාව.මම කියටද පුතා ඔයාට එන්න කිව්වෙ.දැන් බලනවා වෙලාව.පැයකටත් වඩා පරක්කුයි.අනිත් මිනිස්සු වැඩ පටන් අරගෙන.තමුන් මේකෙ වැඩකරනකොට හරියට වෙලාවට වැඩකරන්න ඔනෙ තේරුණාද?"
      විජේමාන්න මහතා මදක් කෝපයෙන් යුතුව කියාගෙන ගියේය.ඇසළ කොපමණ සෙල්ලක්කාර වැඩ කළ ද තමාගේ වචනයට ඉහලින් කිසිවක් නොකරන බව විජේමාන්න මහතා හොදින් දැන‍සිටියේය.එහෙයින් ඔහුට සුලු දඩුවමක් දිය යුතුයයි ඔහු සිතා ගත්තේය.
    "හරි හරි තාත්තේ සුලු ප්‍රමාදයක්නෙ වුණෙ."   
   "හොද සුලු ප්‍රමාදය.මම පැයක් බලන් හිටියා"
   "හරි දැන් ඉතින්  මට මොක්කද මෙතන කරන්න තියෙන වැඩේ.හැබැයි ඉතින් මම තාම පොඩි එකා"
   මදක් කග්පනා කල විජේමාන්න මහතා එහි සිටි අලෙවි සහායක ප්‍රනාන්දු ඇමතුවේය.
   "‍ප්‍රනාන්දු, අද දෙන්නෙක් නිවාඩු ගත්ත එකේ මේ ඇසළව ගන්න ෂොප් එකේ වැඩට.වැඩ ගැනත් කියලා දෙන්න"
    ඇසළගේ මුහුණ සැනෙකින් අදුරු විය.
   "සර් මේ ඇසළ බේබිව"
   "ඔව් ඔව් අයිසෙ සිංහල තේරෙන්නෙ නැද්ද.දැන් එක්ක යනවා"
   "අනේ තාත්තෙ මේ මම"
   ඇසළ සිය පියා ඉදිරියේ බැගැපත් විය.
   "වෙලාවට ආවනම් ඕක වෙන්නෙ නෑනෙ.දැන්වත් වැඩේ හරියට කරනවා නැත්තම් හෙටත් ඔකමයි වෙන්නෙ පුතා.තේරුණාද"
   ඇසළ හිස වනා  බිම බලාගෙන ප්‍රනාන්දු පසුපස ඇදෙන්නට විය.


   "‍ඇසළ බේබි දැන් බේබිට කරන්න තියෙන්නෙ මෙච්චරයි"
   "මට දැන් බේබි කියන්න එපා හලෝ.නැත්තං මෙතනට එන උන් හිතයි මම බබෙක් කියලා"
   "හොදයි එහෙනම් ඇසළ මහත්තයා කියන්නම්කො"
   "මහත්තයා........? පිස්සුද හලෝ දැන් අපි දෙන්නම එකම තත්වෙ."
   ඇසළ එසේ කීවිට ප්‍රනාන්දුටද සිනහ නොවී සිටිය නොහැකි විය.දෙදෙනාම සිනාසුනා මිස විජේමාන්න මහතා ඔවුන් අතරට එනතුරුම එක් අයෙකුවත් ඔහුව දුටුවේ නැත.
 "ප්‍රනාන්දුට පොඩි කාලෙ මතක් වුනාද.එහෙම නැත්නම් ඇසළ ප්‍රනාන්දු කියන විදියට වැඩ කරන්නෙ නැද්ද"
     "නැ සර් මේ ඇසළ බේබිට වැඩ ගැන කියා දෙන ගමන්"
     "හා හා හොදයි.ඕක මහ දෙයක් යැ.ඇසළ පුතා මෙන්න මේ සාප්පුවට එන මිනිස්සුන්ට අවශ්‍ය ඇදුම් තෝරල දෙන එකයි කරන්න තියෙන්නෙ.වැඩේ හරියට කරනවා තේරුණාද?එහෙම නොවුනොත් දිගටම මෙහෙම ඉන්න වෙයි"
  විජේමාන්න මහතා මදක් සැරෙන් පවසා යන්නට ගියේය.තමාට සිදුවූ කැරුමය ගැන සිතමින් ඇසළ සාප්පුවේ පසෙකට වී කල්පනා කරමින් සිටියේය.
 මද වෙලාවකින් යුවතියන් කිහිපදෙනෙක් සාප්පුවට පිවිස ඇදුම් තෝරන්නට විය.ඇසළ ලැජ්ජාවෙන් යුතුව අනෙක් පස බලමින් ඇදුම් අතපත ගෑවේ ඔහු දන්නා හදුනන කවුරුන් හෝ සාප්පුවට ගොඩවෙතැයි සිතුන බැවිනි.එසේ පැමිණියහොත් තමුන්  තමාගේම ඇදුම් සාප්පුවෙහි සේවකයකු ලෙස කටයුතු කරන බැව් සියල්ලන්ම දැන ගන්නා බව ඇසළට කල්පනා විය.එසේ වුවහොත් සිදුවන්නෙ විලිලැජ්ජාවකි.
     "එක්ස්කියුස් මී .අපිට මේ බ්ලවුස් එකෙ වෙන කලර් එකක් බලන්න පුලුවන්ද"
     

Sunday, February 20, 2011

1 ඔය ඇස් අමතක වෙන්න නම් (දෙවන කොටස)

             "පිස්සා" යයි තමාටම ඇසෙන සේ කියමින් සදුනි ආපසු හැරී නිවස තුලට ගිය අතර ගුණපාල ගේට්ටුව වසා දැමීමට සැරසුණි.
   ලයිසම්මා කෑම මේසය අස් කරමින් සිටිනු දුටු සදුනි එදෙසට පියනැගීය.
"අද ඇසළ බේබි හරි ලස්සනයි නේද ලොකු බේබි"
          සදුනි එදෙසට එනු දුටු ලයිසම්මා ඇසුවේ කරමින් සිටි කාර්යද මදකට නවතාලමිනි.
"ඇයි ලයිසම්මා අහගත්තෙ චූටි බේබිගෙන් ලස්සනද නැද්ද කියලා"
           සදුනි ඔලොක්කුවට මෙන් තරමක හඩකින් සිණාසුනාය.
            "අප්පේ ඔව් ලොකු බේබි මං හිතුවෙ  චූටි බේබිට හොදටම කේන්ති යයි කියලා.මං ඉතින් වරදක්යැ ලොකුබේබි ඒ වෙලාවෙ චූටි බේබිට කිව්වෙ?අනේ මන්ද ඉතින් අද කාලෙ හැදෙන ලමයි.හොදක් කිව්වත් තරහා යනවා."
                ලයිසම්මා නෝක්කාඩු ස්වරයෙන් කී විට සදුනිට ඇය ගැන ඇතිවූයේ මහත් වූ අනුකම්පාවකි.
             නිවසේ මුලුතැන්ගෙයි මෙහෙකාරිය වූ ලයිසම්මා වුවද නොසතුටින් සිටිනු දැකීමට සදුනි අකමැති වූවාය.මන්ද යත් සිය මව තමා හා මල්ලී කුඩා වියේදීම තනිකර දමා වෙනත් සැමියකු සමග පැනගිය පසු ලයිසම්මා විසින් ඇසළට හා තමාට ආදරණීය මවක මෙන් සැලකූ අයුරු සදුනිට කිසි දිනකත් අමතක නොවේ. ලයිසම්මා හිත හොද ගැහැණියක් බව සදුනි කුඩාකල සිටම දැන සිටියාය.එහෙයින් ඇය ලයිසම්මාට ද බෙහෙවින් කාරුණික විය.
                     "ඒ ගැන එච්චර හිතන්න එපා ලයිසම්මෙ මල්ලී ඔය ගියාට හිතේ සතුටින් නෙමෙයි ගියෙ.මොකද එයා දන්නවනෙ දැන් ඉස්සර වගේ නටන්න ලැබෙන්නෙ නෑ කියල තාත්තා එක්ක වැඩකරනකොට.ඒ කයි ඒ වෙලාවෙ ටිකක් තරහින් හිටියෙ"
             "අනේ ඒක හොදයි ලොකු බේබි.නැත්තන් මේ චූටි බේබි යාලුවොත් එක්ක එකතුවෙලා නිකං නාස්ති වෙනවා.එදා රෑ අර දහජරාව බීගෙන ආපු වෙලාවෙ මමනම් හිතුවෙම ලොකු මහත්තයා චූටි බේබිව හමගහයි කියලා.එදා රෑ කී සැරයක්නම් වමනෙ දැම්මද.පව් මට දුකත් හිතුනා."
               "දිරවගන්න බැරි මල ජරාව මොකට බොනවද දන්නෙ නෑ ලයිසම්මෙ.ඉන්නකෝ අයෙ එහෙම එයා ඔය ජරාව කටේ තියල තිබ්බොත් මේ පාර එයාව හම ගහන්නෙ මං. ආයෙ කටේ තියන්න හිතෙන්නැති වෙන්න මං එයාට කරන්නම්කො හොද වැඩක්.තාත්තනෙ මෙයාව හුරතල් කරන්නෙ දාගෙන"
                 සදුනි තරමක් කෝපයෙන් වුවත් ඉතා පැහාදිලි ලෙස කියා ගෙන  ඉහල මාලයට යාමට පඩිපෙල නගින්නට වූවාය.කෙසේ වෙතත් සදුනි සිය මල්ලීට බෙහෙවින් ආදරය කරනු දැකීම ගැන ලයිසම්මාට ඇතිවූයේ අවන්කවම සතුටකි.
                  සදුනි තමන්ගේ කාමරයට යන අතර තුරදී සිය මල්ලීගේ කාමරයද අස් කළයුතුයයි සිතුවාය.වහාම ඇසළගේ කාමරයෙහි දොර ඇරගත් ඇය කොස්ස ගෙන බිම අමදින්නට විය.හදිසියේම ඇසළගේ ඇදෙහි කොට්ටය ආසන්නයේ තිබූ ඇසළගේ ජංගම දුරකථනය සදුනිගේ නෙත ගැටිණි.
                "හානේ මේ මෝඩයා මොබයිල් එක අමතක කරලා ගිහිල්ලනේ දැන් මොකද කරන්නනෙ?"
                 සදුනී තනියම සිතමින් සිටින අතර තුර පහල ගේට්ටුව විවර වන හඩ ඇයට යාන්තමට  ඇසිනි.
           

        යතුරු පැදිය පණ ගැන්වූ ඇසළ අක්කාට අතවනා නිවසින් පිටවිය.‍තමා ගේට්ටුවෙන් පිටවනතුරුත් අක්කා තමා දෙස බලමින් සිටිනු ඔහු දුටුවේ යතුරුපැදියේ වූ පැති කණ්නාඩිය තුලිනි.
                       ඇසළ යතුරු පැදිය සමගි මාවතට හරවා වේගයෙන් ඉදිරියට ධාවනය කළේය.සිය අක්කාගේ වදන් සිහිය‍ට නැගුණු විට යතුරු පැදීයේ වේගය මදකට අඩු වුවද නැවතත් පෙර පරිදිම ධාවනයෙහි යෙදුණි.
                       විජේමාන්න මහතා සිය කාර්යාලයට ඇසළට පැමිණෙන ලෙස පැවසූයේ උදෑසන 9ට වු වද උදෑසන 9.10 වනතුරුත් ඇසල පැමිණියේ නැත.තම රාජකාරිය නිසි වෙලාවට කිරීමට පුරුදු වී සිටි විජේමාන්න මහතා තවත් කෙනෙකුගේ වැඩ අතපසු වීමක් වූ විට තරමක් කෝප වෙයි.
                          මදක් කල්පනාකල විජේමාන්න මහතා මේසය මත වූ ස්ථාවර දුරකථනයෙන් ඇසළගේ ජංගම දුරකථනය ඇමතුවේය.ස්වල්ප වේලාවක් ගතවීමෙන් පසු ඇසළ වෙනුවට දුරකථනයට අනෙක් පසින් සදුනි විසින් පිලිතුරු දුන් විට විජේමාන්න මහතා තවත් කෝපවිය.
                         මදක් දුකට පත්වූ සදුනි සිදුවූ සියල්ල විජේමාන්න මහතාට දන්වා සිටි අතර ඇසළ ජංගම දුරකථනයද අමතක කර නිවසින් පිටත් වූ බව ද දන්වා සිටියාය.එය ඇසීමෙන් පසු විජේමාන්න මහතා මදකට හිත සනසුන් කරගත්තේය.
                            සමගි මාවත ඔස්සේ යක්කල පාරට පැමිණි ඇසළට යක්කල මහා මාර්ගයට ඇතුලු වීමට ද ඉඩක් නොලැබිණි.
"අඩෝ ජොනියා කොහෙද මේ යන්නෙ ජන්ඩි පහට ඇදගෙන????"
                     හදිසියේම පැමිණි චතුර සහ දුමින්ද  එක වරම ඇසළගෙන් විමසූහ.
                     ඇසළ බාහිර පෙනුමින් ඉන්දියාවේ සිනමා නලුවෙක් වන ජෝන් ඒබ්‍රහිම් ගේ රුවට සමානතාවයක් දක්වන බැවින් කුඩා කල සිටම සිය යාලුවන් ඇසළව හැදින්වූයේ ජොනියා යන අනවරථ නාමයෙනි.මුල් දිනවලදී ඔහු එය‍ට අකමැති වුවද පසුව එය ඔහුගේද විනෝදාංශය විය.
"අම්මටසිරි ඩුමියා.කොහෙද මේ ටුටුවව එක්කගෙන යන්නෙ?"
    පිළිතුරු දෙනු වෙනුවට ඇසළද යලි ප්‍රශ්නයක් ඇසුවේය.
                    දුමින්දට ඩුමියා ලෙස  මිතුරන් අමතන අතර, චතුරව අමතන්නේ  ටුටූ යන නමිනි.මන්දයත් ටුටූ යනු චතුර‍ගේ නිවසේ හුරතලේට ඇතිකරනු ලබන බල්ලාගේ නමයි. 
                       "ඒක නෙමෙයි මචං ඇසළ උඹ කොහෙද මේ මනමාලයා වගේ කිට මරාගෙන?කෑල්ලක් වත් සෙට් උනාද?"
                          "උඹට පිස්සුද යකෝ.මම මේ තාත්තගෙ ඔෆිස් එකට යනගමං.තොපි දෙන්නත් කොහෙදෝ ඉදන් කඩාපාත් උනානෙ මගේම කරුමෙට."
          "එළ එළ සනා එහෙනම් යන්න ආපු ගමන පලයන් ඉක්මනට සෙට් වෙමු ආ..........හ්"
                     "ඕකේ මචං අපි ගියා"යි කියූ ඇසළ නැවතත් යතුරු පැදිය පණගැන්වීය.හදිසියේම ඔහුට යමක් මතක් වී කලිසම් සාක්කුවට අතදමා මොනවදෝසොයන්නට විය.
"අයියෝ මල ‍මගුලයි.මම මොබයිල් ෆෝන් එක දාලා ඇවිල්ලනේ.දැන් මොකද කරන්නේ?"
                         මදක් කල්පනා කල ඇසළ යතුරු පැදිය ආපසු හරවා ධාවනය කලේ තම නිවස දෙසට ය.

Sunday, February 13, 2011

4 ඔය ඇස් අමතක වෙන්න නම් (පළමු කොටස)

"ඕයි මල්ලි  නැගිටනවා.තමුසෙ අද යන්නෙ නැද්ද?තාත්තා කියල ගියෙ උදේම ඇහැරවල එවන්න කියල."
     සදුනි සිය මල්ලීට උදෑසන තේ කෝප්පයද රැගෙන කාමරයට පිවිසියාය.උදෑසන හත පසුවී තිබුන ද ඇසල තාමත් ඇදෙහි වැතිර නින්දත් නොනින්දත් අතර සිටියි.
"මොන කරදරයක්ද ඕයි මේ උදේ පාන්දර.ටිකක් ඉන්නවකො වද නොදී.".
ඔහු නැවතත් අනෙක් පසට හැරී ගුලිවූයේ හිතේ තිබූ නොමනාපයද පිටකරමිනි.ඇසල නම් දැන්ම නැගිටින පාටක් නැත.
   ඇසල ප්‍රභාෂ්වර විජේමාන්න වූ කලී තවමත් විසි එක්වන විය නොඉක්මවු කෙලිලොල් කඩවසම් තරුණයෙකි.ඔහු ඇසල ගාමන්ට්ස් හි අධිපති ගුණතිලක විජේමාන්න ගේ එකම පුත්‍රයාය.මුදල් හදල් අතින් කිසිදු අඩුවක් නොතිබුනද විජේමාන්න මහතා ගතකලේ හුදකලා ජීවිතයකි.සිය බිරිද දරුවන් කුඩා අවදියේදීම වෙනත් පුරුෂයකු හා විවාහ වී වෙනත් රටකට ගොසිනි.විජේමාන්න මහතා සිය දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැප කලේය.එහෙයින් නැවතත් විවාහ වීමට ඔහුගේ මාපියන් හා නෑදෑයින් විසින් ගෙනෙන ලද සියලු විවාහ යෝජනා ඔහු විසින් ප්‍රතික්ෂේප කළේය.සදුනි වත්සලා විජේමාන්න ඔහුගේ වැඩිමල් දියණියයි.ඇය වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ තරිදු ගුණවර්ධන සමග විවාහ වී සිටියි.තරිදු සහ සදුනි වාසය කලේ ද විජේමාන්න නිවසෙහිය.
           සදුනි සිය මල්ලීට බෙහෙවින් ආදරය කලාය.නිවසේ සේවයට මෙහෙකරුවන් තිදෙනකු සිටිය ද ඇසලගේ සියලු ඕනෑ එපාකම් ඉටුවූයේ සදුනි ගේ අතිනි.ඇසලට මව නැති අඩුපාඩුව නොදැනෙන ලෙස සියලු ඔනෑ එපාකම් ඉටු කිරීමට සදුනි උත්සාහ ගත්තාය.
"මල්ලි දැන් අටටත් ලගයි.නැගිටින්නෙ නැද්ද?තාත්ත කිව්ව නවය වෙනකොට එවන්න කියලා.දැන් නැගිටලා මේ තේ එක බීලා ඉක්මනට ලෑස්ති වෙන්න"
එවරනම් ඇසල ඇයගේ බසට කීකරු වූ බවක් පෙනුනි.ඔහු වහා ඇදෙන් නැගිට නාන කාමරට ගොස් දොර වසා ගත්තේය.
   කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස්පෙල හමාර කල ඇසල මේ වනවිට සිය පියාගේ ධනය වැය කරමින් යහලුවන් සමග විනෝදයෙන් කාලය ගතකරමින් සිටී.සිය විසිවෙනි උපන්දිනයට පියාගෙන් ලැබුන නවීන පන්නයේ සිත්ගත් යතුරු පැදිය ද ඊට මහත් රුකුලක් විය.
   ඇසල තම ව්‍යාපාර කටයුතු සදහා සම්බන්ධ කර ගත යුතු බව විජේමාන්න මහතා විසින් තීරණය කරනු ලැබුවේ ඉකුත් සතියේ ය.ඒ තම පුතා යහලුවන් සමග රස්තියාදුවේ ගොස් විනාශ වේ යයි දැනුණු බිය නිසාය.ඇසල ඉකුත් සතියේ ඔහුගේ යහලුවකුගේ නිවසක තිබූ උත්සවයකට සහභාගි වී යලි නිවසට පැමිණියේ බී මතිනි.විජේමාන්න මහතා සිය පුතාට ඒ ගැන තරවටු කිරීමක් නොකලද සිටියේ ඒ පිළීබදව බොහෝ කණස්සල්ලෙනි.
"ලයිසම්මා,ඇසල බේබිට කන්න කෑම මේසෙ ලෑස්ති කරන්න"
සදුනි නැවතත් ඇසලගේ කාමරයට පැමිණියාය.
"ෂහ් මල්ලිගෙ ලස්සන අද.දැන්නම් රස්තියාදුකාර පාට ගිහින් වැදගත් මහත්තයෙක් වගේ පේනවා"
සදුනි එසේ කීවේ ඇසලගේ ‍කමිසයේ කොලරය සකසන ගමන්ය.
"අනේ නිකන් යනවා හලෝ.අපි කවදත් නියම මහත්තුරු තමයි"
"ඔව් ඔව් වැදගත් කම නිසා වෙන්න ඇති අර එදා රෑ හතර ගාතෙන් ආවෙ.තාත්තා මුකුත් නොකීවට හරිම හිතේ අමාරුවෙන් හිටියෙ.ආයෙ එහෙම ඔය මලජරාව කටේ තියනව නෙමෙයි.තේ‍රුණාද?"
"හරි හරි ඉතින් ‍වැදගත් අය අතින් පොඩි පොඩි මිස්ටේකස් වෙන්නැද්ද හලෝ"යි කියමින් ඇසල අක්කා මගහැර පඩිපෙල බැස්සේය.
ලයිසම්මා කෑම මේසය සකස් කරමින් සිටී.
"හප්පේ අද ඇසල බේබිගෙ ලස්සන"
"ලයිසම්මා අදද මාව දැක්කෙ.යකෝ මේක හරියට ඇසල ඉපදුන කාලෙ වගේනෙ"
ඇසලගේ මුහුණෙන් පළවූ නොරිස්සුම් ගතිය නිසාම ලයිසම්මා යලි කිසිවක් නොකීමට වගබලාගත්තාය.
   මුලුතැන් ගෙයි මෙහෙකාරිය වූ ලයිසම්මා මෙන්ම නිවසේ අනෙකුත් කටයුතු සොයා බලමින් සිටි ගුණපාල ද විජේමාන්න නිවසෙහි නිත්‍ය රියදුරු ලෙස සේවය කරන රංජිත් ද විජේමාන්න නිවසේ සේවයට පැමිණියේ ඇසල සහ සදුනි කුඩා අවදියේය.
"අක්කෙ කෝ තරිදු අයියා කන්නෙ නැද්ද"
"තරිදු අයියා ගියා මල්ලි උදේම හදිසි ලෙඩෙක් බලන්න තියෙනවා කියල"
"අන්න ඒකනේ අක්කා අපි වැඩිය ඉගෙන ගත්තෙ නැත්තෙ.බලන්න දැන් තරිදු අයිය කන කට්ට.හරියට නින්දක්වත් නෑ.ඒ වගේද අපි"
එවිට නම් සදුනිට තරමක කෝපයක් දැනිණි.
"ඔව් ඔව් මුකුත් නොකර යාලුවොත් එක්ක රස්තියාදු ගගහ ඉන්නවා.තාත්තත් මෙයාව හුරතල් කරනවනෙ.තමුසෙ ඔය මල ජරා යාලුවො එක්ක මොන මොන ජරා වැඩ කරනවද දන්නෙ නෑ.මට එදා සිගරට් ගදකුත් ආවා මං පව් කියලා නිකං හිටියෙ.ඉන්නවකො තාත්තට කියන්න"
එවර නම් ඇසලට පොලව පලාගෙන යාමට තරම් ලැජ්ජාවක් ඇතිවුණි.ඔහු ඉක්මනින් කඩල අහුරක් දෙකක් කා කෑම මේසයෙන් ඉවත් විය.
එය දුටු සදුනිට මල්ලී ගැන දුක සිතිනි.
"මල්ලී ඔය යන්නද හදන්නෙ?"
"ඔව් අක්කෙ නවයට තව විනාඩි විස්සයි"
ඇසල අක්කාගේ දෙපා නැමදීමට සූදානම් වෙමින් පැවසුවේය.

"හා හොදයි එහෙනම් පරිස්සමට යන්න.හෙමින් යන්න ඔනෙ තේරුණාද?මහත්තයෙක් වගේ.බුදුසරණයි"
ඇසල සිය යතුරු පැදිය පණ ගන්වා ගේට්ටුවෙන් පිටවන දෙස සදුනි බලා සිටියේ සිනා පිරුණු දෑසිනි.

Friday, February 11, 2011