Wednesday, March 23, 2011

18 මිනිසුන් පමණක් නොව ලොව සියලු සතුනට - ජීවත්වීමේ අයිතිය තිබේ මිහිපිට

      බලන්න මේ වීඩියෝ එක.මේක බලපු කෙනෙක්ගෙ ඇහැට කඳුලක් ඉනුවෙ නැත්නම් මම හිතන්නෙ ඒ ‍මනුස්සයෙක් නෙමෙයි.
         අපි හැමෝම අහාර ගන්නෙ ජීවත් වෙන්න.හැබැයි අපිට ජීවත් වෙන්න මේ ලෝකෙ ඉන්න තවත් සතෙක්ව මරන එක සාධාරණයිද? ටිකක් හිතලා බලන්න.මිනිස්සු වුණ අපිට වගේම මේ ලෝකෙ අනිත් සත්තුත් ආසයි ජීවත් වෙන්න.කවුරුත් මරණෙට බයයි.ඔයාලම හිතලා බලන්න ඔයාලට කෙනෙක් ගහනවට වත් ඔයාලා කැමතිද?නැහැනෙ.ඒ වගේම හැම සතෙක්ම ආසයි හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න.
          ඇයි අපි ජීවත් වෙන්න කියලා මස් කන්නෙ, අහිංසක සත්තුන්ව මරන්නෙ.අපිට මස් නොකා ඉන්න බැරිද?එළවලු වලින් විතරක් ජීවත් වෙන්න බැරිද?
          බලන්න මේ පින්තූර දිහා.අපි කවුරුත් කැමතිද ‍අපේ පවුලෙන් වෙන් වෙන්න.අම්ම තාත්තා අපිව දාලා යනවට අපි කැමතිද? අපිට ඇයි බැරි අපි ගැන හිතන විදියට මේ අහින්සක සත්තු දිහා බලන්න.චුට්ටක් හිතන්න.



  අම්මේ තාත්තේ චුට්ටක් හිතන්න.ඔයාලා කැමතිද ඔයාලගෙ දරුවන්ව , දෙමාපියන්ව වෙන කවුරු හරි අරන් ගිහින් මරනවට.ඔයාල වගේම තමයි අහින්සක සත්තුත්.එයාලත් කැමති නෑ එයාලව මරනවට.සත්තුත් කැමතියි හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න.
             බලන්න මේ සත්තු මැරෙන්නෙ කොච්චර වේදනාවක් විඳලද? ඒ වෙලාවට මරණ භයත් එක්ක ඒ සත්තුන්ගෙ සිරුරෙ හර්මෝන ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා.ඉතින් අපි මස් කනවා කියලා කරන්නෙ විස හුඟාක් අපේ ඇඟට දාගන්නවා කියන එක.

                බලන්න මේ ඉන්නෙ තිරිසනුන්ටත් අන්ත මිනිස්සු.අහින්සක එළදෙනුන්ගෙන් හරක්ගෙන් අපි කොච්චර වැඩ ගන්නවද? අපිට උදේට බොන්න කිරි ටික දෙන එකම මදිද? අපි ඒ සත්තුන්ට සලකන්නෙ මෙහෙමද? මේකද අපේ ලාංකිකයන්ගෙ කලගුණ සැලකීම.
          ඇයි අපිට බැරි මේ සත්තු මරන එක වලක්වන්න.අපි මුලින්ම කරන්න ඕනෙ අපි මස් ආහාරයට ගැනීමෙන් වලකින එක.ඒක කරන්න අමාරු දෙයක් තමයි අද සමාජෙත් එක්ක බලනකොට.අපි මුලින්ම පුලුවන් තරම් මස් කන එක නවත්තමු.මස් මාලු වෙනුවට එළවළු පළතුරු කන්න පුරුදු වෙමු.අපි ජීවත් වෙන්න ආසයි වගේම අනිත් සතුන්ටත් ජීවත් වීමේ අයිතිය ලබා දෙමු.හැමදාම මස් කාපු වැදි නායක වන්නිලැත්තන්ට පුලුවන් උණානම් ඇයි අපිට බැරි නිර්මාංශ ආහාර වලට පුරුදු වෙන්න.හිතන්න මේ අහින්සක සත්තුත් අපේ කියලා.
                    අපි අද ඉඳලා මස් මාංශ කන එක නවත්තමු.එක පාරටම ඒක කරන්න අමාරු ඇති.මොකද අද සමාජයත් එක්ක බැලුවම හුඟාක් තියෙන්නෙ මාංශ ආහාර.අපි උත්සාහ කරමු.අපි නිර්මාංශ වෙලා අනිත් අපේ යහලුවන්ට සහෝදර සහෝදරියන්ට පවුලේ උදවියට මේක කියලා දීලා එයාලවක් මේ පාපකර්මෙන් මුදවා ගමු.එක අපිටත් ලොකු පිනක්.


             උත්සාහ කරන්න.අපි අන් සතුන්ගෙ මස් ආහාරයට ගැනීමෙන් වළකිමු පුලුවන්තරම්.එහෙම වුණොත් අපේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා වගේම අපි ලොකු පවකිනුත් ගැලවෙනවා.
  මස් මාංශ ආහාරයට ගැනීමෙන් වලකිනවා වගේම සත්ව හිංසාවෙනුත් වළකින්න.අහිංසක සත්තුන්ට නිදහසේ හිරිහැරයක් නැතුව ජීවත් වීමේ අයිතිය ලබා දෙමු.
               මේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න.


"රන්කිරි බිව් කටින් එපා මලකුණු කන්න 
නිරෝගි පින්බර දිවියක හිමිකරු    වන්න"

18 comments:

  1. නියම කතාව සිංහලයා...බොක්කටම වදිනවා

    ReplyDelete
  2. මේකෙ තියන ටික සහතික ඇත්ත.ලංකාවෙ දවසකට කුකුල්ලු කීදෙනෙක් හරක් කීදෙනෙක් මරනව ඇද්ද?
    i

    ReplyDelete
  3. ප්‍රේම මනෝවිකාර වලින් ඔද්දල් වූ තරුණ සිතට ආදර්ශයක්.....
    ළපළු ගංතෙර ......

    ReplyDelete
  4. මේක නම් සහතික ඇත්ත.. ලංකාවෙ දවසකට කුකුල්ලු,හරක්,එළුවො, උරො කී දෙනෙක් මිනිස්සුන්ගෙ බත් පිගන් වලට එනවද? මිනිසුසු කියන්නෙ සත්තුන්ටත් වඩා අන්ත ජාතියක්.... තමන්ගෙ ළමයි ගැන හිතන ළමයි ගැන වෙහෙසෙන මිනිස්සුන්ට තේරෙන්නෑ සත්තුත් ඒ වගේමයි කියල... උපතින් බෙෘද්ධ කම ගාව ගත්තට වැඩක් නෑ....

    ReplyDelete
  5. niyamai machan. meka balalawath minissunge as arenawanam. me ahinsaka saththu nathi unanam minihata therei loke kochchara kathada kiyala. inna hindane age naththe
    Harsha

    ReplyDelete
  6. aththatama hoda deyak ban.
    minissunta mas kawe na kiyala mukuth wenn nane...

    ReplyDelete
  7. ඇත්තටම ඔයා හරි!අපි ජීවත් වෙන්න තව කෙනෙක් මරල හරි යන්නෙ නෑ!ඔබට ජය!

    ReplyDelete
  8. පට්ටම කතාව.සිරවටම අපේ මෝඩ මිනිස්සුන්ට මේ ටික තේරෙනව නම්..........................සිංහලයා සිරවටම ආනන්දෙට රටට අභිමානයක්......ඔහොම ඉස්සරහටත් හොද දේවල් ලියන්න..අපේ සුභ පැතුම්

    ReplyDelete
  9. එකගයි මිත්‍රයා.....
    තව හිතන්න ඕන ඒ ගැන...
    බොහොම ස්තූතියි...
    තෙැවන් සරණයි !

    ReplyDelete
  10. Ela..ela...niyamai akila malliyoo... mewa balala wath minissu oya thirisan wada nawathai ne...

    ReplyDelete
  11. oya kiyana eka shathika eththa malliya...mea loake minissunta wageama sathuntath jeewath wenna thamai mea gas wal wahugolaya hadila thiyennea. manussayaakiyala mansin usasa kiyala hanwadu gahgena meaa swabawa darmayama eyalage kiyala hithagena arthamarthakameewa hithala jeeawath wenna minisa purudu weala nisa thama eyalata sathun kiyanneth api wageaama jeewath wenna kemathi sathwa kottashayak kiyala denenne naththea...

    kohomath thamnge daruwo witharak gana hithanna purudu wela inna meyalatama owa theareawida malliya...namuth oya meaa karala thiyenne hoda uthsahayak.api uthsaha karamu hamoama mas keema awu karanna tiken tika.

    kawuru hary kiyawanwa nam mas mansa nathuwa kanna bonna baha kiyala eaka apeama wasiyata hada gaththa deyak .shareera shakkiya wadi wenna mas aharayata ganna kiywataelewlupalathuru kalath shakkiya wadi karaganna puluwan kiyala bara esaweemean loakawartha pihitawapu chinthak widangeaa
    oppu karala thiyenawa..
    eya elewalu witharak kalama kochchcra barak osawaka thiyenwada/eyage shareera shakkthiya naha kiyala kiyannapuluwanda ethakota..

    hada uthsahayak malliya meaka api ediriyata gana yamu meaka...oyath ekka math innwa.mea wageawada waladi malliaa..

    anuja dilani....

    ReplyDelete
  12. බොක්කටම වැදුනා බන්

    ReplyDelete
  13. well said.....ela ela.....hemooma mehema hitanawanam itin elama thama.....

    ReplyDelete
  14. MEVAGE DEYAK DENMATA OYATA HUGAK PIN.

    ReplyDelete
  15. niluka lewke bandaraMarch 26, 2011 at 9:12 AM

    malli, oya hemadamath anith ayata hithanna deyak denawa. meka kiyawala ape lankikayangen ekama ekkenek hari nirmansha unoth e pina oyata aithi wei..... thawa thawa usas nirmanakaranayata maga selasewa.....! obata jaya...... !

    ReplyDelete
  16. අරුණ නිරංජන්April 16, 2011 at 12:17 AM

    ඇත්තටම හිතට වදින ලිපියක් මල්ලී

    ReplyDelete
  17. godak hitata wadinawa....ada me wage hitana aya godak adui..

    ReplyDelete

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....