Wednesday, June 15, 2011

1 රත්තරං පුතේ....!!!

ඉන්ද්‍රානි නැන්දා වෙනුවෙන් ලියපු කවියක් මේක.එයාගෙ පුතා අපි අතරින් සමු අරගෙන දැනට වසර නවයක් වෙනවා.මේ කවි පන්තිය ලිව්වෙ එයා වෙනුවෙන්.අපි හැමෝම ප්‍රාර්ථනා කරමු එයාට නිවන් සැප ලැබේවා කියලා...........!!!



Sunday, May 8, 2011

8 අද මව් වරුන්ගේ දිනයලු..................



       ඉතින් හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරිඋනා. කතාව ලියන්නත් බැරි උනා. හුඟක් අය මගෙන් ඇහුවා ඇයි දැන් බ්ලොග් එකේ ලියන්නැත්තෙ කියලා. එහෙම අහනකොට හිතට පුංචි සතුටකුත් දැනෙනවා මගෙ බ්ලොග් එක කියවන්න ආසාවෙන් ඉන්න අයත් ඉන්නවනෙ කියලා. ඉතින්  eසිංහලයා  කියවන නොකියවන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ටික කාලයක් බ්ලොග් එක ලියන්න නොහැකි වීම ගැන. ඒ වගෙම හැකි ඉක්මනින් මං ලියන "ඔය ඇස් අමතක වෙන්න නම්" නව කතාවෙ මී ළඟ කොටස පලකරන්නත් මම උත්සහ කරනවා. මේ ටිකේ නම් මම ටිකාක් කාර්‍ය්‍ය බහුලයි.
       
      ඉතින් මම ඊයෙ නිදාගන්නකොට පාන්දර 3යි. ඒ නිසා අද ඇහැරුනේ දවල් 12ත් පහුවෙලා. ඊයෙ රෑ අක්කට CD වගයක් write කලා. මම ඉතින් සමාජ සේවය කරන අවංක දේශප්‍රේමියානෙ. 12ට විතර ඇහැරුන මම ටක් ගාලා මූණ කට හෝදලා කිරි එකකුත් හදාගෙන වාඩි උනා PC එකගාවින්. වාඩිවෙලා PC එකත් on කරලා FB ලොග් උනා.දන්නැද්ද ඉතින් අපේ job එක ඇවිල්ලා දවසෙම FB ඉන්න එකනේ.ලොග් වෙලා බැලුවා.මෙන්න මේ වගේ පොස්ට් වගයක් වැටිලා තියෙනවා දැක්කා home එකේ.

I love U mom.........

Happy Mothers Day!

අද මව්වරුන්ගේ දිනයයි...!!

          මෙන්න මේ වගේ පෝස්ට් හුඟ දෙනෙක්ගේ wall එකේ තියෙනවා මම දැක්කා.එතකොටයි මම දන්නෙ අද මව්වරුන්ගේ දිනය කියලා.ඇත්තටම ලාංකිකයො හැටියට අපිට මව්වරුන්ට.පියවරුන්ට සලකන්න ආදරේ කරන්න අවුරුද්දට එක දිනයක් වෙන් කරන්න ඕනද? මමනම් හිතන්නෑ. අපි හැමදාම අපේ මව්පියන්ට අපිට හැකි උපරිමයෙන් ආදරෙ කරන්න ඔනේ.සලකන්න ඕනේ.අපි ඒකට දවසක් වෙන් කරගෙන අම්මලට තෑගි/බුලත් දීලා වැඳලා එදාට හරියට ආදරේ කරනවා. අනිත් දවස වලට අම්මා උන්නද මලාද කියලවත් බලනවද? අපේ හුඟක් අය කරන්නෙ ඔය ටික තමයි.



     වැඩිහිටියන්ගේ දිනයට ලංකාවෙ තියෙන වැඩිහිටි නිවාස හොය හොයා ගිහින් පරිත්‍යාග කරනවා ගෙදර අසනීපෙන් ඉන්න අම්මව නාවන්න, කවන්න, පොවන්න තියා අඩු ගානෙ දවසට වචන කීපයක් හරි කතාකරන්න වෙලාවක් තියෙනවද ? ටිකක් හිතලා බලන්න. අපේ අම්මලා තාත්තලා අපිට ආදරේ කලේ සැලකුවෙ ලෝක ලමා දිනය දවසට විතරද? නෑ වදාපු අම්මයි හදාපු තාත්තයි අපි ඉපදුන දවසෙ ඉඳලා අපිට ආදරෙන් හිටියා , අපිට සලකපු හැටි තමන්ම හිතලා බලන්න. එයාලා අපි වෙනුවෙන් කී වේලක් කුසගින්නෙ ඉන්න ඇති ද ? ඉතින් එයාලා වයසට ගියාම ගෙවල් වල කාමර වල තනිකරලා තියන එක හරිද ? සමහර මිනිස්සු තමන්ගෙ අම්මව තාත්තව සමාජයට පෙන්නන්නෙ නෑ ලැජ්ජාවට. එයාලව ගෙවල් වල හිරකරලා.හැබැයි සමාජයට පෙන්නන්නෙ හොඳ වැදගත් උදවිය විදියට. මෙන්න මේකයි දැන් අපේ ශ්‍රී ලාංකික කම.




          මම කියන්නෙ දෙමාපියන්ට සලකන්න එක දිනයක් වෙන් කරන්න එපා.අපි ශ්‍රී ලාංකිකයො.අපි අවුරුද්දෙ හැමදාම එක වගේ අපිට උපරිම අයුරින් අපේ මවට පියාට සලකන්න ඕන. ආදරේ කරන්න ඕන. හැකි අයුරින් ඔවුන්ව රැක බලාගන්න ඕනෙ. එහෙම නැතුව ගෙදර ඉන්න තාත්තව, අම්මව ලෙඩ උනාම ඇඳට උනාම කාමරේට දාලා මව්වරුන්ගේ දිනයට වැඩිහිටි නිවාස හොය හොය ගිහින් දාන දුන්නට වැඩක් නෑ. අපි හැමෝම දෙමව්පියන්ට ආදරේ කරනවනම් සලකනවනම් ඔවුන්ව රැක බලාගන්නවනම් අවුරුද්දේ හැමදාමත් මව් වරුන්ගේ දිනය වෙයි. එයාලට ඒකෙන් දැනෙන සතුට කොච්චරද? හිතලා බලන්න.එහෙම උනානම් අද තියෙන වැඩිහිටි නිවාස එකසිය අනූගානම නෑ නේද? දැන්වත් හිතමු.අපි අපේ යුතුකම ඉටුකරමු. වයසට ගියත් මේ ඉන්නෙ අපේ අම්මලා තාත්තලා.අපි එයාලට සලකමු.ගරුකරමු.ආදරේ කරමු හැමදාම.එහෙම උනොත් නුදුරු අනාගතයේ දී ලංකාවෙ වැඩිහිටි නිවාස හුඟාක් අඩුවෙයි..................





Saturday, April 16, 2011

1 විරහව.....!

හොඳම යෙහෙලියකගේ ආරාධනාවෙන් ලියූ කවියක්........
මම අකමැතිම මාතෘකාවක් විරහව...ඒත් ආදරය ගැන ලියනකොට විරහව ගැනත් ලියන්නම ඕන.

හුඟක් අය කියන්නෙ ආදරය ගැන ලියවෙන ඒවට වඩා විරහව ගැන ලි‍යවෙන දේවල් ලස්සනයි කියලා..විරහව ගැන මම ලියපු පලවෙනි කවිය මේක.ඔයාලා කියවලා කොපමණ දුරට සාර්ථකද කියලා ඔයාලම මට කියන්න........



Thursday, April 14, 2011

Wednesday, April 13, 2011

Thursday, April 7, 2011

5 ඔය ඇස් අමතක වෙන්න නම් (හත්වන කොටස)




අයියෝ මොන වදයක්ද මන්ද ටිකක් නිදහසේ ඉන්න දෙන්නෙම නෑනේ.මුන් දෙන්නම එකයි අප්පායි තමාටම කියාගත් ඇසළ පඩිපෙල බැස පහත මාලයට ගොඩවිය.

ආ මල්ලි කන්නෙ නැද්ද දැන්ම
දැන්ම කන්න බෑ අයියෙ.තාම ඇහැරුණ ගමන්නෙ
මල්ලිට අද ස්පෙෂල් වැඩ මුකුත් නෑනෙ නේද?
නෑ අයියෙ තාත්තා අද එන්න කිව්වෙත් නෑනෙ
වැඩ මුකුත් නෑ කිව්වට අද ශාලිකාවත් එනවා කිව්වද දන්නේ නෑසඳුනි කතාව මැද්දට පැන්නාය.
යකෝ ශාලිකා ගැන මටවත් නැති අමාරුවක්නෙ මෙයාට තියෙන්නෙඇසළ කීවේ කේන්තියෙනි.
හා හා ඇත්තද සුදු මල්ලියෙ.ඕකට තමයි කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියලා.දැක්කද තරිඳු බළලා පැන්න හැටි මල්ලෙන්
‘හුටා නොදකින් මගෙ කට,මොන මගුල් කියවෙනවද දන්නෙ නෑ,කටටත් බ්‍රේක් නෑනෙ අම්මපා.දැන් දීපන්කො උත්තර’ඇසළ තනිවම සිතුවේ මොහොතකට පෙර තමාගේ කටින් පිටවූ වැරදි වචන කිහිපය ගැනයි.
“සඳුනි බේබිව හම්බවෙන්න කවුද ඇවිල්ලා”යි කියමින් ගුණපාල කෑම මේසය අසළට පැමිණියේය.
හායි සඳුනි අක්කා කොහොමද හුඟ කාලෙකින්
සඳුනි නිවසේ ඉදිරිපසට යාමටත් ප්‍රථම ශාලිකා නිවස තුලට පැමිණ සදුනිව වැළඳගත්තාය.
ඇසළ මෙ බලන්න ඔයාගෙ යාලුවෙක් ඇවිත් තියෙන්නේකියමින් සඳුනි ශාලිකාත් කැටුව කෑම කාමරය දෙසට ඇදුනාය.
මලා ඉවරයි.දැන් ඉතින් කාලා වරෙන්කෝ.මේකි මේක අස්සටත් රිංගුවනේ.අයියෝ මාවමයි කන්න එන්නේශාලිකා දුටු ඇසළ තමාටම මුමුණා ගත්තේය.
“හායි ඇසළ ගුඩ් මෝර්නින්.මේ දැන් වගේ ඇහැරිලා තියෙන්නෙ”
“අනේ නෑ මම මේ තාම නින්දෙ ඉන්නෙ”යි කියමින් ඇසළ අසුනින් නැගිට උඩුමහලට යාමට සැරසුණි.
බලන්නකො අක්කි මෙයාගෙ තියෙන ගෑස්.අපේ ෆොටෝ නම් උස්සන් එනවා ඒකට මොකද
ශාලිකා කට හදමින් කීවාය.
“ඉතින් නංගි මොකද මේ උදේ පාන්දර කුකලත් අරගෙනම”සඳුනි කතාව වෙනතකට හැරවීය.
“කුකුලා අපිට ගස්සලා ගියෙ ඔය කාමරේට”
ශාලිකා‍ගේ කතාව සඳුනි මෙන්ම තරිඳුවද සිනහා ‍ගැන්වීය.
“ගනන් ගන්න එපා නංගි.ඔය උදේ ඉඳන් මගෙත් එක්ක තරහින් ඉන්නෙ”සඳුනි ඇඟට පතට නොදැනී කීවාය.
“ඉඳගන්නකො නංගි.ඉතින් කියන්නකො කොහෙද මේ උදේ පාන්දර යන්නෙ”
සඳුනි ඇසුවේ ශාලිකාට ඉඳ ගැනීමට අසුනක් දෙන අතරයි.
“මම මේ ක්ලාස් ගියා අක්කා.අද ක්ලාස් නෑ.ඉතින් මම මේ පැත්තෙ ආවා ඇසළත් ඉන්නවනේ”
“හා එහෙනම් හොඳයි දවල්ට කාලාම යන්න ඉන්න ඕනෙ තේරුණාද”
බලමුකෝ
බවලතුන් දෙදෙනාගේ සතුටු සාමීචිය මැද තරිඳු කෑම කා අවසන් විය.
“ඔයා කාලා ඉවරද තරිඳු.නංගි කෑම ටිකක් කමු.මට ඒකත් අමතක උනා”
“දැන් බෑ අක්කා.මම කාලා ආවේ.කෝ මේ ඇසළ”
“කාමරෙට ගියා නේද නිදිද දන්නෙත් නෑ.ඉන්න මම බලල එන්නම්”
“ඕනෙ නෑ අක්ක ඉන්න මම කතා කරගෙන් එන්නම්”දණහිස තරම්වත් දික් නොවූ කෙටි සායක් හැඳසිටි  ශාලිකා තරප්පු පෙල දිගේ දිව යන දෙස සඳුනි සහ තරිඳු බලා සිටියේ විශ්මයෙනි.
“මම කිව්වෙ මෙයාලගේ මොකක් හරි හොරයක් තියෙනවා.උදේ කෝල් කලේ මෙහෙ එන්න වෙන්න ඇති.හිටපල්ලකො මම අල්ලගන්නකන්”
සඳුනි තරිඳුට කීවේ ජයග්‍රාහි විලසිනි.
“ශාලිකා නරක කෙල්ලෙක් නෙමෙයිනෙ සඳු.හොඳ පවුලක වැදගත් ලමයෙක්.අපි හොඳට දන්න කියන උදවියනෙ.ඒ නිසා බයවෙන්න දෙයක් නෑනේ.තාත්තගෙ හො ඳම යාලුවගෙ දුවනේ”
“වැදගත්කම සේරම හොඳයි මට අල්ලන්නෙ නැත්තෙ මෙයාගෙ විලාසිතා තමයි.බලන්නකො අද ඇඳන් ඉන්න සාය.අඩියක් දිග නෑ”
සඳුනි නෝක්කාඩු ස්වරයෙන් කීවාය.
ඉතින් ඔයත් අඳින්නකො එහෙම.බලන්න කොච්චර ලස්සනද කියලාතරිඳු ඇසක් වසමින් කීවේ සඳුනිව ඇවිස්සීමටයි.
“ඔව් ඔව් එච්චරයි අඩු.ඔයිට හොඳයි නිකං හිටියනං.මම ගිහින් බලලා එන්නම් මෙලහටත් අපේ එකාට මොනා කරලද දන්නෙ නෑ” යි කියමින් සඳුනි කෑම මේසයෙන් ඉවත් වූවාය.
“සඳු මල්ලිට එන්න කියන්න මට එයාට කියලා වැඩක් කරවගන්නත් තියෙනවා.ඉක්මනට එන්න”
හිස වැනූ සඳුනි එතනින් ඉවත්ව ගියාය.

                            ***

‘මල ඇනේ අක්කා කියන්නා වගේ මේකද දන්නෙ නෑ කවද හරි මගෙ ඉරණම වෙන්නෙ.ඇඳන් ඉන්න ඇදුමෙ හැටි.අපේ උන් ඉස්සරහා මෙහෙම කෙල්ලෙක් එක්ක ගියොත් මට ටික දවසකින් වහ කන්නයි වෙන්නෙ.මදෑ අද ගෙදරට වෙලා ඉන්න හැදුවා.දැන් ඒකත් ඉවරයි’තනිවම සිතමිනි ඇසළ ඇ‍ඳෙහි වැතිරුනේ.
“එක්සියුස් මී..මම ඇතුලට එන්නද”කියමින් ශාලිකා ඇසළගේ කාමරයට ඇතුල් විය.
“හා ඇතුලට ඇවිල්ලා ආයෙ එන්නද කියලාත් අහන සිරිතක් තියෙනවද ශාලිකා හැබෑටම.අද මොකෝ අපිව මතක් වෙලා”
“අපිට නම් මෙහෙම හරි මතක් වෙනවා.මෙයාලා ඉතින් අපි උන්නද මලාද කියලවත් බලන එකක්යැ”ශාලිකා නෝක්කාඩු ස්වරයෙන් කීවාය.
‘මතක් වෙන්න වැඩේමයි’තමාටම කියා ගනිමින් ඇසළ ඇදෙන් නැගිට්ටේය.
“මල්ලී තරිඳු අයිය ඔයාට ටිකක් එන්න කිව්වා” සඳුනි කාමරයට ගොඩවැදුනේ එසේ කියමිනි.
“අයියෝ අක්කෙ නිදහසේ ඉන්නවත් දෙන්නෑ හලෝ තමුසෙලා”
“දැන් මෙයාට ලොකු නිදහසක් ඕනෙ වෙලා වගේ නේද ශාලිකා”කියමින් සඳුනි ඇසළට ඇසක් ගැසුවාය.
ඇසළ සිය සොයුරියට රවමින් කාමරයෙන් පිටතට පැමිණ පහත මාලය දෙසට ඇවිද යනවිට තරිඳු සිටියේ කෑම කා අවසන් වී පුවත් පතක් කියවමිනි.
“ඇයි අයියා කතාකලේ හදිස්සියක්ද?”


Friday, April 1, 2011

2 ජය ශ්‍රී - ශ්‍රී ලංකා(2).............!!!

Thursday, March 31, 2011

6 ජය ශ්‍රී - ශ්‍රී ලංකා.............!!!



මුලින්ම මම හැමො‍්ගෙන්ම සමාව ඉල්ලනවා මේ සතියෙ ඔය ඇස් අමතකවෙන්න නම් නවකතාවෙ හත්වන කොටස මේ වනතුරුත් පළ කිරීමට නොහැකි වීම ගැන.ඇත්තටම මේකයි උනේ.මගේ පුද්ගලික පරිගණකයේ සිද්ද වුන මොකක් හරි අවුලක් නිසා මට මේ ටිකේම බ්ලොග් එකට එන්න බැරි උනා.බ්ලොග් එක ලෝඩ් වෙන්නෙ නැතුව ගියා.දැන් ඒක හරි.නමුත් මම කතාවේ හත්වෙනි කොටස දාන්න කලින් ජයශ්‍රී-ශ්‍රීලංකා කියන මේ පෝස්ට් එක දාන්න තීරණය කලේ මේ වෙලාව වෙනකොටත් මේක දාන්න ප්‍රමාද උන නිසා.ඉතින් මේ දවස්වල අපි හැමෝම හිතන්නෙ ලෝක කුසලානය ගැන.කට්ටිය මේ ටිකේ මැච්  බලන්න ඇතිනේ.ඉතින් මේ පෝස්ට් එකත් අපේ ශ්‍රීලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන්...........!!



මුලින්ම කියන්න ඕනේ 26 වෙනිදා අපේ කොල්ලො දිනපු එංගලන්තය සමග පැවති තරගය ගැන.මැච් එක ගැන කියන්න තියෙන්නෙ ඒක සුපිරි කියලා.අපි එක කඩුල්ලක්වත් නැතුව මැච් එක වින් කලා.අපිට ගේමක් තිබුනෙම නෑ.හැබැයි අපේ කට්ටිය අතට ආපු කැච් බලන් ඉන්න කොට අත හැරිය.ඒ අතින් අපේ පන්දු රැකීම දුර්වලයි.අපි 2වෙනිදා තරගෙට මුහුණ දෙනකොට මේ හැමදේම හදාගෙන ඉන්න ඕනේ.ඒ වගේම එදා ඩිල්ෂාන් කරපු ක්‍රියාව ඇත්තටම අගය කරන්න ඕනෙ.ඩිල්ෂාන් තමන්ගේ ශතකය වාර්ථා කරලා තරංගට ශතකයක් වාර්ථා කරන්න ඉඩ ලබා දුන්න.ඒක තමයි අපේ ලාංකිකයන්ගෙ මනුස්සකම.

අපිට අපේ රටට ලොකු ආඩම්බරයක් ලබා දුන්න අපිට වගේම මුලු ලෝකෙටම වීරයෙක් වුණ අපේ මුරලි මේ තරඟාවලියෙන් පස්සෙ සිය ක්‍රිකට් ජීවිතයට සමු දෙනවා.අපේ ර‍ටෙන් විතරක් නෙමෙයි ‍ලෝකෙන්වත් ආයෙ ඒ වගේ අග්‍රගණ්‍ය පන්දු යවන්නෙක් බිහිවෙයි කියලා මම නම් හිතන්නෙ නෑ.මුරලිගෙ වාර්ථා කඩන්න ක්‍රීඩකයෙක් ආයෙ බිහිවෙන එකක් නෑ.මුරලි ඔබ අලුත් ඉතිහාසයක් හැදුවා.තව අවුරුදු සියයක් ගියත් මුරලි කියන නම ලාංකිකයන්ට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම අමතක වෙන එකක් නෑ.ඇත්තටම මුරලි ඔබ ලංකාවට ලබා දුන්නෙ ලොකු කීර්තියක්.මුරලි අයියා ඔයා අපිට හැමදාම වීරයෙක්.



අපේ නායක සංගා. 29 වෙනිද තිබ්බ නවසීලන්ත ශ්‍රීලංකා තරඟයේ වීරයා.එදා සංගා නියම විදියට ප්ලේ කලා.සංගා විතරක් නෙමෙයි ඩිල්ෂාන්, මැතිව්ස් , සමරවීර මේ හැමෝම හොඳට ක්‍රීඩා කලා.තරඟය අවසානයේ සංගා අපේ හඬින් මුලු ලෝකෙටම ඇහෙන්න අපේ ප්‍රේක්ෂකයන්ට ස්තූති කලා.සංගා එයාලව අමතක කලේ නෑ වගේම එයාලත් අපේ කණ්ඩායම එක්ක දිගටම ඉන්නවා.අප්‍රියෙල් දෙවෙනිදා ලාංකික හැමෝම ටීවී එක ඉස්සරහින් හෙලවෙන්නෙ නැතිවෙයි.අපි හැමෝගෙම පැතුම දෙවෙනි වතාවටත් ලෝක කුසලානය ලංකාවට ගේන එක.අපේ සිංහ පැටවුන්ට ඒක මහ ලොකු වැඩක් නෙවෙයි.

සංගා, මහේල, ඩිල්ෂාන්, තරංග, මාලිංග, මුරලි, කුලේ, වාස්, චාමර,සමරවීර යන අපේ වීරයො හැමෝටම අපි සුභ පතනවා.මැතිව්ස් ආබාධයක් නිසා මෙම තරඟයට සහභාගි නොවුනත් මැතිව්ස් මේ තරඟ වලිදි ක්‍රීඩා කරපු ආකාරය විශිෂ්ඨයි.ඒ වෙනුවට අපි කවුරුත් දන්න වාස් ක්‍රීඩා කරනවා.

අපේ බැටින් සයිඩ් එකයි බෝලින් සයිඩ් එකයි හොඳට තිබුනට සමහර වෙලාවට ෆීල්ඩින් අන්තිමයි.අපි ඒ හැමදේම හදාගන්න ඔනේ.මැද පෙල තව ශක්තිමත් වෙන්න ඕනේ.ඉන්දියාව කියන්නෙ ලේසි පහසු ටීම් එකක් නෙමෙයි.කොහොම උනත් අපි මේ පාර කප් එක ගේනඑක ගේනවමයි.ඒක ෂුවර්.

හැමෝම සුභ පතමු.
2011 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට..............!!!!!


Wednesday, March 23, 2011

18 මිනිසුන් පමණක් නොව ලොව සියලු සතුනට - ජීවත්වීමේ අයිතිය තිබේ මිහිපිට

      බලන්න මේ වීඩියෝ එක.මේක බලපු කෙනෙක්ගෙ ඇහැට කඳුලක් ඉනුවෙ නැත්නම් මම හිතන්නෙ ඒ ‍මනුස්සයෙක් නෙමෙයි.
         අපි හැමෝම අහාර ගන්නෙ ජීවත් වෙන්න.හැබැයි අපිට ජීවත් වෙන්න මේ ලෝකෙ ඉන්න තවත් සතෙක්ව මරන එක සාධාරණයිද? ටිකක් හිතලා බලන්න.මිනිස්සු වුණ අපිට වගේම මේ ලෝකෙ අනිත් සත්තුත් ආසයි ජීවත් වෙන්න.කවුරුත් මරණෙට බයයි.ඔයාලම හිතලා බලන්න ඔයාලට කෙනෙක් ගහනවට වත් ඔයාලා කැමතිද?නැහැනෙ.ඒ වගේම හැම සතෙක්ම ආසයි හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න.
          ඇයි අපි ජීවත් වෙන්න කියලා මස් කන්නෙ, අහිංසක සත්තුන්ව මරන්නෙ.අපිට මස් නොකා ඉන්න බැරිද?එළවලු වලින් විතරක් ජීවත් වෙන්න බැරිද?
          බලන්න මේ පින්තූර දිහා.අපි කවුරුත් කැමතිද ‍අපේ පවුලෙන් වෙන් වෙන්න.අම්ම තාත්තා අපිව දාලා යනවට අපි කැමතිද? අපිට ඇයි බැරි අපි ගැන හිතන විදියට මේ අහින්සක සත්තු දිහා බලන්න.චුට්ටක් හිතන්න.



  අම්මේ තාත්තේ චුට්ටක් හිතන්න.ඔයාලා කැමතිද ඔයාලගෙ දරුවන්ව , දෙමාපියන්ව වෙන කවුරු හරි අරන් ගිහින් මරනවට.ඔයාල වගේම තමයි අහින්සක සත්තුත්.එයාලත් කැමති නෑ එයාලව මරනවට.සත්තුත් කැමතියි හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න.
             බලන්න මේ සත්තු මැරෙන්නෙ කොච්චර වේදනාවක් විඳලද? ඒ වෙලාවට මරණ භයත් එක්ක ඒ සත්තුන්ගෙ සිරුරෙ හර්මෝන ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා.ඉතින් අපි මස් කනවා කියලා කරන්නෙ විස හුඟාක් අපේ ඇඟට දාගන්නවා කියන එක.

                බලන්න මේ ඉන්නෙ තිරිසනුන්ටත් අන්ත මිනිස්සු.අහින්සක එළදෙනුන්ගෙන් හරක්ගෙන් අපි කොච්චර වැඩ ගන්නවද? අපිට උදේට බොන්න කිරි ටික දෙන එකම මදිද? අපි ඒ සත්තුන්ට සලකන්නෙ මෙහෙමද? මේකද අපේ ලාංකිකයන්ගෙ කලගුණ සැලකීම.
          ඇයි අපිට බැරි මේ සත්තු මරන එක වලක්වන්න.අපි මුලින්ම කරන්න ඕනෙ අපි මස් ආහාරයට ගැනීමෙන් වලකින එක.ඒක කරන්න අමාරු දෙයක් තමයි අද සමාජෙත් එක්ක බලනකොට.අපි මුලින්ම පුලුවන් තරම් මස් කන එක නවත්තමු.මස් මාලු වෙනුවට එළවළු පළතුරු කන්න පුරුදු වෙමු.අපි ජීවත් වෙන්න ආසයි වගේම අනිත් සතුන්ටත් ජීවත් වීමේ අයිතිය ලබා දෙමු.හැමදාම මස් කාපු වැදි නායක වන්නිලැත්තන්ට පුලුවන් උණානම් ඇයි අපිට බැරි නිර්මාංශ ආහාර වලට පුරුදු වෙන්න.හිතන්න මේ අහින්සක සත්තුත් අපේ කියලා.
                    අපි අද ඉඳලා මස් මාංශ කන එක නවත්තමු.එක පාරටම ඒක කරන්න අමාරු ඇති.මොකද අද සමාජයත් එක්ක බැලුවම හුඟාක් තියෙන්නෙ මාංශ ආහාර.අපි උත්සාහ කරමු.අපි නිර්මාංශ වෙලා අනිත් අපේ යහලුවන්ට සහෝදර සහෝදරියන්ට පවුලේ උදවියට මේක කියලා දීලා එයාලවක් මේ පාපකර්මෙන් මුදවා ගමු.එක අපිටත් ලොකු පිනක්.


             උත්සාහ කරන්න.අපි අන් සතුන්ගෙ මස් ආහාරයට ගැනීමෙන් වළකිමු පුලුවන්තරම්.එහෙම වුණොත් අපේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා වගේම අපි ලොකු පවකිනුත් ගැලවෙනවා.
  මස් මාංශ ආහාරයට ගැනීමෙන් වලකිනවා වගේම සත්ව හිංසාවෙනුත් වළකින්න.අහිංසක සත්තුන්ට නිදහසේ හිරිහැරයක් නැතුව ජීවත් වීමේ අයිතිය ලබා දෙමු.
               මේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න.


"රන්කිරි බිව් කටින් එපා මලකුණු කන්න 
නිරෝගි පින්බර දිවියක හිමිකරු    වන්න"

Monday, March 21, 2011

5 ඔය ඇස් අමතක වෙන්න නම් (සයවන කොටස)

දෙයියනේ....... මොකද දරුවෝ මේ උනේ.අතෙන් ලේ එනවා නේද හොඳටම
අනේ අම්මා මම තේ කෝප්පෙ දැක්කෙ නෑ.අත වැදිලා පෙරලුනා.වීදුරු කටු අහුලන්න ගිහිල්ලයි අත කැපුනෙ අම්මා
"අයියෝ ලමයො මොන සිහියෙන්ද වැඩ කරන්නේ.මොනවා කරන්න ගිහින්ද මේක බිඳුනේ"
        "අනේ මට බනින්න එපා අම්මා.මම හිතලා කලේ නෑ.මම පොත් ටික ගන්න කොට අත වැදිලා වැටුන බිමට."
අනු ඉකිබිඳින්නට වූවා ය.අනූගේ වමතෙහි මහපට ඇඟිල්ලත් මැදගිල්ලත් වීදුරු කටුවලට කැපී ලේ ගලමින් තිබිණි.සුමේධාට සිය දියණිය ගැන මහත් අනුකම්පාවක් සිතිනි.
ගිහින් අත හෝදගන්නකො දුවේ.මම මේක අස් කරන්නම්.අපි ගිහින් බෙහෙත් දාගෙන එමු
අනේ අම්මා මට බයයි
ඉතින් එහෙම කියලා හරියන්නෙ නෑනෙ පුතේ අපි ඩොක්ටර් මායාදුන්න ගාවට ගිහින් බෙහෙත් දාගෙන එමුකෝ
එතකොට අද ක්ලාස්
ඔහොම අත කපාගෙන කොහොමද පන්ති යන්නෙ.ගියත් ලියන්න කියන්න බැහැනේ.ඒ නිසා අද ඕනෙ නෑ.දැන් හොඳ ලමයා වගේ නාඬා ගිහින් අත සෝදලා පිහදාගන්න.මම මේක අස්කරලා එන්නම්
අනුත්තරා කඳුලු පිසිමින් කාමරයෙන් ඉවතට ඇදෙන්නට වූවාය.සුමේධා වීදුරු කැබලි ටික අස්කර ගෙබිම පිසදමා අහවර වනවිට සිය දියණිය කාමරයට පැමිණියේ අත සෝදාගෙන ලේන්සුවකින් ඔතාගෙනයි.
ඉන්න මම දොරවල් වහල ඒන්නම් දුවේ.ත්‍රී වීල් එකක් කතාකරගෙන යමු
අනුත්තරාත් සුමේධාත් නිවසේ ගේට්ටුව වසා දමා කාන්ති පාර දිගේ යක්කල පාර දෙසට ගමන් කළෝය.
       
                           ***

සඳුනි සිය සැමියා වන තරිදුගේ කමිසය මදිමින් සිටියාය.ඇසළගේ ජංගම දුරකථනය දෙතුන් වරක් නාද වුනු නමුත් ඇසළ එයට පිළිතුරු ‍දුන් බවක් සඳුනිට ඇසුණේ නැත.නැවත වරක් ඇසළගේ ජංගම දුරකථනය නාදවනු සඳුනිට ඇසිණි.ඇය කරමින් සිටි වැඩය මදකට නවතා ඇසළගේ කාමරයට ගියාය.
මල්ලී...තමුසේ තාම නිදිද.මේ ෆෝන් එක රිංග් වෙනවා.කතාකරන්නෙ නැද්ද?
ඇසළ සිටියේ තද නින්දේ බැවින් ඔහුට එය ඇසුණේද නැත.පෙරදා රාත්‍රියේදී යහලුවන් සමග රාත්‍රී ආහාරය ගත් ඇසළ නිවසට පැමි‍ණියේද මධ්‍යම රාත්‍රියටත් ආසන්නවය.
හලෝ මල්ලි  මේ නැගිටිනවා කවුද මන්දා ෆෝන් කරනවා දැන් හුඟ වෙලාවක ඉඳන්
බැරිම තැන සඳුනි සිය මල්ලීගේ උරහිසින් අල්ලා සෙලෙව්වාය.
ආ..ආ.. අක්කේ.මොකද ‍හලෝ මේ නිදාගන්නවත් දෙනවකෝ
නිදාගන්න බලනවා දැන් උදේ හතත් පහුවෙලා.මේ කවුද මන්ද කෝල් කරනවා බලන්න කවුද කියලා
        “අයියෝ මොන කරදරකාරයෙක්ද මේ උදේ පාන්දර.මුන්නම් අපිවම කන්න ඉපදිච්ච යක්කු සෙට් එකක්.ආයෙ ඕනෙනම් ගන්නෙ නැතෑ.ඔන්න ඕක ඔහෙන් තියලා යන්ඩකො හලෝ වදින්නම්

හරි වැඩේ මෙයාගේ, පව් කියලා අවේ බලන්න ෆෝන් එක රින්ග් වෙනකොට.බලනවා කවුද කියලා ශාලීකා ද දන්නෙත් නෑ උදේ පාන්දර කුමාරයව හොයන්නෙ?

සඳුනි උපහාසයට මෙන් සිනහා සී කීවාය.
ශාලිකා..... අක්කේ..,තමුසෙට මම
කියමින් ඇසළ ඇ‍ඳෙන් බිමට පැන සඳුනි පසුපස එළවාගෙන ගියේය.සඳුනි එය ඉවෙන් තේරුන්ගත්තාක් මෙන් ඇසළ ඇ‍ඳෙන් බිමට පැනීමටත් ප්‍රථම කාමරයෙන් පිටතට දිව ගියේ කෑ ගසමිනි.

            තරිඳු......මෙන්න මේ බූරුවා මගෙ පස්සෙන් පන්නනවා....
සඳුනි දිව ගොස් තරිඳුගේ අත බදාගත්තාය.ඇසළ තරිඳු ඉදිරියට ගොස් සඳුනිව අල්ලාගන්නට මෙන් සැරසුනි.
අයියෝ මල්ලි මොකද මේ පොඩි උන් වගේ.සඳු ඔයත් හුරතල් වෙන්න හදනවද?
නෑ අයියේ මෙයා මට එක එක කතා හදනවා
ආ මේකනේ යකෝ වැඩේ මෙයාට පුලුවන් ශාලිකා එක්ක රවුන් ගහන්න.අපි නම කිව්වම මල පනිනවා.ටිකක් ඉවසලා ඉන්නවා ඕක තාත්තට කියලා මං කරල දෙන්නම්
අක්කෙ තමුසෙනම් කනවා ලගදිම මගෙන්.තරිඳු අයියා හිටපු නිසා බේරුණා කියලා හිතා ගන්නවා අදට
තරිඳු දෙදෙනාගේ රණ්ඩු අසා සිනා සුනා පමණි.ඇසළගේ ජංගම දුරකථනය නැවත නාද වනු ඇසිණි.

අන්න මල්ලි යනවා කුමාරිකාවට යකා නැගලා ඇති දැන්.තව පරක්කු උනොත් මෙහෙට එයි කුමාරයව හොයාගෙන
සඳුනි එසේ කියා ඇසළට විරිත්තුවාය.
මම කියන්නෑ හොයාගෙන එන එක.ඉන්නවකො මම කෝල් එක අරන් එනකංයි කියමින් ඇසළ නැවතත් තම කාමරය දෙසට පියනැගුවේය.
ඇසළ කාමරයට යනවිටද සිය ජංගම දුරකථනය නාද වෙමින් තිබිණි.මොන කරුමයක්දැයි සිතමින් හෙතෙම දුරකථන ඇමතුමට එක්වූවේය.
හෙලෝ ගුඩ් මෝරිනින්
අඩෝ කොහෙද බන් උඹ මෙච්චර වෙලා හිටියේ
ආ දුමියා.උඹ ද.ඇයි බන් මේ උදේ පාන්දර වද දෙන්නේ.තව ටිකක් දවල් වෙනකල් ඉඳලා ගනින්කො බං
දවල් වෙනකං ඉන්න. තොට පයිත්තියංද මැටිමෝලෝ දැන් වෙලාව අටටත් ලඟයි.
හා හා කියපන් ඇයි කතාකලේ කියලා
මචෝ අපි ඊයෙ කතාකරගත්ත ගමන අනිද්ද යමන්.අනිද්දා සිකුරාදානෙ.සෙනසුරාදයි ඉරිදයි දෙකත් නිවාඩු නිසා දවස් තුනම ගන්න පුලුවන්.මොකද කියන්නේ.කට්ටියනම් කැමතියි.
හා එහෙනම් මාත් කැමතියි.අක්කගෙන් අහල බලන්නම් මචෝ මේ ටිකේ ටිකක් අවුල්.දන්නවනේ එදා කේස් එක අක්කට මාට්ටුනෙ බං
එළ එළ මට කෝල් එක්ක දියන් වැඩේ කන්ෆර්ම් කරගෙන.එහෙනම් මචෝ අපි කැපුණා.බුදුසරණයි ජොනියා
එළ බුදුසරණයි
ඇසළ ජංගම දුරකථනය ඇඳ මතට වීසිකොට කාමරයෙන් පිටතට ආවේය.
මල්ලී පහලට එන්න තරිඳු අයියා ඔයාට කතාකරනවා


Thursday, March 17, 2011

5 තෙවන සැමරුම.....!!



                    අද මාර්තු 18.හරියටම මීට අවුරුදු තුනකට කලින් තමයි මම ආ‍දරේ කරන්න පටන් ගත්තෙ.ඉතින් අදට අපේ ආදරේට අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා.අද මම මේ කවිය ලිව්වෙ මට පණ වගේ ආදරේ කරන, මම පණ වගේ ආදරේ කරන මගේම පෙම්වතියට.......................!!!!!

Sunday, March 13, 2011

2 ඔය ඇස් අමතක වෙන්න නම්(පස්වන කොටස)

අයියෝ හලෝ මොන වදයක්ද මේක.වොෂ් එකක් දාගන්න හැදුවා විතරයි.බෙලිකටු මල්ල හොල්ලන්න පටන් ගත්තායි කියමින් ඇසළ පඩි පෙල බැස මුලුතැන් ගෙය දෙසට ගියේය.ඇසළ කී කතාවට සදුනිටද සිනහා ගියාය.
බෙලි කටුමල්ල මම කියන්නෑ තමුසෙට.කියනවා බලන්න අද කොහෙද ගියෙ කියලා
වෙන කොහෙ යන්නද.මම ෂොප් එකේ ඉදල 4.30ට විතර ආවෙ.එනගමන් තමයි තමුසෙගෙ ෆොටෝස් ටිකත් ගත්තෙ ඇයි?
 ආ එහෙමද මල්ලි.එහෙනම් බලනවා මේ මොනවද ගෙනල්ලා තියෙන්නෙ කියලා මෝඩයා
සදුනි තමා අත තිබූ ජායාරූප කවරය ඇසළට පෑවාය.ඒ තුල තිබූ ජායාරූප දුටු ඇසලට තරු විසිවුණේ නිතැතිනි.
හුටා මේවා ශාලිකාගෙනෙ.
ඔව් ඔව්.ඕවා ශාලිකා නංගිගෙ තමයි.මට බොරු කරන්න එපා පුතෝ.ඇත්ත කියනවා.අද දෙන්න කොහෙද ගියෙ?
එසේ කී සදුනි ඇසළට අපහාසයට මෙන් සිනහ විය.
තමුසෙට පිස්සුද අක්කෙ.මම ඒකි එක්ක කොහෙ යන්නද?අද ෂොප් එකටනම් ආවා ඇඳුම් ගන්න කියලා
ඇසළ කියවාගෙන ගියේ කේන්තියෙනි.
ඇයි යකෝ මේකි කොහොමද මේක අස්සට රිංගුවෙ.මල කෙලියක්නෙ උනේ.දැන් ඉතින් වහ කාපන්කො.අම්මප මටම මේවා වෙන එකනෙ කරුමෙ කියන්නෙ.ඇසළ තනිවම සිතුවේය.
ඇයි මල්ලි ගොලුවෙලා.ශාලිකා ගැනද හිතන්නෙ?හා හා කොල්ලගෙ මූනෙ තියෙන පෙම් හිනාව
මගුලක් කතාකරනවා.ඇත්තටම තමුසෙට පිස්සුද හලෝ.ශාලිකා ඊයා මට ඒකිව පෙන්නන්න බෑ.මම හිතන්නෙ මේ ස්ටුඩියෝ එකේ වැරදීමක් වෙන්න ඇති
ශාලිකාව පෙන්නන්න බෑ.අනේ යනවා ශාලිකාගෙ ලස්සන හිනාවයි මූණයි දැක්කම මෙයත් වශිවෙන්න ඇති බෘංගයා වගේ.මමත් නොදන්න මල්ලිනෙ අපේ.
පිස්සුද හලෝ මම ජිවිතේට ඒ වගේ නැට්ටිච්චියෙකුට කැමති වෙන්නෙ නෑ
හා එහෙමද එහෙනම් මේ ෆොටෝස් ටික මාරු කරන් එනවා ඉක්මනට
ඉන්නවා හලෝ මම දැන් කොහොමත් ගම්පහ යනවා.එතකොට ගේන්නම්කී ඇසළ කවරයත් රැගෙන දිවගියේ හදිස්සියෙනි.
                          
                          ***

උදෑසන හතේ කණිසමද වැදිනි.ගම්පහ යක්කල මාර්ගය මේ වනවිට වාහන වලින් පිරී ගොසිනි.පාසල් දිනයක්ද වූ හෙයින් බණ්ඩාරනායක විදුහල ඉදිරි පිට පවතින වාහන තදබදය වඩාත් උග්‍රව පැවතිණි.කාන්ති පාරෙහි පිහිටි අනුහස් මැදුර ඉදිරිපිටද පැජරෝ රථයක් නවතා ඇත.එය නිවසේ අයිතිකරු වූ ජයලාල් විජේරත්න මහතාට අයිතිය.වෘත්තියෙන් ගුරුවරයෙක් වූ ඔහු පලාතේ ප්‍රසිද්ධ උසස් පෙළ උපකාරක පන්ති වලද මුදලට උගන්වයි.

 ජයලාල් මහතා සිය රාජකාරි කටයුතු සදහා පිටත්ව යාමට සැරසී නිවසේ ඉදිරිපිටට පැමිණ උස් හඩින් තම බිරිඳට කතා කළේය.
සුමේධා මම එහෙනම් යනවා
ඔයා කන්න ඉන්නෙ නැද්ද.මම මේ කෑම අරින්න හැදුවෙ.ඉන්න කාලා යන්න
එපා අද උදෙන්ම යන්න ඕනේ.රැස්වීමකුත් තියෙනවා.දුව තාම නිදිද?
ඔව්.අද පන්ති යන්නත් තියෙනවා.ඉන්න මම ඇහැරවන්නම්
ඕනෙ නෑ ටිකක් නිදාගත්තාවෙ.පහුගිය ටිකේම විභාගෙට මහන්සි උනානෙ
ඒකනම් ඇත්ත
පුතා කතාකලොත් කියන්න මම එයාට සල්ලි දැම්මා කියලා.මම එහෙනම් ගිහින් එන්නම්කී ජයලාල් මහතා නිවසින් එලියට බැස්සේය.
කොහොමත් පුතා රෑට කතාකරයිනෙ.පරිස්සමින් යන්න
පැජරෝ රථය ගේට්ටුවෙන් පිටවූ පසු එය වසා දැමූ සුමේධා ගෙට ගොඩ වැදුණි.මුලුතැන් ගෙට ගිය සුමේධෘ සිය දියණියගේ උදෑසන තේ කෝප්පයත් රැගෙන ඇගේ කාමරයට පිය නැගුවාය.
අනූ නැගිටල මේ තේ එක බොන්න.දැන් හතත් පහු උනා.අද පන්ති යන්නෙ නැද්ද ලමයො

අනේ අම්මා තව ටිකක් ඉන්නකො.මම තව විනාඩි 10න් නැගිටින්නම්.කී අනුත්තරා අනෙක් ඇලයට හැරුණාය.
එහෙනම් මෙන්න තේ එක මේසෙ උඩින් තිබ්බා
තේ කෝප්පය මේසය මත තැබූ සුමේධා කාමරයෙන් පිටව ගියාය.

අනුත්තරා හේෂානි විජේරත්න ජයලාල් මහතාගේ බාල දියණියයි.අනුහස් ඇගේ එකම අයියාය.ඔහු මේ වනවිට එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.අනුත්තරා අ.පො.ස. උසස්පෙළ නිමාකර ප්‍රතිඵල එනතුරු බලා සිටින්නීය.මේ වනවිට ඇය ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටී.
මේ ලමයා තාම ඇහැරුණේ නැද්ද මන්ද.දැන් පන්ති යන්නත් තියෙනවා‍.විභාගෙන් පස්සෙ හරියට කම්මැලි වෙලායි සිතූ සුමේධා කර කර සිටි වැඩය ද නවතා හිද සිටි අසුනින් නැගිට්ටාය.කරාමය ඇර දෑත් සෝදා ගත් සුමේධා නැවතත් සිය දියණි‍යගේ කාමරයට පැමිණියේ ඇයව අවදි කරවීමටය.
අනූ තාම ඇහැරුණෙ නැද්ද ලමයො.දැන් නැගිටින්නකො.බලන්න දැන් පරක්කුත් වෙනවා ක්ලාස් යන්න.මේ තේ එකත් ඇල් වතුර වෙලායි කී සුමේධා සිය දියණියගේ ඇඳ මත වාඩිවී ඇගේ හිස පිරිමැද්දාය.

අදනම් හරිම කම්මැලියි අම්මා.නිදිත් මතයි මට
එසේ කී අනුත්තරා මව ඉදිරියේ හුරතල් වන්නට විය.
එහෙම කියලා කොහොමද අද ලාල් සර්ගෙ පන්ති නේද?හා හා ඉක්මනට නැගිටලා මේ තේ එක බීලා ලෑස්ති වෙන්න ක්ලාස් යන්න
අනුත්තරා ඉතාමත් අපහසුවෙන් මෙන් ඇදෙන් නැගිට නාන කාමරය දෙසට පියමැන්නාය.සුමේධා  කාමරයෙන් පිටව කුස්සිය දෙසට ගියාය.
ඉක්මනින් මුහුණ සෝදාගත් අනුත්තරා කාමරයට පැමිණ පන්ති යාමට සැරසුණාය.
කුස්සියට ගිය සුමේධා දියණියට උදෑසන අහාරය පිලියෙල කලාය.හදිසියේම අනුත්තරාගේ කාමරය දෙසින් සද්දයක් ඇසිණි.මොහොතකට පසු අනුත්තරාද කෑ ගසන හඬ සුමේධාට ඇසුණි.
  අම්මා....................


Monday, March 7, 2011

2 ඔය ඇස් අමතක වෙන්න නම් (සිව්වන කොටස)

  හදිසියේම ඇසුණු ගැහැණු කටහඩ නිසා ඇසළ මදක් හැරී බැලුවේය. එවිටම දුටු රුව නිසා ඇසළගේ දෙනෙත් විසල් විය.
 "හායි ඇසළ ඔයා මොකද මෙහෙ කරන්නෙ,අනේ සොරි මම හිතුවෙ මේ ෂොප් එකේ කෙනෙක් කියලා"
 'දෙවියනේ මේකිත් මේ වෙලාවටම ආවනේ මේක අස්සෙ රිංගන්න.‍වෙලාවට තාත්තා පේන්න නෑ.නැත්තං මේකි ඉස්සරහා මට සේවකයෙක් වෙන්නයි වෙන්නෙ.'ඇසළ තමාටම මුමුණා ගත්තේ මදක් ලැජ්ජාව සමග මුසුවූ කෝපයෙනි.
    "ඕහ් මයි ගෝඩ්....... අනේ සොරි ඇසළ මට අමතක උණානෙ මෙක ඔයාලගෙ ඩැඩී ගෙ කියලා"


   ශාලිකා නැවතත් දුක්වූ ස්වරයෙන් කීවාය.
   "කව්ද ශාලි කියන්නේ මේක අපේ ඩැඩීගෙ කියලා.මොන බොරුද"
  ඇසළ කීවේ මදක් සිනහා සෙමිනි.


     "මොනවා..එතකොට ඇසළ මේක ඔයාලගේ ඩැඩීගෙ නෙමෙයිද"

    "පිස්සුද ශාලි මේක අපේ තාත්තගෙ"

 දෙදෙනාම එකවර සිනා සෙන්නට වූ අතර ශාලිකා සමග පැමිණි අනෙකුත් මතුරියන්ටද සිනහ නොවී සිටිය නොහැකි විය.

    එවිටම ඇසළගේ ජංගම දුරකථනය නාද වුනු හෙයින් ඇසළ පිරිසගෙන් මිදී මදක් ඉවතට ගියේය.

 ඇසළට ඇත්තේ කාන්තාවන් වශිකරවන සිනහවක් යයි ශාලිකාට සිතුණි.ඇසළ තත්වයෙන් හැඩරුවින් සියලුම අතින් තමාට ගැලපෙන්නේය.තමාද වංශවත් පවුලක බාල දියණියයි.වත්කම් අතින්ද අඩුවක් නැත.එහෙත් ඇසළ තමාට කැමතිවෙයිද? ශාලිකා තනිවම සිතුවාය.දෙයියනේ මටත් පිස්සු ඇසළයා දන්නවනම් මං හිතන ඒවා ආයෙ මගෙ මූණවත් බලන එකක් නෑ  යි තමාටම මුමුණා ගත් ශාලිකා තනිව සිනාසූණාය.
    "ඇයි ශාලි තනියම හිනාවෙන්නෙ අද උදේ පාන්දරම ඉනාවක් වත් කෑවද" 
    ශාලිකා තනිව සිනසෙනු දුටු මාධවී ඇසුවාය.
    "මෙයා ඉනාව කෑවෙ මේ දැන්නෙ.දැක්කෙ නැද්ද බං මෙයා ඉනාව ගිලගත්ත හැටි"
     තවත් මිතුරියක් එසේ කී විටදි ශාලිකාගේ මුහුණ විළි බරව රත් පැහැ ගැන්විණි.
    ඇසළට එය නෑසුනේ හොද වෙලාවට යයි ශාලිකා සිතුවාය.



 හදිසියේම තමාට ඇමතුමක් ලැබෙන්නේ කාගෙන්දැයි සිතූ ඇසළ එතන රැදී නොසිට මදක් ඉවතට ගොස් සිය ජංගම දුරකතනය දෙස බැලුවේය.එහි තරිදු අයියා ලෙස සටහන්ව තිබුණි.
   'අක්කගෙ අතේ ඉදිමුම වැඩිවෙලාද දන්නෙත් නෑ' යි සිතූ ඔහු ඇමතුම හා සම්බන්ධ විය.
      "හෙලෝ අයියෙ කියන්න"
     "ආ මල්ලි කොහෙද ඉන්නෙ කඩවත ෂොප් එකේද"
 'මලා මාව කඩේ වැඩට දෘපු බව තාත්තා කියලද දන්නෙත් නෑ.එහෙම වුනොත් නම් වහ කන්නයි වෙන්නෙ' ඇසළ සිතුවේය.
    "ඔව් අයියෙ මම ෂොප් එකේ ඉන්නෙ"
 "අනේ මල්ලි මම තාම ඉන්නෙ හොස්පිට්ල් එකේ.හවසට හදිස්සි ලෙඩෙක් බලන්න යන්න තියෙනවා.මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද"
    "ඕව් අයියෙ මොකක්ද ඉතින් කරන්ඩ ඔනේ.හවස වැඩි වෙලානම් ගන්න බෑ.යාලුවො කට්ටිය බලන් ඉන්නවා කිව්වා මීට් වෙන්න"
 "මේකයි මල්ලි අක්‍කගෙ ෆොටෝස් වගයක් තියෙනවා ගම්පහ සීවලී ස්ටුඩියෝ එකේ.සල්ලි ගෙවල තියෙන්නෙ.ඔයාට පුලුවන්ද ඒක වහන්න කලින් ගිහින් අරන් එන්න"
      "අයියෝ ඕක සුලුදෙයක්නෙ.රයිට් අයියා එහෙනම් මම තිබ්බා" 
 "ඕකේ මල්ලි මම ස්ටුඩියො එකට ෆෝන් කරලා කියන්නම් ඔයාව එවනවා කියලා"
 'ඇති යන්තන් මම කඩේ වැඩ කරපු බව දැනගෙන නෑ.ටිකක් කලින් යන්න ඕන ඒ වැඩෙත් කරගෙනම'  යි සිතාගත් ඇසළ නැවතත්මිතුරියන් සිටි දෙසට පිය නැගුවේය.
ශාලිකා ප්‍රනාන්දුට කියා ඇදුම් තෝරා ගෙන මුදල් ගෙවමින් සිටියාය.
    "හරිද දැන් ඇදුම් තෝරගත්තද"
 ඇසළ ශාලිකාගෙන් විමසුවාය.ඇය කුඩාකල සිටම ඇසළගේ හොද යෙහෙලියකි.ඇගේ පියා ඇසළගේ මිතුරෙක්ද විය.මදක් අශිලාචාරව හැසිරුණද ශාලිකාටද තිබුණේ දුටුවන් වශිකරවන ලස්සනකි.

 "අනේ ඔව් ඩියර්.ඒ වැඩේ හරි එහෙනම් අපි පස්සෙ වෙලාවක මීට් වෙමු"යි කියූ ශාලිකා සිය මිතුරියන් සමග පිටත් වූවාය.

        
    ඇසළ සවස 4 වනතුරු සාප්පුවේ සිටියා විනා කල වැඩක් නොමැත.ප්‍රනාන්දුද ඔහුට රිසිසේ සිටීමට ඉඩකඩ ලබා දුනි.සවස 4 වන තුරුත් පියා නොපැමිණි හෙයින් ඇසළ පිටත් වීමට තීරණය කළේය.පියා පැමිණියහොත් තමා හොදින් වැඩ කල බව කියන ලෙස ප්‍රනාන්දුටද පෙරැත්ත කළ ඔහු 4.30ට පමණ සාප්පුවෙන් පිටවිය.
    නුවර කොළඹ මාර්ගයේ සුලු වාහන තදබදයක් තිබුනද පැය බාගයක් ගත වෙන්නටත් ප්‍රථමයෙන් ගම්පහට ළගාවීමට ඇසළට හැකිවිය.හැකි ඉක්මණින් සීවලි ස්ටුඩියො එකට ගිය ඇසළ එහි  කවුන්ටරයේ උන් යුවතිය අසලට පියනැගුවේය.
   "එක්ස් කියුස් මී මිසිස් විජේමාන්නගෙ ගෙ ෆොටෝස් ටික ගන්න පුලුවන්ද"
   "පොඩ්ඩක් ඉන්න"යයි කිවූ ඇය ඇතුලට ගොස් නැවත පැමිණියාය.
   "ඩොක්ටර් තරිදුගෙ මල්ලි නේද"
    "ආ ඔව් ඔව්.අයිය කෝල් එකක් දෙනවා කිව්වා"
   "ඕකේ මෙන්න ෆොටෝස් ටික"
   ඇය කවරය ඇසළ වෙතට දිගු කලාය.එය සාක්කුවේ දමාගත් ඇසළ ඉක්මනින් එළියට පැමිණ යතුරු පැදියේ නැගී නිවසට ගියේය.
        ඇසල නිවසට යනවිට සදුනි නිවසෙහි සාලයේ පුවත්පතක් කියවමින් සිටියාය.ඇසළ ගෙට ගොඩවනු දැක ඇය පුවත්පත පසෙකලා බීමට යමක් ගෙනදීම සදහා මුලුතැන් ගෙය දෙසට පිය නැගුවාය.
     "අක්කෙ මෙන්න ෆොටෝස් ටික ගෙනාවා.මම දැන් ආයෙ ගම්පහ යනවා.බඩගිනියි මොනවා හරි කමුද"යි කියූ ඇසළ සදුනිගේ අතට කවරය දී පඩිපෙළ දෙසට ගිය අතර සදුනි කවරයත් අතැතිවම මුලුතැන් ගෙය දෙසට පිය නැගුවාය.
         ඉක්මනින් කාමරයට පිවිසි ඇසළ ඇදුම් මාරු කර නාන කාමරයට යනවිට සදුනි පහළ සිට තමා අමතනු ඇසිණි.
      
    "මල්ලී  මෙහෙ එනවා ඉක්මනට "
    

Sunday, February 27, 2011

1 ඔය ඇස් අමතක වෙන්න නම්(තෙවන කොටස)

  නිවස ඉදිරිපිට යතුරු පැදිය නැවැත්වූ ඇසළ ඉන් බැස ගෙතුලට දිව‍ගියේය.සදුනි කාමරයෙන් පිට වූයේත් ඇසළ කාමරයට ඇතුලු වූයේත් එකම විටදීය.ඉක්මන් ගමනින් කාමරයට ඇතුලු වූ ඇසළගේ ඇගේ හැපී ඇය විසිවී ගොස් ඇද මතට ඇද වැටුණාය.
     "ආම්මේ............මගෙ අත...කොහෙද මෝඩයෝ දුවන්නෙ බූරුවෙක් වගේ.අතත් කැඩුණද මන්ද"
  "ඔයාගෙනෙ හලෝ වැරැද්ද.දොර ලග ඉදගෙන මොන මගුලක්ද කලේ.‍ඇහැට පේන්නෙත් නෑ බටු ඇටේ වාගේ"
      "අනේ යනවා යන්න.මෝඩයා හිතන් ඉන්නේ මහ ලොකු මිනිහා කියලනෙ."
      "ලොකු මිනිහා තමයි.දැක්කෙ නැද්ද ඇගේ හැපිලා යාර ගානක් විසික් වුනේ."
      ඇසළ මහ හඩින් සිනාසෙන්නට විය.ඒ වනවිටද සදුනිගේ වමත මදක් ඉදිමී තිබුණි.
     "බලනවා බූරුවා මගෙ අතත් ඉදිමිලා"
    සදුනි නොක්කාඩු හඩින් කීවාය.
 "කෝ බලන්න මගෙ සුදු අක්කගෙ අත.අනේ පව් අනේ මෙන්න අත ඉදිමිලා.මම තෙල් ටිකක් ගාන්නද"
      එවිට නම් සදුනිට යකා නැග්ගාය.ඇසළ එසේ කීවේ විහිලුවක් කරන්නට සිතා ය.
      එහෙත් ඉදිමී තිබූ අත දුටු විට ඔහුටද ඇය ගැන දුක සිතිණි.
     "අනේ මේ තමුසෙගෙ තෙල්.මම අයියා අවාම බාම් ටිකක් ගාගන්නම්"
     "ආ ඒකයි මෙයා මේ බලෙන්ම අත කඩාගත්තෙ.අයියට කියලා බාම් ගාගන්න තියෙන ආසාවට.හා හා ගාගන්නවකො එහෙනම් අද බාම්"
     "තමුසෙට මම" 
    සදුනි අත මිට මොලවා ගෙන ඇසළට ගැසීමට ඔහු දෙසට පනිනවාත් සමගම ඇසළ කාමරයෙන් එලියට පැන්නේ දොර රෙද්දත් ගලවාගෙනය.එවිටනම් සදුනිට සිනහ නැගින.
     "ඇයි මල්ලි දුවන්නේ ෆෝන් එක එපාද"
     ඇසළට තම ජංගම දුරකථනය සිහි වූයේ ද එවිටය.
    "කෝල් එකකුත් ආවා. කවුද මන් ද කෙල්ලෙක් කතාකලේ"
  කියමින් සදුනි ඇසළට ජංගම දුරකථනය පෑවාය.
 "තමුසෙත් මාර කතානෙ අක්කෙ කියන්නෙ.අපි වගේ කොල්ලන්ට ඉතින් කෙල්ලො ඇර කොල්ලො කෝල් කරන්නද"
   ඇසල එය සාක්කුවේ දමාගෙන නිවසින් එලියට පැමිණ යතුරුපැදියද පනගන්වා නිවසින් නික්මුණි.


 ඇසළ කඩවතට ලගාවනවිටත් උදෑසන 10 පසුවී තිබුණි.විජේමාන්න මහතා කාර්‍යාලයට වී මදක් කෝපයෙන් සිය වැඩකටයුතු වල නිරත විය.උදෑසන 9ට පැමිණෙන ලෙස දැන්වුවද තාමත් ඇසළ නොපැමිණීම පිළීබදව ඔහු සිටියේ මහත් කණස්සල්ලෙනි.
     "ගුඩ් ‍මෝර්නින් තාත්තෙ.‍ඔන්න මම වෙලාවටම ආවා"
 "හොද වෙලාව.මම කියටද පුතා ඔයාට එන්න කිව්වෙ.දැන් බලනවා වෙලාව.පැයකටත් වඩා පරක්කුයි.අනිත් මිනිස්සු වැඩ පටන් අරගෙන.තමුන් මේකෙ වැඩකරනකොට හරියට වෙලාවට වැඩකරන්න ඔනෙ තේරුණාද?"
      විජේමාන්න මහතා මදක් කෝපයෙන් යුතුව කියාගෙන ගියේය.ඇසළ කොපමණ සෙල්ලක්කාර වැඩ කළ ද තමාගේ වචනයට ඉහලින් කිසිවක් නොකරන බව විජේමාන්න මහතා හොදින් දැන‍සිටියේය.එහෙයින් ඔහුට සුලු දඩුවමක් දිය යුතුයයි ඔහු සිතා ගත්තේය.
    "හරි හරි තාත්තේ සුලු ප්‍රමාදයක්නෙ වුණෙ."   
   "හොද සුලු ප්‍රමාදය.මම පැයක් බලන් හිටියා"
   "හරි දැන් ඉතින්  මට මොක්කද මෙතන කරන්න තියෙන වැඩේ.හැබැයි ඉතින් මම තාම පොඩි එකා"
   මදක් කග්පනා කල විජේමාන්න මහතා එහි සිටි අලෙවි සහායක ප්‍රනාන්දු ඇමතුවේය.
   "‍ප්‍රනාන්දු, අද දෙන්නෙක් නිවාඩු ගත්ත එකේ මේ ඇසළව ගන්න ෂොප් එකේ වැඩට.වැඩ ගැනත් කියලා දෙන්න"
    ඇසළගේ මුහුණ සැනෙකින් අදුරු විය.
   "සර් මේ ඇසළ බේබිව"
   "ඔව් ඔව් අයිසෙ සිංහල තේරෙන්නෙ නැද්ද.දැන් එක්ක යනවා"
   "අනේ තාත්තෙ මේ මම"
   ඇසළ සිය පියා ඉදිරියේ බැගැපත් විය.
   "වෙලාවට ආවනම් ඕක වෙන්නෙ නෑනෙ.දැන්වත් වැඩේ හරියට කරනවා නැත්තම් හෙටත් ඔකමයි වෙන්නෙ පුතා.තේරුණාද"
   ඇසළ හිස වනා  බිම බලාගෙන ප්‍රනාන්දු පසුපස ඇදෙන්නට විය.


   "‍ඇසළ බේබි දැන් බේබිට කරන්න තියෙන්නෙ මෙච්චරයි"
   "මට දැන් බේබි කියන්න එපා හලෝ.නැත්තං මෙතනට එන උන් හිතයි මම බබෙක් කියලා"
   "හොදයි එහෙනම් ඇසළ මහත්තයා කියන්නම්කො"
   "මහත්තයා........? පිස්සුද හලෝ දැන් අපි දෙන්නම එකම තත්වෙ."
   ඇසළ එසේ කීවිට ප්‍රනාන්දුටද සිනහ නොවී සිටිය නොහැකි විය.දෙදෙනාම සිනාසුනා මිස විජේමාන්න මහතා ඔවුන් අතරට එනතුරුම එක් අයෙකුවත් ඔහුව දුටුවේ නැත.
 "ප්‍රනාන්දුට පොඩි කාලෙ මතක් වුනාද.එහෙම නැත්නම් ඇසළ ප්‍රනාන්දු කියන විදියට වැඩ කරන්නෙ නැද්ද"
     "නැ සර් මේ ඇසළ බේබිට වැඩ ගැන කියා දෙන ගමන්"
     "හා හා හොදයි.ඕක මහ දෙයක් යැ.ඇසළ පුතා මෙන්න මේ සාප්පුවට එන මිනිස්සුන්ට අවශ්‍ය ඇදුම් තෝරල දෙන එකයි කරන්න තියෙන්නෙ.වැඩේ හරියට කරනවා තේරුණාද?එහෙම නොවුනොත් දිගටම මෙහෙම ඉන්න වෙයි"
  විජේමාන්න මහතා මදක් සැරෙන් පවසා යන්නට ගියේය.තමාට සිදුවූ කැරුමය ගැන සිතමින් ඇසළ සාප්පුවේ පසෙකට වී කල්පනා කරමින් සිටියේය.
 මද වෙලාවකින් යුවතියන් කිහිපදෙනෙක් සාප්පුවට පිවිස ඇදුම් තෝරන්නට විය.ඇසළ ලැජ්ජාවෙන් යුතුව අනෙක් පස බලමින් ඇදුම් අතපත ගෑවේ ඔහු දන්නා හදුනන කවුරුන් හෝ සාප්පුවට ගොඩවෙතැයි සිතුන බැවිනි.එසේ පැමිණියහොත් තමුන්  තමාගේම ඇදුම් සාප්පුවෙහි සේවකයකු ලෙස කටයුතු කරන බැව් සියල්ලන්ම දැන ගන්නා බව ඇසළට කල්පනා විය.එසේ වුවහොත් සිදුවන්නෙ විලිලැජ්ජාවකි.
     "එක්ස්කියුස් මී .අපිට මේ බ්ලවුස් එකෙ වෙන කලර් එකක් බලන්න පුලුවන්ද"
     

Thursday, February 24, 2011

0 නිදුකාණනේ..................




                                  බුදුන් වැඩි දිවයින එනම් අපේ මාතෘභූමිය වන ශ්‍රීලංකාව සහ එහි පවතින ප්‍රධාන ධර්මය වන බුද්ධ ධර්මය පිළිබදව කියවෙන මෙම වීඩියෝව මා මෙම අඩවියට ඇතුලත් කලේ ජාතිවාදයක් ආගම් වාදයක් ඇති කිරීම උදෙසා නොවන බව කරුණාවෙන් සලකන්න.
                                 මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි අන් කිසිදු ආගමකට ධර්මයකට අපහාස කර නොමැත.අන් කිසිදු ආගමක් පිළිබදව කිසිදු වදනක් දක්වා නොමැත.එබැවින් මෙය පිළිබදව වරදවා වටහා නොගන්නා මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලමි.
                                 ඔබගේ අදහස් වෙතොත් එය කමෙන්ට් කරන මෙන් ඉල්ලමි.එසේ කල නොහැකිනම් මාගේ විද්‍යුත් ලිපිනය වන esinhalaya@gmail.com යන්නට ඔබේ අදහස් එවන්න.