Sunday, February 27, 2011

1 ඔය ඇස් අමතක වෙන්න නම්(තෙවන කොටස)

  නිවස ඉදිරිපිට යතුරු පැදිය නැවැත්වූ ඇසළ ඉන් බැස ගෙතුලට දිව‍ගියේය.සදුනි කාමරයෙන් පිට වූයේත් ඇසළ කාමරයට ඇතුලු වූයේත් එකම විටදීය.ඉක්මන් ගමනින් කාමරයට ඇතුලු වූ ඇසළගේ ඇගේ හැපී ඇය විසිවී ගොස් ඇද මතට ඇද වැටුණාය.
     "ආම්මේ............මගෙ අත...කොහෙද මෝඩයෝ දුවන්නෙ බූරුවෙක් වගේ.අතත් කැඩුණද මන්ද"
  "ඔයාගෙනෙ හලෝ වැරැද්ද.දොර ලග ඉදගෙන මොන මගුලක්ද කලේ.‍ඇහැට පේන්නෙත් නෑ බටු ඇටේ වාගේ"
      "අනේ යනවා යන්න.මෝඩයා හිතන් ඉන්නේ මහ ලොකු මිනිහා කියලනෙ."
      "ලොකු මිනිහා තමයි.දැක්කෙ නැද්ද ඇගේ හැපිලා යාර ගානක් විසික් වුනේ."
      ඇසළ මහ හඩින් සිනාසෙන්නට විය.ඒ වනවිටද සදුනිගේ වමත මදක් ඉදිමී තිබුණි.
     "බලනවා බූරුවා මගෙ අතත් ඉදිමිලා"
    සදුනි නොක්කාඩු හඩින් කීවාය.
 "කෝ බලන්න මගෙ සුදු අක්කගෙ අත.අනේ පව් අනේ මෙන්න අත ඉදිමිලා.මම තෙල් ටිකක් ගාන්නද"
      එවිට නම් සදුනිට යකා නැග්ගාය.ඇසළ එසේ කීවේ විහිලුවක් කරන්නට සිතා ය.
      එහෙත් ඉදිමී තිබූ අත දුටු විට ඔහුටද ඇය ගැන දුක සිතිණි.
     "අනේ මේ තමුසෙගෙ තෙල්.මම අයියා අවාම බාම් ටිකක් ගාගන්නම්"
     "ආ ඒකයි මෙයා මේ බලෙන්ම අත කඩාගත්තෙ.අයියට කියලා බාම් ගාගන්න තියෙන ආසාවට.හා හා ගාගන්නවකො එහෙනම් අද බාම්"
     "තමුසෙට මම" 
    සදුනි අත මිට මොලවා ගෙන ඇසළට ගැසීමට ඔහු දෙසට පනිනවාත් සමගම ඇසළ කාමරයෙන් එලියට පැන්නේ දොර රෙද්දත් ගලවාගෙනය.එවිටනම් සදුනිට සිනහ නැගින.
     "ඇයි මල්ලි දුවන්නේ ෆෝන් එක එපාද"
     ඇසළට තම ජංගම දුරකථනය සිහි වූයේ ද එවිටය.
    "කෝල් එකකුත් ආවා. කවුද මන් ද කෙල්ලෙක් කතාකලේ"
  කියමින් සදුනි ඇසළට ජංගම දුරකථනය පෑවාය.
 "තමුසෙත් මාර කතානෙ අක්කෙ කියන්නෙ.අපි වගේ කොල්ලන්ට ඉතින් කෙල්ලො ඇර කොල්ලො කෝල් කරන්නද"
   ඇසල එය සාක්කුවේ දමාගෙන නිවසින් එලියට පැමිණ යතුරුපැදියද පනගන්වා නිවසින් නික්මුණි.


 ඇසළ කඩවතට ලගාවනවිටත් උදෑසන 10 පසුවී තිබුණි.විජේමාන්න මහතා කාර්‍යාලයට වී මදක් කෝපයෙන් සිය වැඩකටයුතු වල නිරත විය.උදෑසන 9ට පැමිණෙන ලෙස දැන්වුවද තාමත් ඇසළ නොපැමිණීම පිළීබදව ඔහු සිටියේ මහත් කණස්සල්ලෙනි.
     "ගුඩ් ‍මෝර්නින් තාත්තෙ.‍ඔන්න මම වෙලාවටම ආවා"
 "හොද වෙලාව.මම කියටද පුතා ඔයාට එන්න කිව්වෙ.දැන් බලනවා වෙලාව.පැයකටත් වඩා පරක්කුයි.අනිත් මිනිස්සු වැඩ පටන් අරගෙන.තමුන් මේකෙ වැඩකරනකොට හරියට වෙලාවට වැඩකරන්න ඔනෙ තේරුණාද?"
      විජේමාන්න මහතා මදක් කෝපයෙන් යුතුව කියාගෙන ගියේය.ඇසළ කොපමණ සෙල්ලක්කාර වැඩ කළ ද තමාගේ වචනයට ඉහලින් කිසිවක් නොකරන බව විජේමාන්න මහතා හොදින් දැන‍සිටියේය.එහෙයින් ඔහුට සුලු දඩුවමක් දිය යුතුයයි ඔහු සිතා ගත්තේය.
    "හරි හරි තාත්තේ සුලු ප්‍රමාදයක්නෙ වුණෙ."   
   "හොද සුලු ප්‍රමාදය.මම පැයක් බලන් හිටියා"
   "හරි දැන් ඉතින්  මට මොක්කද මෙතන කරන්න තියෙන වැඩේ.හැබැයි ඉතින් මම තාම පොඩි එකා"
   මදක් කග්පනා කල විජේමාන්න මහතා එහි සිටි අලෙවි සහායක ප්‍රනාන්දු ඇමතුවේය.
   "‍ප්‍රනාන්දු, අද දෙන්නෙක් නිවාඩු ගත්ත එකේ මේ ඇසළව ගන්න ෂොප් එකේ වැඩට.වැඩ ගැනත් කියලා දෙන්න"
    ඇසළගේ මුහුණ සැනෙකින් අදුරු විය.
   "සර් මේ ඇසළ බේබිව"
   "ඔව් ඔව් අයිසෙ සිංහල තේරෙන්නෙ නැද්ද.දැන් එක්ක යනවා"
   "අනේ තාත්තෙ මේ මම"
   ඇසළ සිය පියා ඉදිරියේ බැගැපත් විය.
   "වෙලාවට ආවනම් ඕක වෙන්නෙ නෑනෙ.දැන්වත් වැඩේ හරියට කරනවා නැත්තම් හෙටත් ඔකමයි වෙන්නෙ පුතා.තේරුණාද"
   ඇසළ හිස වනා  බිම බලාගෙන ප්‍රනාන්දු පසුපස ඇදෙන්නට විය.


   "‍ඇසළ බේබි දැන් බේබිට කරන්න තියෙන්නෙ මෙච්චරයි"
   "මට දැන් බේබි කියන්න එපා හලෝ.නැත්තං මෙතනට එන උන් හිතයි මම බබෙක් කියලා"
   "හොදයි එහෙනම් ඇසළ මහත්තයා කියන්නම්කො"
   "මහත්තයා........? පිස්සුද හලෝ දැන් අපි දෙන්නම එකම තත්වෙ."
   ඇසළ එසේ කීවිට ප්‍රනාන්දුටද සිනහ නොවී සිටිය නොහැකි විය.දෙදෙනාම සිනාසුනා මිස විජේමාන්න මහතා ඔවුන් අතරට එනතුරුම එක් අයෙකුවත් ඔහුව දුටුවේ නැත.
 "ප්‍රනාන්දුට පොඩි කාලෙ මතක් වුනාද.එහෙම නැත්නම් ඇසළ ප්‍රනාන්දු කියන විදියට වැඩ කරන්නෙ නැද්ද"
     "නැ සර් මේ ඇසළ බේබිට වැඩ ගැන කියා දෙන ගමන්"
     "හා හා හොදයි.ඕක මහ දෙයක් යැ.ඇසළ පුතා මෙන්න මේ සාප්පුවට එන මිනිස්සුන්ට අවශ්‍ය ඇදුම් තෝරල දෙන එකයි කරන්න තියෙන්නෙ.වැඩේ හරියට කරනවා තේරුණාද?එහෙම නොවුනොත් දිගටම මෙහෙම ඉන්න වෙයි"
  විජේමාන්න මහතා මදක් සැරෙන් පවසා යන්නට ගියේය.තමාට සිදුවූ කැරුමය ගැන සිතමින් ඇසළ සාප්පුවේ පසෙකට වී කල්පනා කරමින් සිටියේය.
 මද වෙලාවකින් යුවතියන් කිහිපදෙනෙක් සාප්පුවට පිවිස ඇදුම් තෝරන්නට විය.ඇසළ ලැජ්ජාවෙන් යුතුව අනෙක් පස බලමින් ඇදුම් අතපත ගෑවේ ඔහු දන්නා හදුනන කවුරුන් හෝ සාප්පුවට ගොඩවෙතැයි සිතුන බැවිනි.එසේ පැමිණියහොත් තමුන්  තමාගේම ඇදුම් සාප්පුවෙහි සේවකයකු ලෙස කටයුතු කරන බැව් සියල්ලන්ම දැන ගන්නා බව ඇසළට කල්පනා විය.එසේ වුවහොත් සිදුවන්නෙ විලිලැජ්ජාවකි.
     "එක්ස්කියුස් මී .අපිට මේ බ්ලවුස් එකෙ වෙන කලර් එකක් බලන්න පුලුවන්ද"
     

Thursday, February 24, 2011

0 නිදුකාණනේ..................




                                  බුදුන් වැඩි දිවයින එනම් අපේ මාතෘභූමිය වන ශ්‍රීලංකාව සහ එහි පවතින ප්‍රධාන ධර්මය වන බුද්ධ ධර්මය පිළිබදව කියවෙන මෙම වීඩියෝව මා මෙම අඩවියට ඇතුලත් කලේ ජාතිවාදයක් ආගම් වාදයක් ඇති කිරීම උදෙසා නොවන බව කරුණාවෙන් සලකන්න.
                                 මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි අන් කිසිදු ආගමකට ධර්මයකට අපහාස කර නොමැත.අන් කිසිදු ආගමක් පිළිබදව කිසිදු වදනක් දක්වා නොමැත.එබැවින් මෙය පිළිබදව වරදවා වටහා නොගන්නා මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලමි.
                                 ඔබගේ අදහස් වෙතොත් එය කමෙන්ට් කරන මෙන් ඉල්ලමි.එසේ කල නොහැකිනම් මාගේ විද්‍යුත් ලිපිනය වන esinhalaya@gmail.com යන්නට ඔබේ අදහස් එවන්න.

Sunday, February 20, 2011

1 ඔය ඇස් අමතක වෙන්න නම් (දෙවන කොටස)

             "පිස්සා" යයි තමාටම ඇසෙන සේ කියමින් සදුනි ආපසු හැරී නිවස තුලට ගිය අතර ගුණපාල ගේට්ටුව වසා දැමීමට සැරසුණි.
   ලයිසම්මා කෑම මේසය අස් කරමින් සිටිනු දුටු සදුනි එදෙසට පියනැගීය.
"අද ඇසළ බේබි හරි ලස්සනයි නේද ලොකු බේබි"
          සදුනි එදෙසට එනු දුටු ලයිසම්මා ඇසුවේ කරමින් සිටි කාර්යද මදකට නවතාලමිනි.
"ඇයි ලයිසම්මා අහගත්තෙ චූටි බේබිගෙන් ලස්සනද නැද්ද කියලා"
           සදුනි ඔලොක්කුවට මෙන් තරමක හඩකින් සිණාසුනාය.
            "අප්පේ ඔව් ලොකු බේබි මං හිතුවෙ  චූටි බේබිට හොදටම කේන්ති යයි කියලා.මං ඉතින් වරදක්යැ ලොකුබේබි ඒ වෙලාවෙ චූටි බේබිට කිව්වෙ?අනේ මන්ද ඉතින් අද කාලෙ හැදෙන ලමයි.හොදක් කිව්වත් තරහා යනවා."
                ලයිසම්මා නෝක්කාඩු ස්වරයෙන් කී විට සදුනිට ඇය ගැන ඇතිවූයේ මහත් වූ අනුකම්පාවකි.
             නිවසේ මුලුතැන්ගෙයි මෙහෙකාරිය වූ ලයිසම්මා වුවද නොසතුටින් සිටිනු දැකීමට සදුනි අකමැති වූවාය.මන්ද යත් සිය මව තමා හා මල්ලී කුඩා වියේදීම තනිකර දමා වෙනත් සැමියකු සමග පැනගිය පසු ලයිසම්මා විසින් ඇසළට හා තමාට ආදරණීය මවක මෙන් සැලකූ අයුරු සදුනිට කිසි දිනකත් අමතක නොවේ. ලයිසම්මා හිත හොද ගැහැණියක් බව සදුනි කුඩාකල සිටම දැන සිටියාය.එහෙයින් ඇය ලයිසම්මාට ද බෙහෙවින් කාරුණික විය.
                     "ඒ ගැන එච්චර හිතන්න එපා ලයිසම්මෙ මල්ලී ඔය ගියාට හිතේ සතුටින් නෙමෙයි ගියෙ.මොකද එයා දන්නවනෙ දැන් ඉස්සර වගේ නටන්න ලැබෙන්නෙ නෑ කියල තාත්තා එක්ක වැඩකරනකොට.ඒ කයි ඒ වෙලාවෙ ටිකක් තරහින් හිටියෙ"
             "අනේ ඒක හොදයි ලොකු බේබි.නැත්තන් මේ චූටි බේබි යාලුවොත් එක්ක එකතුවෙලා නිකං නාස්ති වෙනවා.එදා රෑ අර දහජරාව බීගෙන ආපු වෙලාවෙ මමනම් හිතුවෙම ලොකු මහත්තයා චූටි බේබිව හමගහයි කියලා.එදා රෑ කී සැරයක්නම් වමනෙ දැම්මද.පව් මට දුකත් හිතුනා."
               "දිරවගන්න බැරි මල ජරාව මොකට බොනවද දන්නෙ නෑ ලයිසම්මෙ.ඉන්නකෝ අයෙ එහෙම එයා ඔය ජරාව කටේ තියල තිබ්බොත් මේ පාර එයාව හම ගහන්නෙ මං. ආයෙ කටේ තියන්න හිතෙන්නැති වෙන්න මං එයාට කරන්නම්කො හොද වැඩක්.තාත්තනෙ මෙයාව හුරතල් කරන්නෙ දාගෙන"
                 සදුනි තරමක් කෝපයෙන් වුවත් ඉතා පැහාදිලි ලෙස කියා ගෙන  ඉහල මාලයට යාමට පඩිපෙල නගින්නට වූවාය.කෙසේ වෙතත් සදුනි සිය මල්ලීට බෙහෙවින් ආදරය කරනු දැකීම ගැන ලයිසම්මාට ඇතිවූයේ අවන්කවම සතුටකි.
                  සදුනි තමන්ගේ කාමරයට යන අතර තුරදී සිය මල්ලීගේ කාමරයද අස් කළයුතුයයි සිතුවාය.වහාම ඇසළගේ කාමරයෙහි දොර ඇරගත් ඇය කොස්ස ගෙන බිම අමදින්නට විය.හදිසියේම ඇසළගේ ඇදෙහි කොට්ටය ආසන්නයේ තිබූ ඇසළගේ ජංගම දුරකථනය සදුනිගේ නෙත ගැටිණි.
                "හානේ මේ මෝඩයා මොබයිල් එක අමතක කරලා ගිහිල්ලනේ දැන් මොකද කරන්නනෙ?"
                 සදුනී තනියම සිතමින් සිටින අතර තුර පහල ගේට්ටුව විවර වන හඩ ඇයට යාන්තමට  ඇසිනි.
           

        යතුරු පැදිය පණ ගැන්වූ ඇසළ අක්කාට අතවනා නිවසින් පිටවිය.‍තමා ගේට්ටුවෙන් පිටවනතුරුත් අක්කා තමා දෙස බලමින් සිටිනු ඔහු දුටුවේ යතුරුපැදියේ වූ පැති කණ්නාඩිය තුලිනි.
                       ඇසළ යතුරු පැදිය සමගි මාවතට හරවා වේගයෙන් ඉදිරියට ධාවනය කළේය.සිය අක්කාගේ වදන් සිහිය‍ට නැගුණු විට යතුරු පැදීයේ වේගය මදකට අඩු වුවද නැවතත් පෙර පරිදිම ධාවනයෙහි යෙදුණි.
                       විජේමාන්න මහතා සිය කාර්යාලයට ඇසළට පැමිණෙන ලෙස පැවසූයේ උදෑසන 9ට වු වද උදෑසන 9.10 වනතුරුත් ඇසල පැමිණියේ නැත.තම රාජකාරිය නිසි වෙලාවට කිරීමට පුරුදු වී සිටි විජේමාන්න මහතා තවත් කෙනෙකුගේ වැඩ අතපසු වීමක් වූ විට තරමක් කෝප වෙයි.
                          මදක් කල්පනාකල විජේමාන්න මහතා මේසය මත වූ ස්ථාවර දුරකථනයෙන් ඇසළගේ ජංගම දුරකථනය ඇමතුවේය.ස්වල්ප වේලාවක් ගතවීමෙන් පසු ඇසළ වෙනුවට දුරකථනයට අනෙක් පසින් සදුනි විසින් පිලිතුරු දුන් විට විජේමාන්න මහතා තවත් කෝපවිය.
                         මදක් දුකට පත්වූ සදුනි සිදුවූ සියල්ල විජේමාන්න මහතාට දන්වා සිටි අතර ඇසළ ජංගම දුරකථනයද අමතක කර නිවසින් පිටත් වූ බව ද දන්වා සිටියාය.එය ඇසීමෙන් පසු විජේමාන්න මහතා මදකට හිත සනසුන් කරගත්තේය.
                            සමගි මාවත ඔස්සේ යක්කල පාරට පැමිණි ඇසළට යක්කල මහා මාර්ගයට ඇතුලු වීමට ද ඉඩක් නොලැබිණි.
"අඩෝ ජොනියා කොහෙද මේ යන්නෙ ජන්ඩි පහට ඇදගෙන????"
                     හදිසියේම පැමිණි චතුර සහ දුමින්ද  එක වරම ඇසළගෙන් විමසූහ.
                     ඇසළ බාහිර පෙනුමින් ඉන්දියාවේ සිනමා නලුවෙක් වන ජෝන් ඒබ්‍රහිම් ගේ රුවට සමානතාවයක් දක්වන බැවින් කුඩා කල සිටම සිය යාලුවන් ඇසළව හැදින්වූයේ ජොනියා යන අනවරථ නාමයෙනි.මුල් දිනවලදී ඔහු එය‍ට අකමැති වුවද පසුව එය ඔහුගේද විනෝදාංශය විය.
"අම්මටසිරි ඩුමියා.කොහෙද මේ ටුටුවව එක්කගෙන යන්නෙ?"
    පිළිතුරු දෙනු වෙනුවට ඇසළද යලි ප්‍රශ්නයක් ඇසුවේය.
                    දුමින්දට ඩුමියා ලෙස  මිතුරන් අමතන අතර, චතුරව අමතන්නේ  ටුටූ යන නමිනි.මන්දයත් ටුටූ යනු චතුර‍ගේ නිවසේ හුරතලේට ඇතිකරනු ලබන බල්ලාගේ නමයි. 
                       "ඒක නෙමෙයි මචං ඇසළ උඹ කොහෙද මේ මනමාලයා වගේ කිට මරාගෙන?කෑල්ලක් වත් සෙට් උනාද?"
                          "උඹට පිස්සුද යකෝ.මම මේ තාත්තගෙ ඔෆිස් එකට යනගමං.තොපි දෙන්නත් කොහෙදෝ ඉදන් කඩාපාත් උනානෙ මගේම කරුමෙට."
          "එළ එළ සනා එහෙනම් යන්න ආපු ගමන පලයන් ඉක්මනට සෙට් වෙමු ආ..........හ්"
                     "ඕකේ මචං අපි ගියා"යි කියූ ඇසළ නැවතත් යතුරු පැදිය පණගැන්වීය.හදිසියේම ඔහුට යමක් මතක් වී කලිසම් සාක්කුවට අතදමා මොනවදෝසොයන්නට විය.
"අයියෝ මල ‍මගුලයි.මම මොබයිල් ෆෝන් එක දාලා ඇවිල්ලනේ.දැන් මොකද කරන්නේ?"
                         මදක් කල්පනා කල ඇසළ යතුරු පැදිය ආපසු හරවා ධාවනය කලේ තම නිවස දෙසට ය.

Thursday, February 17, 2011

5 මල්ලි ටිකට් කෝ

                  වැලන්ටයින් එකත් ඉවර වුණා එහෙනම් අපේ කට්ටිය ලව් කරල ලොවි ගහේ හිටි‍යෙ පහුගිය දවස් ටිකේ.අනේ ඉතින් අපේ සමහර කොල්ලො තමන් ලග තිබුණ දේවල් පවා විකුණලා වැලන්ටයින් සැමරුවා.කෙල්ලොන්ටනම් මොකද ඉතින් ගිය අවුරුද්දෙ එයා එක්ක වැලන්ටයින් මේ අවුරුද්දෙ මෙයා එක්ක වැලන්ටයින්.ඔහොම ගිහිල්ලා ඉතින් අන්තිමට වැලන්ටයින් සමරන්න වෙන්නෙ මුණුපුරු මිණිබිරියො එක්ක තමයි.අනේ ඉතින් මගේ පූරුවෙ වාසනාවකට මමයි මගෙ කෙල්ලයි දෙන්නම වැලන්ටයින් සමරන්නෙ නෑ.ඉස්සරනම් අපි වැලන්ටයින් එකට කරන්නෙ කට්ටිය සෙට් වෙලා බැලන්ටයින් සමරන එක.ඒත් ඉතින් දැන් පවුලක් පන්සලක් උනාම මොන බැලන්ටයින්ද?
             වැලන්ටයින් කිව්වම මට අපූරු සිද්ධියක් මතක් වුණා.ඇත්තටම කියනවනම් ඉතින් මේකත් ඇවිල්ල මටම වෙච්ච අපස්මාර සීන් කෝන් එකක් තමයි.
                    මාත් ඉතින් අහින්සක සත්‍ය පෙරේම බුංග රාජයනේ.හැබැයි බුංග රාජයා කෙසේ වෙතත් මම වැලන්ටයින් සමරන්නෙ නම් නෑ.මොකද මට ඇවිල්ල තුන්සිය හැටපස් දවසම එක වගේ.හැමදාම ආලය මගේ හිතේ මෝරා බුර බුරා නැගෙනවා.හරියට නිකන් දොලොස් මහේ පහන වගේ.ඉතින් මායි මගේ සූකිරි බෝලෙයි දවසක් ගියා.ගියා කිව්වෙ මේ අවලං අලුගුත්තේරු ගමනක් නෙමෙයි.එයාව ක්ලාස් ගිහින් ඇරලවන්නයි මම ගියෙ.පව්නෙ ඉතින් තාම හයක් හතරක් නොතේරෙන පොඩිඑකී‍නෙ.මම අතින් අල්ලන් තමයි එක්ක යන්නෙ.ඉතින් ඔන්න මාත් ගියා.කොහොම හරි මමත් ඉතින් මනමාලයට අදිනවට හපන් ලැස්ති වෙන්න ගියාම.යකෝ කෙල්ල බලන්න යනවා කියන්නෙත් ඉතින් පෝරුවට නගින්න යනවා වගේ වැඩක්නෙ.
                  ඉතින් කොහොම කොහොමහරි ස්ටේෂන් එකට යනකොට ට්‍රේන් එක ඇවිල්ල.මල හත්තිලව්වයි මම ටිකට් ගත්තෙත් නෑ.ඕන ජිල් බෝලයක් කියල මම එල්ලුනා ටිකට් නැතුව.හැබැයි ඉතින් කෙල්ලට කෝල් එකක් දාලා කිව්වා මටත් එක්ක ටිකට් එකක් අරන් ගම්පහින් ට්‍රේන් එකට නගින්න කියලා.හරි, වදින්න ගිය දේවාලේ ලව් එකට කඩන් වැටුනා වගේ වුනා කෙල්ල කියපු සීන් එක ඇහුවම.මොකක්ද දන්නවද එයා කිව්වෙ?එයා කියනවා අද ක්ලාස් යන්න එයාගේ නැන්දගෙ දුවත් එනවලු.එයානම් එච්චර අවුලක් නෑලු.හැබැයි නැන්දගෙ දුව එන්නෙ තනියම නෙමෙයිලු.නැන්දත් එනවලු.ඔන්න ඕකනෙ අප්පා කියන්නෙ ආදරේට නැන්දගෙන් මාර කරදරේ කියලා.මමත් කිව්වා ඉතින් කමක් නෑ එයාලව යවලා අපි පස්සෙ ට්‍රේන් එකේ යමු කියලා.එයත් හා මම මොකක් හරි කරන්නමකො කියලා කිව්වා.මමත් ඉතින් ගම්පහින් බැහැල පඩිපෙල නැගලා ගාඩර් එක උඩට වෙලා හිටියා.ආදරේට කොහෙදෝ බාධා නැත්තේ කියනවනෙ නේද?
                 පහල ඉදන් ඉන්නවා කෙල්ලයි කෙල්ලගෙ යාලුවයි.මටත් නිකං කිචි වගේ.දන්නැද්ද ඉතින් කොලු වය‍සනෙ.හිටපු තැනත් අමතක වුනා මට කෙල්ල‍ව දැක්කම.මම දැම්මා ඉතින් හීනියට චූස් පාරක්.මලා කෙල්ල විතරක් නෙමෙයි මුලු සටේෂන් එකේම උන් බැලුව මං දි‍හා.අ‍යියෝ මට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා.මට නිකං කිචි වගේ අප්පා හිතේ සතුටට.ඔන්න කෙල්ලගෙ නැන්දයි,එයාගෙ දුවයි අවා ස්ටේෂන් එකට.මමත් ඉතින් ගාඩර් එක උඩ ඉදන් කෙල්ල එක්ක හිනා වේවි ඉන්නවා.අහල පහල උන් හිතන්න ඇති මට පිස්සු කියලා.උන් නිකං හැසිරෙන්නෙ උං ජීවිතේට ලව් කරල නෑ වගේ
               කොහොම කොහොම හරි එකපාරටම මම දැක්ක කොළ පාටට හුරු දුඹුරු පාට යුනිෆෝම් ඇදගත්තු හතර පස් දෙනෙක් පහල කැරකෙනවා.දෙන දෙයියො ටොකු ඇන ඇනලුනෙ දෙනවා කියන්නෙ.හත් දෙයියනේ බාප්පලා.බාප්පා කිව්වෙ මේ අපේ බාප්පා එහෙම නෙමෙයි ටික්කො.මල කෙලියයි ජූලි විසිඑකයි.ටිකට් එකත් කෙල්ල ගාව.අප්පේ මට දැනිච්ච විලිබිය කොච්චරද කියනවානම් කලිසමේ පහ නොවුනටික විතරයි.ඔන්න දැන් එකා දෙන්න කට්ටියගෙ ටිකට් බල බල මම ඉන්න පැත්තට එනවා.හුටා මම දැක්කෙත් නෑ අනිත් පැත්තෙනුත් බාප්පලා ඇවිල්ලා.පිටට අත තියනකොටයි තේරුනේ මට.මට නිකං මහසෝණා ගැහුවා වගේ.එකෙක් අහපි මල්ලි ටිකට් කෝ කියලා.මට කියාගන්න දෙයක් නෑ.‍ඒ මදිවට දිවත් උලුක් වෙලා ඇඹරිලා පැටලිලා එක කෙලියයි.හා හා එහෙනම් යන් කියලා එකෙක් මගෙ බැග් එකත් ගත්ත.නිකං මිනීමැරුමක් කරල අහුවුණා වගේ මුං මාව අරන්ගියෙ.
                    අනේ දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ මෙන්න කෙල්ලගේ යාලුව එනවා අපි ඉස්සරහට.අනේ මට නිකං කාන්තාරෙදි දිය පොදක් දැක්ක වගේ.මට එයාව බදාගෙන ඉඹින්න හිතුනා.වෙලාවට මම ඉම්ඹෙ නැත්තෙ.කෙල්ල තමයි එයාට මගෙ ටිකට් එක දීලා එවලා තියෙන්නෙ මාව බේරගෙන එන්න කියලා.බැරිවෙලාවත් කෙල්ලගෙ යාලුවාව ඉමඹානං කෙල්ලත් මාව අත අරිනවා.කොහොමහරි මම බේරුණා.හැබැයි ඉතින් මුලු ස්ටේෂන් එකේම උන් බලං ඉන්නවා මගෙ දිහා.හරියට අමුතු සතෙක් දිහා බලං ඉන්නවා වගේ.ටික වෙලාවකින් ආපු ට්‍රේන් එකේ නැන්දයි දුවයි ගියා.වෙලාවට නැන්දට හොරෙන් කෙල්ලගෙ යාලුව ආවේ.අපිත් ඉතින් ඊලග ට්‍රේන් එකේ ගියා.
               ඔන්න ඕකයි ඉතින් උනේ.ආදරේ කරනකොට ඔය වගේ කටු කන්න වෙනවා තමයි.අදත් ඒවගේ සීන් මතක් වෙනකොට පට්ට ආතල් ඉතින්.මොනවා උනත් මම එදායින් පස්සෙනම් ටිකට් නොගෙන ට්‍රේන් එකේ යන්නෙ නෑ.පරක්කු වුනොත් ඊළග එකේ හරි ටිකට් අරන් තමයි යන්නෙ..................................

Sunday, February 13, 2011

4 ඔය ඇස් අමතක වෙන්න නම් (පළමු කොටස)

"ඕයි මල්ලි  නැගිටනවා.තමුසෙ අද යන්නෙ නැද්ද?තාත්තා කියල ගියෙ උදේම ඇහැරවල එවන්න කියල."
     සදුනි සිය මල්ලීට උදෑසන තේ කෝප්පයද රැගෙන කාමරයට පිවිසියාය.උදෑසන හත පසුවී තිබුන ද ඇසල තාමත් ඇදෙහි වැතිර නින්දත් නොනින්දත් අතර සිටියි.
"මොන කරදරයක්ද ඕයි මේ උදේ පාන්දර.ටිකක් ඉන්නවකො වද නොදී.".
ඔහු නැවතත් අනෙක් පසට හැරී ගුලිවූයේ හිතේ තිබූ නොමනාපයද පිටකරමිනි.ඇසල නම් දැන්ම නැගිටින පාටක් නැත.
   ඇසල ප්‍රභාෂ්වර විජේමාන්න වූ කලී තවමත් විසි එක්වන විය නොඉක්මවු කෙලිලොල් කඩවසම් තරුණයෙකි.ඔහු ඇසල ගාමන්ට්ස් හි අධිපති ගුණතිලක විජේමාන්න ගේ එකම පුත්‍රයාය.මුදල් හදල් අතින් කිසිදු අඩුවක් නොතිබුනද විජේමාන්න මහතා ගතකලේ හුදකලා ජීවිතයකි.සිය බිරිද දරුවන් කුඩා අවදියේදීම වෙනත් පුරුෂයකු හා විවාහ වී වෙනත් රටකට ගොසිනි.විජේමාන්න මහතා සිය දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැප කලේය.එහෙයින් නැවතත් විවාහ වීමට ඔහුගේ මාපියන් හා නෑදෑයින් විසින් ගෙනෙන ලද සියලු විවාහ යෝජනා ඔහු විසින් ප්‍රතික්ෂේප කළේය.සදුනි වත්සලා විජේමාන්න ඔහුගේ වැඩිමල් දියණියයි.ඇය වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ තරිදු ගුණවර්ධන සමග විවාහ වී සිටියි.තරිදු සහ සදුනි වාසය කලේ ද විජේමාන්න නිවසෙහිය.
           සදුනි සිය මල්ලීට බෙහෙවින් ආදරය කලාය.නිවසේ සේවයට මෙහෙකරුවන් තිදෙනකු සිටිය ද ඇසලගේ සියලු ඕනෑ එපාකම් ඉටුවූයේ සදුනි ගේ අතිනි.ඇසලට මව නැති අඩුපාඩුව නොදැනෙන ලෙස සියලු ඔනෑ එපාකම් ඉටු කිරීමට සදුනි උත්සාහ ගත්තාය.
"මල්ලි දැන් අටටත් ලගයි.නැගිටින්නෙ නැද්ද?තාත්ත කිව්ව නවය වෙනකොට එවන්න කියලා.දැන් නැගිටලා මේ තේ එක බීලා ඉක්මනට ලෑස්ති වෙන්න"
එවරනම් ඇසල ඇයගේ බසට කීකරු වූ බවක් පෙනුනි.ඔහු වහා ඇදෙන් නැගිට නාන කාමරට ගොස් දොර වසා ගත්තේය.
   කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස්පෙල හමාර කල ඇසල මේ වනවිට සිය පියාගේ ධනය වැය කරමින් යහලුවන් සමග විනෝදයෙන් කාලය ගතකරමින් සිටී.සිය විසිවෙනි උපන්දිනයට පියාගෙන් ලැබුන නවීන පන්නයේ සිත්ගත් යතුරු පැදිය ද ඊට මහත් රුකුලක් විය.
   ඇසල තම ව්‍යාපාර කටයුතු සදහා සම්බන්ධ කර ගත යුතු බව විජේමාන්න මහතා විසින් තීරණය කරනු ලැබුවේ ඉකුත් සතියේ ය.ඒ තම පුතා යහලුවන් සමග රස්තියාදුවේ ගොස් විනාශ වේ යයි දැනුණු බිය නිසාය.ඇසල ඉකුත් සතියේ ඔහුගේ යහලුවකුගේ නිවසක තිබූ උත්සවයකට සහභාගි වී යලි නිවසට පැමිණියේ බී මතිනි.විජේමාන්න මහතා සිය පුතාට ඒ ගැන තරවටු කිරීමක් නොකලද සිටියේ ඒ පිළීබදව බොහෝ කණස්සල්ලෙනි.
"ලයිසම්මා,ඇසල බේබිට කන්න කෑම මේසෙ ලෑස්ති කරන්න"
සදුනි නැවතත් ඇසලගේ කාමරයට පැමිණියාය.
"ෂහ් මල්ලිගෙ ලස්සන අද.දැන්නම් රස්තියාදුකාර පාට ගිහින් වැදගත් මහත්තයෙක් වගේ පේනවා"
සදුනි එසේ කීවේ ඇසලගේ ‍කමිසයේ කොලරය සකසන ගමන්ය.
"අනේ නිකන් යනවා හලෝ.අපි කවදත් නියම මහත්තුරු තමයි"
"ඔව් ඔව් වැදගත් කම නිසා වෙන්න ඇති අර එදා රෑ හතර ගාතෙන් ආවෙ.තාත්තා මුකුත් නොකීවට හරිම හිතේ අමාරුවෙන් හිටියෙ.ආයෙ එහෙම ඔය මලජරාව කටේ තියනව නෙමෙයි.තේ‍රුණාද?"
"හරි හරි ඉතින් ‍වැදගත් අය අතින් පොඩි පොඩි මිස්ටේකස් වෙන්නැද්ද හලෝ"යි කියමින් ඇසල අක්කා මගහැර පඩිපෙල බැස්සේය.
ලයිසම්මා කෑම මේසය සකස් කරමින් සිටී.
"හප්පේ අද ඇසල බේබිගෙ ලස්සන"
"ලයිසම්මා අදද මාව දැක්කෙ.යකෝ මේක හරියට ඇසල ඉපදුන කාලෙ වගේනෙ"
ඇසලගේ මුහුණෙන් පළවූ නොරිස්සුම් ගතිය නිසාම ලයිසම්මා යලි කිසිවක් නොකීමට වගබලාගත්තාය.
   මුලුතැන් ගෙයි මෙහෙකාරිය වූ ලයිසම්මා මෙන්ම නිවසේ අනෙකුත් කටයුතු සොයා බලමින් සිටි ගුණපාල ද විජේමාන්න නිවසෙහි නිත්‍ය රියදුරු ලෙස සේවය කරන රංජිත් ද විජේමාන්න නිවසේ සේවයට පැමිණියේ ඇසල සහ සදුනි කුඩා අවදියේය.
"අක්කෙ කෝ තරිදු අයියා කන්නෙ නැද්ද"
"තරිදු අයියා ගියා මල්ලි උදේම හදිසි ලෙඩෙක් බලන්න තියෙනවා කියල"
"අන්න ඒකනේ අක්කා අපි වැඩිය ඉගෙන ගත්තෙ නැත්තෙ.බලන්න දැන් තරිදු අයිය කන කට්ට.හරියට නින්දක්වත් නෑ.ඒ වගේද අපි"
එවිට නම් සදුනිට තරමක කෝපයක් දැනිණි.
"ඔව් ඔව් මුකුත් නොකර යාලුවොත් එක්ක රස්තියාදු ගගහ ඉන්නවා.තාත්තත් මෙයාව හුරතල් කරනවනෙ.තමුසෙ ඔය මල ජරා යාලුවො එක්ක මොන මොන ජරා වැඩ කරනවද දන්නෙ නෑ.මට එදා සිගරට් ගදකුත් ආවා මං පව් කියලා නිකං හිටියෙ.ඉන්නවකො තාත්තට කියන්න"
එවර නම් ඇසලට පොලව පලාගෙන යාමට තරම් ලැජ්ජාවක් ඇතිවුණි.ඔහු ඉක්මනින් කඩල අහුරක් දෙකක් කා කෑම මේසයෙන් ඉවත් විය.
එය දුටු සදුනිට මල්ලී ගැන දුක සිතිනි.
"මල්ලී ඔය යන්නද හදන්නෙ?"
"ඔව් අක්කෙ නවයට තව විනාඩි විස්සයි"
ඇසල අක්කාගේ දෙපා නැමදීමට සූදානම් වෙමින් පැවසුවේය.

"හා හොදයි එහෙනම් පරිස්සමට යන්න.හෙමින් යන්න ඔනෙ තේරුණාද?මහත්තයෙක් වගේ.බුදුසරණයි"
ඇසල සිය යතුරු පැදිය පණ ගන්වා ගේට්ටුවෙන් පිටවන දෙස සදුනි බලා සිටියේ සිනා පිරුණු දෑසිනි.

Friday, February 11, 2011

Thursday, February 10, 2011

4 අන්තර් ජාලයෙන් මුදල් උපයමු

                      අද මම මේ කියන්න යන්නෙ අන්තර් ජාලයෙන් මුදල් උපයන පහසුම ක්‍රමයක් වන ඇඩ්ස් ක්ලික් කි‍රීමෙන් මුදල් උපයා ගැනීම ගැනයි.මම මුලින්ම කියන්න ඕනෙ එක පාරටම මේකෙන් ලොකු ගානක් උපයන්න බෑ.කොයිදේ උනත් දියුණු වෙනව කියන්නෙ ටිකෙන් ටිකනේ.මුලදිනම් එපා වෙනවා මේක.ඕනම දෙයක් ඉතින් මුලදි එහෙමනෙ.ඒ නිසා හෙමිහිට මේක කරගෙන් යන්න.ටික කාලයක් යනකොට ඔයාලටම තේරෙයි මේක කොච්චර ලේසිද කියලා.
                      මුලින්ම මම කියල දෙන්න යන්නෙ Alertpay එකවුන්ට් එකක් හදා ගන්න හැටි.alertpay කියන්නෙ හරියට online බැංකුවක් වගේ.හැබැයි මේකෙ සල්ලි දැම්ම කියල පොලියක් ලැබෙන්නෙ නෑ.හරියටම කියනවනම් මෙක මුදල් හුවමාරු කරගන්න තැනක්.මේක 100%ක් විස්වාසවන්තයි.ඒ වගේම නීත්‍යානුකූලයි.මේක හරහා මුදල් බැංකුවකට වගේම ඔයාලගෙ ගෙදරටත් තැපෑලෙන් ගෙන්වා ගන්න පුලුවන්.හැබැයි මේකෙන් එක් වරක් මුදල් ලබා ගැනීමේදී ඔවුන් සුලු මුදලක්(5$ විතර) අය කරනවා.ඒ නිසා ඔයාලා මුලින්ම ටික කාලයක් ඇඩ්ස් ක්ලික් කරල ලොකු මුදලක් එකතු උනාම මේ හරහා මුදල් ලබාගන්න.
                     ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනෙ Alertpay  එකවුන්ට් එකක් හදා ගන්න එක.මේ සදහා ඔයාලා ලබා  දෙන්න ඕනෙ ඔයාලගෙ ඇත්තම තොරතුරු.මොකද මේක හරහා මුදල් ගෙවන්නෙ ඔයාලට.ඒ නිසා බොරු තොරතුරු දුන්නොත් ඔයාලටමයි පාඩු.ඉතින් Alertpay එකවුන්ට් එකක් හදන්න මෙතන ක්ලික් කරන්න.මේකට ඇතුලත් කරන ඊමේල් ලිපිනය මතක තියාගන්න.මෙකේ රෙජිස්ටර් වෙනකොට transaction pin කියල එකක් ඉල්ලනවා.ඒකට ඔයාලට මතක හිටින අංක 5ක් දෙන්න.
                     දැන් අපි බලමු ඇඩ්ස් ක්ලික් කරලා මුදල් උපයන ආකාරය.මුලින්ම ඔයාලා ඇඩ්ස් ක්ලික් කලහැකි වෙබ් අඩවි වල ලියාපදිංචි වෙන්න ඕනේ.ලියාපදිංචි වීමේදි ඔබගෙන් අහනවා Alertpay ලිපිනය කියලා එකක්.එතන සටහන් කරන්න ඕනෙ ඔයාලා කලින් Alertpay එකවුන්ට් එක හදනකොට සටහන් කරපු ඊමේල් ලිපිනය.ඔයාලා එම අඩවි වල ලියාපදිංචි වුණාට පස්සෙ ඇඩ්ස් ක්ලික් කිරීමට එම අඩවි වලට ඇතුලු විය යුතුයි.එම අඩවි වලින් දවසට ඇඩ්ස් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් දෙනවා ඔයාලට නරඹන්න.එක ඇඩ් එකක් නරඹන්න ඕනෙ තත්පර 30ක් වගේ සුලු කාලයක්.මෙහෙම කාලයක් ඇඩ්ස් ක්ලික් කලාට පස්සෙ ඔයාල එකතු කරපු මුදල් වලින් සුලු ප්‍රමාණයක් වැය කරලා ඔයාලට පුලුවන් ඔයාලා වෙනුවට ඇඩ්ස් ක්ලික් කරන අය මිලදී ගන්න.එතකොට ඔයා ක්ලික් කරනවට අමතරව ඔයා ගත්ත අය ක්ලික් කරනවටත් යම් මුදලක් එම අඩවිය විසින් ඔයාට ගෙවනවා.ඒ වගෙම එම අඩවි වල ඇඩ්ස් ඔයාලගෙ බ්ලොග් අඩව්ය තුල ප්‍රචාරය කිරීම මගිනුත්  ඔයාලට අමතර ආදායමක් ගන්න පුලුවන්.
                      පහත දැක්වෙන්නෙ මම ඇඩ්ස් ක්ලික් කරන වෙබ් අඩවි කීපයක්.Alertpay එකවුන්ට් එකක් හදාගත්තට පස්සෙ ඔයාලටත් පුලුවන් ඒ අඩවි වල ලියාපදිංචි වෙලා ඇඩ්ස් ක්ලික් කරල අමතර ආදායමක් උපයන්න.

                     මෙම අඩවි සදහා ලියාපදිංචි වීමට එම දැන්වීම් මත ක්ලික් කරන්න.
























                                    මේ වගේ තව විවිධ පහසු ක්‍රම තියෙනවා අන්තර් ජාලය මගින් නීත්‍යානුකූලව මුදල් උපයාගතහැකි.මම ඉදිරියෙදි ඒවා ගැනත් ඔයාලට කියන්නම්කො.

Monday, February 7, 2011

4 අපේ සෙට් එක මඩොල් දුවෙ ගියා ලු

          ඉතින් මං මේ කියන්න යන්නෙ විහිලු කතාවක් වත්, ගොතපු කතාවක් වත් නෙමෙයි.මේක මේ පහුගිය නිදහස් දවසෙ සිද්ධ උන ඇත්තම ඇත්ත කතාවක්.
ඔන්න ඉතින් අපි සෙට් එක (සෙට් එක කිව්වෙ අ‍පි යාලුවො පස්දෙනෙක්) ගිය (2)බදාදා රෑ කතා කර ගත්ත  නිදහස් දවසෙ  මාතලේ සුළං කපොල්ල බලන්න යන්න කියලා.නුවර ඉන්න අක්ක කෙනෙකුටත් කතා කරලා ඇහුව ඔය පැත්තට මේ කාලෙ වහිනවද කියලා.පුදනකොටම කාපි යකා කියලා මෙන්න අක්ක කිව්වා මාතලේ යන්න එපා මේ දවස් වල හොදටම වහිනවා නාය ගිහින් කියලා.අනික මේ දවස් වල මීදුම වැඩි නිසා රිවෙන්ස්ටන් යන්න දෙන්නෙත් නෑ කියලා කිවව.අනේ ඉතින් මොනවා කරන්නද පස්සෙ අපි තීරණය කලා ගාල්ලෙ යමු කියලා.හදිස්සියෙම මම කිව්වා මඩොල් දූවෙ යං කියලා.ඔන්න ඉතින් පාන්දර 4.40 කෝච්චියෙ යං කියලා 4.15 ට අපේ ගෙදරට සෙට් වෙමු කියලා කට්ටයම කතා කර‍ගත්ත.

          ඉතින් මමත් උදේ පාන්දරම ඇහැරිලා ලක ලෑස්ති වෙලා බලං උන්නා කට්ටිය එනකං.උදේ පාන්දරම ඇහැරුනා කිව්වට අලුතෙන් ඇහැරෙන්න දෙයක් තිබුනෙ නෑ මුලු රෑම ඇහැරිලා තමයි හිටියෙ.රෑ 12ට විතර තමයි නිදාගන්න ගියෙ.කොහොමත් ඉතින් ට්‍රිප් එකක් යන්න කලින් දවසෙ රෑ නින්ද යන්නෙ නෑලු නෙ.පස්සෙ මං එකේක්ට කෝල් එකකුත් දුන්න මොකද පරක්කු බලන්න.4.30ට විතර ඔන්න තුන් දෙනෙක් ආවා.එකෙක් නෑ.එකෙක්ව ඌව එක්කගෙන එන්න යවල අපි තුන්දෙනෙක් ගියා ටිකට් ගන්න කියලා.ඔන්න ටිකකින් එක්කගෙන එන්න ගියපු එකා කෝල් එකක් දීලා කියපි "මචං මූ දැනුයි ඇහැරුනේ ඊලග ට්‍රේන් එකෙ යමන් කියලා".අනේ ඉතින් උදේ පාන්දර ලෑස්ති වෙලත් එකෙක් ගහපු බුලක් නිසා ඔන්න ඉතින් අපි 5.20 ට්‍රේන් එකේ ගියා.කොහොමහරි අල්ලපු ගෙදර මල්ලිගෙ බොන්ගො එකත් ඉල්ලගෙන මම ගගහ ගියෙ.අපි 10ට විතර ගාල්ලට ගියා.කොළඹ මාතර බස් එකක නැගලා කොග්ගලින් බැහැල මඩොල් දූවට යන්න බෝට් සර්විස් එකකුත් ටෝක් කර ගත්තා.නයි කයිද රෝස් පාං කිව්වලු එතන බෝට්ටුවක් මඩොල් දුවට ගිහින් එන්න රු.1000ක් ඉල්ලනවා.බොට්ටුවෙ යන්න තියෙන්නෙ මීටර 150ක් වගේ.බොට්ටුව වැඩකරන්නෙ රත්තරන් වලින් ද කියලා අහන්න හිතුනත් නිකං මොකටද ඉල්ලං කන්නෙ කියල හිතල අමාරුවෙන් ඉවසලා රු.1000ක් දීලා ගියා.එදා ටිකක් සෙනග වැඩියි නිවාඩු දවසක් නිසා.අනේ ඉතින් කපල් එකක් ඇවිල්ල හතර වටේ කැරකි කැරකි ඉන්නවා.කරන්න දෙයක් නෑනෙ ඉතින් සෙනගත් වැඩියිනෙ.අපිත් ඉතින් කාලා එහෙම සින්දුවක් දෙකක් කියලා ෆන් එකක් ගත්ත.අපි ඉස්සර කරටි කැ‍ඩෙන්න ගැහුවට දැන් නිවන් ගිහින් වගේ.පන්සිල් ගන්න කොට කියන්නෙත් පස්වෙනි සිල් පද‍ය විතරයි.අනිත් ඒවා කිව්වත් වැඩක් නෑනෙ.ඒ නිසා සුරා ව දැක්කත් නොදැක්ක වගේ යනවා මිසක් පානය කරන්නෙ නම් නෑ.
          ඔන්න ඉතින් බෝට්ටුවෙ ඉන්න එකාට කෝල් එකක් දීලා අපිව ආපහු එක්ක යන්න එන්න කිව්වා.අපි බෝට්ටුවට නැග්ගම මූ කියනවා දුපත වටේ යනවනම් 1200යි මොකද කියන්නෙ යමුද කියලා.අම්මප අපේ ගම උනානම් මං ඌට කියනවා.මොනවා කරන්නද ඉතින් අපි හිටියෙ පිටගමකනෙ.දත් වලින් බත් කන්න ආස නිසා අනෙ එපා අයියෙ කියල අපි එන්න ආවා.

          පස්සෙ අපි ආවා මූදෙ නාන්න කියලා කොග්ගල බීච් පාක් එකට.එතන තියෙනවලු මූදෙ නාලා ලුනු වතුර හේදෙන්න අයෙත් නාන්න තැනක්.අපිත් ඉතින් පොරවල් වගේ ගියා.හැබැයි ඉතින් මූදෙ නාලා ලුනු වතුර හේදෙන්න ඒකේ නාන්න පුලුවන් ඒවා ලොක් කරල යතුර අරන් ගිය එකාට විතරයි.අපේ කට්ටිය ඉතින් ඒවා ලොක්කරපු එකාව මතක් කර කර බස් එකේ නැගලා ආවා ගාල්ලට්.ඒ අස්සෙ තව එකෙක් තව වැඩක් සෙට් කරගෙන.ෆෝන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලෙ කෙල්ලෙක්ට මොකක්ද පොතක් ගෙනත් දෙනවා කියලා ටවුන් එකට එන්න කියලා.අනේ ඒ කෙල්ල අපේ එකා එනකං ටවුන් එකේ පැය දෙකක් විතර හෙන කට්ටක් කාලා.අනේ අපිත් ආවා ඉතින් කවුද මේ කෙල්ල කියලා බලන්න.අප්පට සිරි මේකි ඉන්නෙ කොල්ලෙක් එක්ක.අපේ එකාගෙ පපුව නිකං 2007 දි වාකරේට ගිහින් දැම්මා වගේ.ඌ නිකං ඒ වෙලාවෙ දියෙන් ගොඩ දැම්ම වගේ වෙව්ලනවා.අනේ ඉතින් ඌ ගිහිල්ල පොත දීලා අවා.මූ කියනවා ඒ කොල්ල ඒකිගෙ අයියලු.ඒක දන්නෙ ඉතින් අයියයි නංගියි තමයි.පොඩි වැස්සක් වගේ සෙට් උනා.අපිත් ඉතින් ආතල් කියලා අයිස්ක්‍රීම් කකා ගියා ගාලු කොටුව බලන්න.මෙන්න හෙන වැස්සක්.අපි ට්කක් වෙලා ඉදලා ආවා ස්ටේෂන් එකට.ටිකට්ස් එහෙම අරන් ගියා කන්න මොනවා හරි ගන්න.ගිහින් බිස්කට් වගේකුයි,ස්ප්‍රයිට් මෙගා බෝතලේකුයි අරන් ආවා.බෝතලේ 170යි.කඩේ එකා කියනවා කූල් නිසා 180යිලු.ආසියාවේ ආශ්චර්යනෙ කියලා හිතලා කඩේ එකාවත් මතක් කර කර ට්‍රේන් එකට නැගලා සෙට් උනා සින්දුවක් කියල ෆන් එකක් ගන්න.

          ඉතින් අපි නෝමල් එකේ සින්දුවක් කිය කිය අවා හික්කඩුවට එනකං.ඔන්න හික්කඩුවෙදි අවා අපි ලගට පොරක් කැප් එකක් එහෙම දාගෙන.අපි නිකං සින්දු කිව්වෙ උදේට කෑවෙ නෑ වගේ.පස්සෙ පොර අපි ලගට ඇවිත් ඇහුවා සින්දු කියනවද කියලා.මං හිතන්නෙ අපි කියපු සින්දු ඇහෙන්න නැතුව ඇති.ඒ තරං හයියෙන් අපි කිව්වෙ.
පස්සෙ මං කිව්වා කියමුද අයියෙ සින්දුවක් කියලා.පොර ටිකක් අනුමත වෙලා  විටක් එහෙම කකා බඹර වගේ හිටියේ.ගිහින් කෙල එහෙම ගහලා පටන් ගත්ත සින්දු කියන්න.ෆට්ට ආතල් ඉතින් අපෙ උනුත් ‍ෆෝම් වෙලා එකසිය ගානට සින්දු කියනවා.කෝච්චි පෙට්ටියම දෙවනත් වෙන්න කිව්වා සින්දු.අලුතෙන් ෆිට් වුන ඩයල් එක අහල පහල ඉන්න එවුන්ටත් කතා කරනව සින්දු කියන්න.ආතල් එක කොච්චර ද කියනවනම් වටේ පිටේ ඉදන් හිටපු උන් වන් මෝර් කිය කිය කෑ ගහනවා.අන්කල් කාරයටත් කිකේ කික් වෙලා හිටියෙ.සුද්දෙක් ඇවිල්ල ෆොටෝස් වගයකුත් ගත්ත.අනේ ඉතින් මගෙ අත් දෙක ඉවරයි බොංගො ගහලා.උන්ට නම් ෆන්.මට?මේ යකා හික්කඩුවෙ ඉදන් කලුතරත් පහු වෙනකං එකදිගටම කිව්වනෙ සින්දු.මාත් ඉතින් දිවත් එලියට දාගෙන ගැහුව බොංගො.අනේ ඉතින් මේ යකා එන්න එන්නම ෆෝම් වෙනවා.බොංගො එකේ සද්දෙත් මදි කියලා එකෙක් කිව්වා.මං ඉතින් ගැහුවා දත් මිට් කාගෙන.කොච්චර ගැහුවද කියනවනම් තාම අත රිදෙනවා ටයිප් කරනකොට.ඉතින් ඔන්න කලුතර පාස් කරලා එනකොට දෙයියනේ කියලා බොංගො එකේ සද්දෙ වෙනස් උනා.බැලුව මොකද කියලා.අම්ම ගහයි බිලී පිත්තෙන් බොංගො එක පැලිලා.දැන් ඉතින් අල්ලපු ගෙදර පොඩි එකාට අරන් දීපන්කො බොංගො එකක්.හිගන්නගෙ පාත්තරේට බොංගො එක කඩා වැටුනා වගේ.හැමදේම වෙන්නෙ හොදටයි කියලා හිත හදා ගෙන එනකොට මෙන්න අර අන්කල් කාරයා උගෙ ජීවිත කතාව කියන්න පටන් ගත්ත.

          පොර බැදලා නෑ.වයස 51ක්.පොලීසියෙලු.දැන් වැඩ කරන්නෙ වරායෙ කිව්ව.අපිට අයි.ඩී එකත් පෙන්නුවා.දැන් පොර කොල්ල කාලෙ කරපු හැම බලු වැඩක්ම අපිට කියවනවා.ඒ කාලේ යාලු වුන කෙල්ලො ගැන.කරපු දෙවල් සේරම කියවනවා.පොරට දැනුත් ඉන්නවලු අවු.30ක කෑල්ලක්.ඒ ගැනත් ඉතින් කියෙව්වා ගල් කිස්ස හරියට එනකං.අපිත් ඉතින් අහන් හිටියා.පස්සෙ පොර කිව්වා තමන් ගැනම.සල්ලි තියෙනවලු.හොද කෙල්ලෙක් සෙට් උනොත් බදිනව කිව්වා.ගෑණියෙක් නම් එපාලු.කෙල්ලෙක්මලු ඕනෙ.අපිට කියනවා කෙල්ලෙක් හොයලා දෙන්නලු.පවුලෙ කෙනෙක් උනත් කමක් නෑලු.පොර අහන්නෙත් මේ 20,25 කෙල්ලො ගැන.මරු ඉතින් බැන්දම තාත්තයි දුවයි වගේ ඉදියි.කොහොම හරි අපේ සෙට් එකෙ හිටියා අයිය කෙනෙක්.අපිට වඩා අවුරුදු 2යි වැඩිමල්.අන්කල් කාරයා ඒ අයියව පෙන්නල තව එකෙක්ගෙන් ඇහුව මෙයාට නංගියෙක් ඉන්නවා නේද කියලා.අරුත් ගත් කටටම කිව්ව ඔව් කියලා.අන්කල්ට ඉතින් දිව්‍ය ලෝකෙ ගියා වගේ.පොර කියනවා ඒ අයියට නංගිව ඌට සෙට් කරන්න කියලා.අපිත් ඉතින් ඒ වෙලාවෙ ෆන් එකේ හිටිය නිසා එච්චර ගනන් ගත්තෙ නෑ.දැන් මූ ආයෙත් අහනව ඒ අයියගෙන් නංගි ගැන.යකෝ මේක මගුල් සක්වලක් වෙලානෙ.51ක් වෙන පොරක් 20ක කෙල්ලෙක් ගැන අහනවා.අයිය කාරයා හොද අහින්සක ඩයල් එක.ඉතින් මං අර අන්කල් කාරයට කිව්ව මෙයාට බැදපු නැති පුංචි කෙනෙක් ඉන්නවා සෙට් කරන්නද කියලා.පොර  ආයෙත් කිකේ කික් උනා.අපි ඉතින් පොරව ඇන්දුව හොදට.දැන් පොර අහනවා පුංචිගෙ නමයි.ෆොන් නම්බර් එකයි හැමදේම අර අයියගෙන්.කොන්ඩෙ කොච්චර දිගද කියලත් අහනවා.තව මේකෙ දාන්න බැරි අනං මනං ට්කකුත් ඇහුවා.ඒවා දාන්න වෙන්නෙ ඉතින් කොටු දාලා තමයි.පස් සෙ පොර ඒ අයියගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන පුංචිව බලන්නත් එන්නම් කියලා කොටුවෙන් බැස්සා.අපි ගෙදර ආවා ඌව මතක් කර කර හිනා වෙවී.කොහොම හරි 6 වෙනිදා රෑ 12.20ට අර අයියට මිස් කෝල් එකකුත් දීලා.අන්කල් කාරය වැඩේ සිරාවට අරන්.අපිටත් මොකද අප්පා ඌටනෙ පිස්සු.

          ඔන්න ඕකලු ඉතින් උනා කියන්නෙ.තව මේ වගේ සිද්ද වුන ඇත්ත කතා ටිකක් පෝස්ට් කරන්නම්.කොහොම හරි ට්‍රිප් එකනම් ෆට්ටම ආතල්.මේක කියවලා බලලා ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න.
හිනා යන්නෙ නැති වුනොත් ආයෙත් පාරක් කියවන ගමන් තනියම හිනාවෙන්න........................