Showing posts with label ඇත්තටම මෙහෙම වුණාලු. Show all posts
Showing posts with label ඇත්තටම මෙහෙම වුණාලු. Show all posts

Thursday, February 17, 2011

5 මල්ලි ටිකට් කෝ

                  වැලන්ටයින් එකත් ඉවර වුණා එහෙනම් අපේ කට්ටිය ලව් කරල ලොවි ගහේ හිටි‍යෙ පහුගිය දවස් ටිකේ.අනේ ඉතින් අපේ සමහර කොල්ලො තමන් ලග තිබුණ දේවල් පවා විකුණලා වැලන්ටයින් සැමරුවා.කෙල්ලොන්ටනම් මොකද ඉතින් ගිය අවුරුද්දෙ එයා එක්ක වැලන්ටයින් මේ අවුරුද්දෙ මෙයා එක්ක වැලන්ටයින්.ඔහොම ගිහිල්ලා ඉතින් අන්තිමට වැලන්ටයින් සමරන්න වෙන්නෙ මුණුපුරු මිණිබිරියො එක්ක තමයි.අනේ ඉතින් මගේ පූරුවෙ වාසනාවකට මමයි මගෙ කෙල්ලයි දෙන්නම වැලන්ටයින් සමරන්නෙ නෑ.ඉස්සරනම් අපි වැලන්ටයින් එකට කරන්නෙ කට්ටිය සෙට් වෙලා බැලන්ටයින් සමරන එක.ඒත් ඉතින් දැන් පවුලක් පන්සලක් උනාම මොන බැලන්ටයින්ද?
             වැලන්ටයින් කිව්වම මට අපූරු සිද්ධියක් මතක් වුණා.ඇත්තටම කියනවනම් ඉතින් මේකත් ඇවිල්ල මටම වෙච්ච අපස්මාර සීන් කෝන් එකක් තමයි.
                    මාත් ඉතින් අහින්සක සත්‍ය පෙරේම බුංග රාජයනේ.හැබැයි බුංග රාජයා කෙසේ වෙතත් මම වැලන්ටයින් සමරන්නෙ නම් නෑ.මොකද මට ඇවිල්ල තුන්සිය හැටපස් දවසම එක වගේ.හැමදාම ආලය මගේ හිතේ මෝරා බුර බුරා නැගෙනවා.හරියට නිකන් දොලොස් මහේ පහන වගේ.ඉතින් මායි මගේ සූකිරි බෝලෙයි දවසක් ගියා.ගියා කිව්වෙ මේ අවලං අලුගුත්තේරු ගමනක් නෙමෙයි.එයාව ක්ලාස් ගිහින් ඇරලවන්නයි මම ගියෙ.පව්නෙ ඉතින් තාම හයක් හතරක් නොතේරෙන පොඩිඑකී‍නෙ.මම අතින් අල්ලන් තමයි එක්ක යන්නෙ.ඉතින් ඔන්න මාත් ගියා.කොහොම හරි මමත් ඉතින් මනමාලයට අදිනවට හපන් ලැස්ති වෙන්න ගියාම.යකෝ කෙල්ල බලන්න යනවා කියන්නෙත් ඉතින් පෝරුවට නගින්න යනවා වගේ වැඩක්නෙ.
                  ඉතින් කොහොම කොහොමහරි ස්ටේෂන් එකට යනකොට ට්‍රේන් එක ඇවිල්ල.මල හත්තිලව්වයි මම ටිකට් ගත්තෙත් නෑ.ඕන ජිල් බෝලයක් කියල මම එල්ලුනා ටිකට් නැතුව.හැබැයි ඉතින් කෙල්ලට කෝල් එකක් දාලා කිව්වා මටත් එක්ක ටිකට් එකක් අරන් ගම්පහින් ට්‍රේන් එකට නගින්න කියලා.හරි, වදින්න ගිය දේවාලේ ලව් එකට කඩන් වැටුනා වගේ වුනා කෙල්ල කියපු සීන් එක ඇහුවම.මොකක්ද දන්නවද එයා කිව්වෙ?එයා කියනවා අද ක්ලාස් යන්න එයාගේ නැන්දගෙ දුවත් එනවලු.එයානම් එච්චර අවුලක් නෑලු.හැබැයි නැන්දගෙ දුව එන්නෙ තනියම නෙමෙයිලු.නැන්දත් එනවලු.ඔන්න ඕකනෙ අප්පා කියන්නෙ ආදරේට නැන්දගෙන් මාර කරදරේ කියලා.මමත් කිව්වා ඉතින් කමක් නෑ එයාලව යවලා අපි පස්සෙ ට්‍රේන් එකේ යමු කියලා.එයත් හා මම මොකක් හරි කරන්නමකො කියලා කිව්වා.මමත් ඉතින් ගම්පහින් බැහැල පඩිපෙල නැගලා ගාඩර් එක උඩට වෙලා හිටියා.ආදරේට කොහෙදෝ බාධා නැත්තේ කියනවනෙ නේද?
                 පහල ඉදන් ඉන්නවා කෙල්ලයි කෙල්ලගෙ යාලුවයි.මටත් නිකං කිචි වගේ.දන්නැද්ද ඉතින් කොලු වය‍සනෙ.හිටපු තැනත් අමතක වුනා මට කෙල්ල‍ව දැක්කම.මම දැම්මා ඉතින් හීනියට චූස් පාරක්.මලා කෙල්ල විතරක් නෙමෙයි මුලු සටේෂන් එකේම උන් බැලුව මං දි‍හා.අ‍යියෝ මට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා.මට නිකං කිචි වගේ අප්පා හිතේ සතුටට.ඔන්න කෙල්ලගෙ නැන්දයි,එයාගෙ දුවයි අවා ස්ටේෂන් එකට.මමත් ඉතින් ගාඩර් එක උඩ ඉදන් කෙල්ල එක්ක හිනා වේවි ඉන්නවා.අහල පහල උන් හිතන්න ඇති මට පිස්සු කියලා.උන් නිකං හැසිරෙන්නෙ උං ජීවිතේට ලව් කරල නෑ වගේ
               කොහොම කොහොම හරි එකපාරටම මම දැක්ක කොළ පාටට හුරු දුඹුරු පාට යුනිෆෝම් ඇදගත්තු හතර පස් දෙනෙක් පහල කැරකෙනවා.දෙන දෙයියො ටොකු ඇන ඇනලුනෙ දෙනවා කියන්නෙ.හත් දෙයියනේ බාප්පලා.බාප්පා කිව්වෙ මේ අපේ බාප්පා එහෙම නෙමෙයි ටික්කො.මල කෙලියයි ජූලි විසිඑකයි.ටිකට් එකත් කෙල්ල ගාව.අප්පේ මට දැනිච්ච විලිබිය කොච්චරද කියනවානම් කලිසමේ පහ නොවුනටික විතරයි.ඔන්න දැන් එකා දෙන්න කට්ටියගෙ ටිකට් බල බල මම ඉන්න පැත්තට එනවා.හුටා මම දැක්කෙත් නෑ අනිත් පැත්තෙනුත් බාප්පලා ඇවිල්ලා.පිටට අත තියනකොටයි තේරුනේ මට.මට නිකං මහසෝණා ගැහුවා වගේ.එකෙක් අහපි මල්ලි ටිකට් කෝ කියලා.මට කියාගන්න දෙයක් නෑ.‍ඒ මදිවට දිවත් උලුක් වෙලා ඇඹරිලා පැටලිලා එක කෙලියයි.හා හා එහෙනම් යන් කියලා එකෙක් මගෙ බැග් එකත් ගත්ත.නිකං මිනීමැරුමක් කරල අහුවුණා වගේ මුං මාව අරන්ගියෙ.
                    අනේ දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ මෙන්න කෙල්ලගේ යාලුව එනවා අපි ඉස්සරහට.අනේ මට නිකං කාන්තාරෙදි දිය පොදක් දැක්ක වගේ.මට එයාව බදාගෙන ඉඹින්න හිතුනා.වෙලාවට මම ඉම්ඹෙ නැත්තෙ.කෙල්ල තමයි එයාට මගෙ ටිකට් එක දීලා එවලා තියෙන්නෙ මාව බේරගෙන එන්න කියලා.බැරිවෙලාවත් කෙල්ලගෙ යාලුවාව ඉමඹානං කෙල්ලත් මාව අත අරිනවා.කොහොමහරි මම බේරුණා.හැබැයි ඉතින් මුලු ස්ටේෂන් එකේම උන් බලං ඉන්නවා මගෙ දිහා.හරියට අමුතු සතෙක් දිහා බලං ඉන්නවා වගේ.ටික වෙලාවකින් ආපු ට්‍රේන් එකේ නැන්දයි දුවයි ගියා.වෙලාවට නැන්දට හොරෙන් කෙල්ලගෙ යාලුව ආවේ.අපිත් ඉතින් ඊලග ට්‍රේන් එකේ ගියා.
               ඔන්න ඕකයි ඉතින් උනේ.ආදරේ කරනකොට ඔය වගේ කටු කන්න වෙනවා තමයි.අදත් ඒවගේ සීන් මතක් වෙනකොට පට්ට ආතල් ඉතින්.මොනවා උනත් මම එදායින් පස්සෙනම් ටිකට් නොගෙන ට්‍රේන් එකේ යන්නෙ නෑ.පරක්කු වුනොත් ඊළග එකේ හරි ටිකට් අරන් තමයි යන්නෙ..................................

Monday, February 7, 2011

4 අපේ සෙට් එක මඩොල් දුවෙ ගියා ලු

          ඉතින් මං මේ කියන්න යන්නෙ විහිලු කතාවක් වත්, ගොතපු කතාවක් වත් නෙමෙයි.මේක මේ පහුගිය නිදහස් දවසෙ සිද්ධ උන ඇත්තම ඇත්ත කතාවක්.
ඔන්න ඉතින් අපි සෙට් එක (සෙට් එක කිව්වෙ අ‍පි යාලුවො පස්දෙනෙක්) ගිය (2)බදාදා රෑ කතා කර ගත්ත  නිදහස් දවසෙ  මාතලේ සුළං කපොල්ල බලන්න යන්න කියලා.නුවර ඉන්න අක්ක කෙනෙකුටත් කතා කරලා ඇහුව ඔය පැත්තට මේ කාලෙ වහිනවද කියලා.පුදනකොටම කාපි යකා කියලා මෙන්න අක්ක කිව්වා මාතලේ යන්න එපා මේ දවස් වල හොදටම වහිනවා නාය ගිහින් කියලා.අනික මේ දවස් වල මීදුම වැඩි නිසා රිවෙන්ස්ටන් යන්න දෙන්නෙත් නෑ කියලා කිවව.අනේ ඉතින් මොනවා කරන්නද පස්සෙ අපි තීරණය කලා ගාල්ලෙ යමු කියලා.හදිස්සියෙම මම කිව්වා මඩොල් දූවෙ යං කියලා.ඔන්න ඉතින් පාන්දර 4.40 කෝච්චියෙ යං කියලා 4.15 ට අපේ ගෙදරට සෙට් වෙමු කියලා කට්ටයම කතා කර‍ගත්ත.

          ඉතින් මමත් උදේ පාන්දරම ඇහැරිලා ලක ලෑස්ති වෙලා බලං උන්නා කට්ටිය එනකං.උදේ පාන්දරම ඇහැරුනා කිව්වට අලුතෙන් ඇහැරෙන්න දෙයක් තිබුනෙ නෑ මුලු රෑම ඇහැරිලා තමයි හිටියෙ.රෑ 12ට විතර තමයි නිදාගන්න ගියෙ.කොහොමත් ඉතින් ට්‍රිප් එකක් යන්න කලින් දවසෙ රෑ නින්ද යන්නෙ නෑලු නෙ.පස්සෙ මං එකේක්ට කෝල් එකකුත් දුන්න මොකද පරක්කු බලන්න.4.30ට විතර ඔන්න තුන් දෙනෙක් ආවා.එකෙක් නෑ.එකෙක්ව ඌව එක්කගෙන එන්න යවල අපි තුන්දෙනෙක් ගියා ටිකට් ගන්න කියලා.ඔන්න ටිකකින් එක්කගෙන එන්න ගියපු එකා කෝල් එකක් දීලා කියපි "මචං මූ දැනුයි ඇහැරුනේ ඊලග ට්‍රේන් එකෙ යමන් කියලා".අනේ ඉතින් උදේ පාන්දර ලෑස්ති වෙලත් එකෙක් ගහපු බුලක් නිසා ඔන්න ඉතින් අපි 5.20 ට්‍රේන් එකේ ගියා.කොහොමහරි අල්ලපු ගෙදර මල්ලිගෙ බොන්ගො එකත් ඉල්ලගෙන මම ගගහ ගියෙ.අපි 10ට විතර ගාල්ලට ගියා.කොළඹ මාතර බස් එකක නැගලා කොග්ගලින් බැහැල මඩොල් දූවට යන්න බෝට් සර්විස් එකකුත් ටෝක් කර ගත්තා.නයි කයිද රෝස් පාං කිව්වලු එතන බෝට්ටුවක් මඩොල් දුවට ගිහින් එන්න රු.1000ක් ඉල්ලනවා.බොට්ටුවෙ යන්න තියෙන්නෙ මීටර 150ක් වගේ.බොට්ටුව වැඩකරන්නෙ රත්තරන් වලින් ද කියලා අහන්න හිතුනත් නිකං මොකටද ඉල්ලං කන්නෙ කියල හිතල අමාරුවෙන් ඉවසලා රු.1000ක් දීලා ගියා.එදා ටිකක් සෙනග වැඩියි නිවාඩු දවසක් නිසා.අනේ ඉතින් කපල් එකක් ඇවිල්ල හතර වටේ කැරකි කැරකි ඉන්නවා.කරන්න දෙයක් නෑනෙ ඉතින් සෙනගත් වැඩියිනෙ.අපිත් ඉතින් කාලා එහෙම සින්දුවක් දෙකක් කියලා ෆන් එකක් ගත්ත.අපි ඉස්සර කරටි කැ‍ඩෙන්න ගැහුවට දැන් නිවන් ගිහින් වගේ.පන්සිල් ගන්න කොට කියන්නෙත් පස්වෙනි සිල් පද‍ය විතරයි.අනිත් ඒවා කිව්වත් වැඩක් නෑනෙ.ඒ නිසා සුරා ව දැක්කත් නොදැක්ක වගේ යනවා මිසක් පානය කරන්නෙ නම් නෑ.
          ඔන්න ඉතින් බෝට්ටුවෙ ඉන්න එකාට කෝල් එකක් දීලා අපිව ආපහු එක්ක යන්න එන්න කිව්වා.අපි බෝට්ටුවට නැග්ගම මූ කියනවා දුපත වටේ යනවනම් 1200යි මොකද කියන්නෙ යමුද කියලා.අම්මප අපේ ගම උනානම් මං ඌට කියනවා.මොනවා කරන්නද ඉතින් අපි හිටියෙ පිටගමකනෙ.දත් වලින් බත් කන්න ආස නිසා අනෙ එපා අයියෙ කියල අපි එන්න ආවා.

          පස්සෙ අපි ආවා මූදෙ නාන්න කියලා කොග්ගල බීච් පාක් එකට.එතන තියෙනවලු මූදෙ නාලා ලුනු වතුර හේදෙන්න අයෙත් නාන්න තැනක්.අපිත් ඉතින් පොරවල් වගේ ගියා.හැබැයි ඉතින් මූදෙ නාලා ලුනු වතුර හේදෙන්න ඒකේ නාන්න පුලුවන් ඒවා ලොක් කරල යතුර අරන් ගිය එකාට විතරයි.අපේ කට්ටිය ඉතින් ඒවා ලොක්කරපු එකාව මතක් කර කර බස් එකේ නැගලා ආවා ගාල්ලට්.ඒ අස්සෙ තව එකෙක් තව වැඩක් සෙට් කරගෙන.ෆෝන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලෙ කෙල්ලෙක්ට මොකක්ද පොතක් ගෙනත් දෙනවා කියලා ටවුන් එකට එන්න කියලා.අනේ ඒ කෙල්ල අපේ එකා එනකං ටවුන් එකේ පැය දෙකක් විතර හෙන කට්ටක් කාලා.අනේ අපිත් ආවා ඉතින් කවුද මේ කෙල්ල කියලා බලන්න.අප්පට සිරි මේකි ඉන්නෙ කොල්ලෙක් එක්ක.අපේ එකාගෙ පපුව නිකං 2007 දි වාකරේට ගිහින් දැම්මා වගේ.ඌ නිකං ඒ වෙලාවෙ දියෙන් ගොඩ දැම්ම වගේ වෙව්ලනවා.අනේ ඉතින් ඌ ගිහිල්ල පොත දීලා අවා.මූ කියනවා ඒ කොල්ල ඒකිගෙ අයියලු.ඒක දන්නෙ ඉතින් අයියයි නංගියි තමයි.පොඩි වැස්සක් වගේ සෙට් උනා.අපිත් ඉතින් ආතල් කියලා අයිස්ක්‍රීම් කකා ගියා ගාලු කොටුව බලන්න.මෙන්න හෙන වැස්සක්.අපි ට්කක් වෙලා ඉදලා ආවා ස්ටේෂන් එකට.ටිකට්ස් එහෙම අරන් ගියා කන්න මොනවා හරි ගන්න.ගිහින් බිස්කට් වගේකුයි,ස්ප්‍රයිට් මෙගා බෝතලේකුයි අරන් ආවා.බෝතලේ 170යි.කඩේ එකා කියනවා කූල් නිසා 180යිලු.ආසියාවේ ආශ්චර්යනෙ කියලා හිතලා කඩේ එකාවත් මතක් කර කර ට්‍රේන් එකට නැගලා සෙට් උනා සින්දුවක් කියල ෆන් එකක් ගන්න.

          ඉතින් අපි නෝමල් එකේ සින්දුවක් කිය කිය අවා හික්කඩුවට එනකං.ඔන්න හික්කඩුවෙදි අවා අපි ලගට පොරක් කැප් එකක් එහෙම දාගෙන.අපි නිකං සින්දු කිව්වෙ උදේට කෑවෙ නෑ වගේ.පස්සෙ පොර අපි ලගට ඇවිත් ඇහුවා සින්දු කියනවද කියලා.මං හිතන්නෙ අපි කියපු සින්දු ඇහෙන්න නැතුව ඇති.ඒ තරං හයියෙන් අපි කිව්වෙ.
පස්සෙ මං කිව්වා කියමුද අයියෙ සින්දුවක් කියලා.පොර ටිකක් අනුමත වෙලා  විටක් එහෙම කකා බඹර වගේ හිටියේ.ගිහින් කෙල එහෙම ගහලා පටන් ගත්ත සින්දු කියන්න.ෆට්ට ආතල් ඉතින් අපෙ උනුත් ‍ෆෝම් වෙලා එකසිය ගානට සින්දු කියනවා.කෝච්චි පෙට්ටියම දෙවනත් වෙන්න කිව්වා සින්දු.අලුතෙන් ෆිට් වුන ඩයල් එක අහල පහල ඉන්න එවුන්ටත් කතා කරනව සින්දු කියන්න.ආතල් එක කොච්චර ද කියනවනම් වටේ පිටේ ඉදන් හිටපු උන් වන් මෝර් කිය කිය කෑ ගහනවා.අන්කල් කාරයටත් කිකේ කික් වෙලා හිටියෙ.සුද්දෙක් ඇවිල්ල ෆොටෝස් වගයකුත් ගත්ත.අනේ ඉතින් මගෙ අත් දෙක ඉවරයි බොංගො ගහලා.උන්ට නම් ෆන්.මට?මේ යකා හික්කඩුවෙ ඉදන් කලුතරත් පහු වෙනකං එකදිගටම කිව්වනෙ සින්දු.මාත් ඉතින් දිවත් එලියට දාගෙන ගැහුව බොංගො.අනේ ඉතින් මේ යකා එන්න එන්නම ෆෝම් වෙනවා.බොංගො එකේ සද්දෙත් මදි කියලා එකෙක් කිව්වා.මං ඉතින් ගැහුවා දත් මිට් කාගෙන.කොච්චර ගැහුවද කියනවනම් තාම අත රිදෙනවා ටයිප් කරනකොට.ඉතින් ඔන්න කලුතර පාස් කරලා එනකොට දෙයියනේ කියලා බොංගො එකේ සද්දෙ වෙනස් උනා.බැලුව මොකද කියලා.අම්ම ගහයි බිලී පිත්තෙන් බොංගො එක පැලිලා.දැන් ඉතින් අල්ලපු ගෙදර පොඩි එකාට අරන් දීපන්කො බොංගො එකක්.හිගන්නගෙ පාත්තරේට බොංගො එක කඩා වැටුනා වගේ.හැමදේම වෙන්නෙ හොදටයි කියලා හිත හදා ගෙන එනකොට මෙන්න අර අන්කල් කාරයා උගෙ ජීවිත කතාව කියන්න පටන් ගත්ත.

          පොර බැදලා නෑ.වයස 51ක්.පොලීසියෙලු.දැන් වැඩ කරන්නෙ වරායෙ කිව්ව.අපිට අයි.ඩී එකත් පෙන්නුවා.දැන් පොර කොල්ල කාලෙ කරපු හැම බලු වැඩක්ම අපිට කියවනවා.ඒ කාලේ යාලු වුන කෙල්ලො ගැන.කරපු දෙවල් සේරම කියවනවා.පොරට දැනුත් ඉන්නවලු අවු.30ක කෑල්ලක්.ඒ ගැනත් ඉතින් කියෙව්වා ගල් කිස්ස හරියට එනකං.අපිත් ඉතින් අහන් හිටියා.පස්සෙ පොර කිව්වා තමන් ගැනම.සල්ලි තියෙනවලු.හොද කෙල්ලෙක් සෙට් උනොත් බදිනව කිව්වා.ගෑණියෙක් නම් එපාලු.කෙල්ලෙක්මලු ඕනෙ.අපිට කියනවා කෙල්ලෙක් හොයලා දෙන්නලු.පවුලෙ කෙනෙක් උනත් කමක් නෑලු.පොර අහන්නෙත් මේ 20,25 කෙල්ලො ගැන.මරු ඉතින් බැන්දම තාත්තයි දුවයි වගේ ඉදියි.කොහොම හරි අපේ සෙට් එකෙ හිටියා අයිය කෙනෙක්.අපිට වඩා අවුරුදු 2යි වැඩිමල්.අන්කල් කාරයා ඒ අයියව පෙන්නල තව එකෙක්ගෙන් ඇහුව මෙයාට නංගියෙක් ඉන්නවා නේද කියලා.අරුත් ගත් කටටම කිව්ව ඔව් කියලා.අන්කල්ට ඉතින් දිව්‍ය ලෝකෙ ගියා වගේ.පොර කියනවා ඒ අයියට නංගිව ඌට සෙට් කරන්න කියලා.අපිත් ඉතින් ඒ වෙලාවෙ ෆන් එකේ හිටිය නිසා එච්චර ගනන් ගත්තෙ නෑ.දැන් මූ ආයෙත් අහනව ඒ අයියගෙන් නංගි ගැන.යකෝ මේක මගුල් සක්වලක් වෙලානෙ.51ක් වෙන පොරක් 20ක කෙල්ලෙක් ගැන අහනවා.අයිය කාරයා හොද අහින්සක ඩයල් එක.ඉතින් මං අර අන්කල් කාරයට කිව්ව මෙයාට බැදපු නැති පුංචි කෙනෙක් ඉන්නවා සෙට් කරන්නද කියලා.පොර  ආයෙත් කිකේ කික් උනා.අපි ඉතින් පොරව ඇන්දුව හොදට.දැන් පොර අහනවා පුංචිගෙ නමයි.ෆොන් නම්බර් එකයි හැමදේම අර අයියගෙන්.කොන්ඩෙ කොච්චර දිගද කියලත් අහනවා.තව මේකෙ දාන්න බැරි අනං මනං ට්කකුත් ඇහුවා.ඒවා දාන්න වෙන්නෙ ඉතින් කොටු දාලා තමයි.පස් සෙ පොර ඒ අයියගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන පුංචිව බලන්නත් එන්නම් කියලා කොටුවෙන් බැස්සා.අපි ගෙදර ආවා ඌව මතක් කර කර හිනා වෙවී.කොහොම හරි 6 වෙනිදා රෑ 12.20ට අර අයියට මිස් කෝල් එකකුත් දීලා.අන්කල් කාරය වැඩේ සිරාවට අරන්.අපිටත් මොකද අප්පා ඌටනෙ පිස්සු.

          ඔන්න ඕකලු ඉතින් උනා කියන්නෙ.තව මේ වගේ සිද්ද වුන ඇත්ත කතා ටිකක් පෝස්ට් කරන්නම්.කොහොම හරි ට්‍රිප් එකනම් ෆට්ටම ආතල්.මේක කියවලා බලලා ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න.
හිනා යන්නෙ නැති වුනොත් ආයෙත් පාරක් කියවන ගමන් තනියම හිනාවෙන්න........................