Monday, October 4, 2010

2 ශ්‍රී පාදස්ථානය

ශ්‍රී පාදස්ථානය ශ්‍රී ලංකාවේ සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්ික්කයේ පිහිටා ඇත.


උඳුවප් පොහෝ දින ඇරඹි වෙසක් පොහෝ දින අවසන් වන සිරිපා කරුණා සමය තුල ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරැසකගේ වන්දනාවට පාත්‍රවන අතර මෙය බෞද්ධ, හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි යන සියලුම බැතිමතුන්ගේ පූජනීයත්වයට පත්වේ.ලක්දිවට වැඩමකල බුදු රදුන්ට සුමන සමන් දෙවියන් කල ආරාධනයෙන් උන්වහන්සේගේ වම් සිරිපා සටහන තැබීමෙන් පූජනීයත්වයට පත්විය.
එදා මෙදා තුර සිරිපා සමයෙහි අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සිරිපා වන්දනාවට එක්වේ.
බෞද්ධ, හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි සියලු බැතිමතුන්ගේ අති පූජනීයත්වයට පත් ශ්‍රී පාදස්‌ථානය ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීම ජාති ආගම් භේදයකින් තොරව  ශ්‍රී ලාංකිකයන් ලෙස අප ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයකි.
සිරිපා මලුවට පහල සිට ලගා විය හැකි ගමන් මාර්ග3කි.රත්නපුර පලාබත්ගල සිට රජ මාවත ඔස්සේද, කුරුවිට එරත්න මාවත ඔස්සේද, හැටන් නල්ලතන්නියේ සිට පැමිණෙන මාවත ඔස්සේද සිරිපා කරුණාවේ යෙදිය හැක.එරත්න හා පලාබද්ගල සිට පැමිණෙන මාර්ග අතරමගදී හමුවන අතර සිරිපා කරුණා කිරීමට පහසුම මාර්ගය වනුයේ හැටන් මාවතයි.
මෙම ගමන ඉතා දුෂ්කර වුවද බැතිමතුන් තුල වූ ආගමික භක්තිය නිසාම සෑම වසරකම අති වශාල ජනකායක් සිරිපා වන්දනා කරනු ලබයි.


සිරිපා වන්දනාවේ යෙදෙන සියලුම බැතිමතුන්ගේ පරම යුතුකම වනුයේ සිරිපා අඩවිය අවට පරිසරය සුරැකීම මෙන්ම විනීතව හැසිරීමයි.මන්දයත් ඔබ මෙහි පැමිනෙන්නේ සියලුම ලාංකිකයන්ගේ පූජ්‍යත්වයට පත් බුදුරජාණන් වහන්සේගේ 
ශ්‍රී පාදය වන්දනා කරගැනීමටයි.



Sunday, October 3, 2010

3 ලංකාවේ ඔබ නැරඹිය යුතු සුන්දර ස්ථාන

ශ්‍රී ලංකාව ලෝකයේ දැකුම්කලු රටක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ. ඉන්දීය සාගරයේ මුතු ඇටය, පෙරදිග පාරාදීසය වැනි සුවිශේෂී නම් පටබැඳීමට මුල් වූයේ ද මේ ලක්දෙරණ සතු අද්විතීය ස්වභාව සෞන්දර්යයයි

නිලාවේලි වෙරල තීරය ලංකාවේ පිහිටි සුන්දරම ස්ථානයකි. ත්‍රි'මලයේ සිට කිලෝමීටර 12 පමණ උතුරැ දෙසින් පිහිටා ඇති මෙය දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි.


ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ඉසව්වකි හික්කඩුව. එය දකුණු පළාතට අයත් වන අතර, ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් පිහිටා ඇත










ශ්‍රීලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි පුංචි එන්ගලංතය ලෙස ද හැදින්වෙන නුවර එලියේ නැරඹිය යුතු සුන්දර ස්ථාන රාශියකි.


මධ්‍යම කඳුකරයේ පිහිටි මහළුළිය (හෝර්ටන්තැන්න) මුහුදු මට්‌ටමින් මීටර් එක්‌දාස්‌ අටසියයක සිට දෙදාස්‌ තුන්සිය අසූ නමයක පරාසයක්‌ පුරා පැතිර පවතී.ලෝකාන්කයද දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි.


ශ්‍රී ලංකාවේ මෙවන් සුන්දර ස්ථාන රාශියකි.ඉහත දක්වා ඇත්තේ ඉන් අල්පයකි.මෙවන් වූ සුන්දර ස්ථාන නැරඹීමට යන අප කාගේත් වගකීම වනු යේ මෙම ස්ථාන විනාශ නොකර අපගේ අනාගත පරපුරටත් දැක ගැනීම සදහා මෙවා ආරක්ෂා කරගැනීමයි...........

Saturday, October 2, 2010

2 අපි හැමෝම එකම පවුලක්

අපි මිනිස්සු.
නමුත් අපි විසින්ම අපිව විවිධ කොටස් වලට වෙන් කරගෙන.අපේ රටේ ජාතීන් ගොඩාක් ඉන්නවා.සිංහල, ‍දමිල, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදී වශයෙන් ජාතීන් සමූහයක් මේ පුංචි රටේ ඉන්නවා.ඒ වගේම විවිධ ආගම් වශයෙනුත් විවිධ ජාතින් මේ පුංචි දූපතේ ඉන්නවා.ඉතින් අපි අදහන ආගම අනුව අපි වෙනස් උනත්, අපේ පෙනුම අනුව අපි වෙනස් උනත්, අපි කතා කරන භාෂාව අනුව අපි වෙනස් උනත්, ඇදුම් පැලදුම් අනුව අපි වෙනස් උනත් අපි හැමෝම ලාංකිකයො.ඉතින් අපි හැමෝම එකම ජාතියක්.අපි හැමෝම එකම පවුලක්.
අපේ රටේ අපේම සොයුරු සොයුරියන් අතර ඇති සමගිය තවත් වර්ධනය කරන්නයි මේ අපේ වෑයම.