Monday, October 4, 2010

2 ශ්‍රී පාදස්ථානය

ශ්‍රී පාදස්ථානය ශ්‍රී ලංකාවේ සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්ික්කයේ පිහිටා ඇත.


උඳුවප් පොහෝ දින ඇරඹි වෙසක් පොහෝ දින අවසන් වන සිරිපා කරුණා සමය තුල ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරැසකගේ වන්දනාවට පාත්‍රවන අතර මෙය බෞද්ධ, හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි යන සියලුම බැතිමතුන්ගේ පූජනීයත්වයට පත්වේ.ලක්දිවට වැඩමකල බුදු රදුන්ට සුමන සමන් දෙවියන් කල ආරාධනයෙන් උන්වහන්සේගේ වම් සිරිපා සටහන තැබීමෙන් පූජනීයත්වයට පත්විය.
එදා මෙදා තුර සිරිපා සමයෙහි අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සිරිපා වන්දනාවට එක්වේ.
බෞද්ධ, හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි සියලු බැතිමතුන්ගේ අති පූජනීයත්වයට පත් ශ්‍රී පාදස්‌ථානය ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීම ජාති ආගම් භේදයකින් තොරව  ශ්‍රී ලාංකිකයන් ලෙස අප ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයකි.
සිරිපා මලුවට පහල සිට ලගා විය හැකි ගමන් මාර්ග3කි.රත්නපුර පලාබත්ගල සිට රජ මාවත ඔස්සේද, කුරුවිට එරත්න මාවත ඔස්සේද, හැටන් නල්ලතන්නියේ සිට පැමිණෙන මාවත ඔස්සේද සිරිපා කරුණාවේ යෙදිය හැක.එරත්න හා පලාබද්ගල සිට පැමිණෙන මාර්ග අතරමගදී හමුවන අතර සිරිපා කරුණා කිරීමට පහසුම මාර්ගය වනුයේ හැටන් මාවතයි.
මෙම ගමන ඉතා දුෂ්කර වුවද බැතිමතුන් තුල වූ ආගමික භක්තිය නිසාම සෑම වසරකම අති වශාල ජනකායක් සිරිපා වන්දනා කරනු ලබයි.


සිරිපා වන්දනාවේ යෙදෙන සියලුම බැතිමතුන්ගේ පරම යුතුකම වනුයේ සිරිපා අඩවිය අවට පරිසරය සුරැකීම මෙන්ම විනීතව හැසිරීමයි.මන්දයත් ඔබ මෙහි පැමිනෙන්නේ සියලුම ලාංකිකයන්ගේ පූජ්‍යත්වයට පත් බුදුරජාණන් වහන්සේගේ 
ශ්‍රී පාදය වන්දනා කරගැනීමටයි.



2 comments:

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....