Sunday, December 12, 2010

0 පලමු කවිය


එකල සිටි ලිය තිබූ අගහිග කම්
මැදින් නිවැරදි ලෙසින්
වසාගත්තා උගත් පමණින්
තමන්ගේ විලි සරි ලෙසින්

මෙකල සිරි ලිය නැතිව විලිබිය
නිතඹ කලවා පෙන්වමින්
හිසක් තිබුන ද තෙවන ඇස නැත
පාරෙ යයි අඩ නිරුවතින්

ළමා මනසින් යොවුනු මනසට
පා තැබූ ගැටවර ලියන්
අදින ඇදුමට නැතිද විලි බිය
පරදවයි පෙර වෙසගනුන්

මෙසේ කීවේ නොවේ සැමටම
‍එමට ඇත අද සිරි ලියන්
අගය කරනෙමි අදින ඇදුමට
විලි බියක් ඇති එම කතුන්

ලියමි සිරිලක මහා විපතක්
පලමු කවියෙන් මේ ලෙසින්
වෙතොත් වරදක් කමා කල මැන
ආධුනික වූ මා අතින්

                                                                 අකිල ප්‍රසාද්
                                                                10/12/2010

0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....