Saturday, October 2, 2010

2 අපි හැමෝම එකම පවුලක්

අපි මිනිස්සු.
නමුත් අපි විසින්ම අපිව විවිධ කොටස් වලට වෙන් කරගෙන.අපේ රටේ ජාතීන් ගොඩාක් ඉන්නවා.සිංහල, ‍දමිල, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදී වශයෙන් ජාතීන් සමූහයක් මේ පුංචි රටේ ඉන්නවා.ඒ වගේම විවිධ ආගම් වශයෙනුත් විවිධ ජාතින් මේ පුංචි දූපතේ ඉන්නවා.ඉතින් අපි අදහන ආගම අනුව අපි වෙනස් උනත්, අපේ පෙනුම අනුව අපි වෙනස් උනත්, අපි කතා කරන භාෂාව අනුව අපි වෙනස් උනත්, ඇදුම් පැලදුම් අනුව අපි වෙනස් උනත් අපි හැමෝම ලාංකිකයො.ඉතින් අපි හැමෝම එකම ජාතියක්.අපි හැමෝම එකම පවුලක්.
අපේ රටේ අපේම සොයුරු සොයුරියන් අතර ඇති සමගිය තවත් වර්ධනය කරන්නයි මේ අපේ වෑයම.

2 comments:

  1. "අපි හැමෝම එක පවුලක්"

    නමුත් මම හිතනවා මේ සංකල්පය ටිකක් සංකීර්ණයි කියලා. මොකද සිංහල බෞද්ධ කියන උප කුලකය අතරත් කෙතරම් බෙදීම් තිබෙනවාද? අනෙක් අතට E යන්නෙන් ඉලෙක්ට්‍රොනික් හෝ එළකිරි හෝ වෙන යමක් අදහස් වුවත් "ඊ සිංහලයා" යන නම දුටු පමණින් හැ‍ඟෙන්නේ මෙය ශ්‍රී ලාංකික සිංහලයින් සඳහා වන ‍සිංහල බ්ලොගයක් බවයි. මේ ඇයි? අප හැම තුළම ස්වභාවයෙන් ම පවතින අපේ කම/ මගේ කම (ජාති මාමකත්වය නිසයි).එ නිසා ජාතීන් අතර හෝ ආගම් අතර වෙනස්කම් අමතක කිරීම කළ නොහැක්කක්. මන්ද යත් තම තමන්ගේ සංස්කෘතික අගනාකම් අමතක කිරීමට කිසිදු පාර්ශ්වයක් අකැමැති වන හෙයිනි.

    මා සිතන්නේ ජාතීන් හෝ ආගම් අතර "වෙනස්කම් අමතක කර" සමගියක් ඇති කරනවාට වඩා, සිදු විය යුත්තේ ඒ ඒ ජාතීන් අතර ඇති වෙනස්කම්, සංස්කෘතික වටිනාකම් හා ආකල්ප වලට "අන්‍යොන්‍ය වශයෙන් ගරු කිරීමට හුරු කිරීම" තුළින් සමගියක් ගොඩ නැගීමයි.

    "අපේ රටේ අපේම සොයුරු සොයුරියන් අතර ඇති සමගිය තවත් වර්ධනය කරන්නයි" යන්න සමග මා එකඟ වෙනවා.

    දේශපාලනමය වශයෙන් හෝ බලය සඳහා හෝ සුළු පිරිසක් අතර අමනාප කම් තිබුණත් අද වන විට, (වෙනස් ජාතීන් අතර විවාහ සිදුවීම සමාජ සම්මතයක් බවට පත්ව නැතත්), ඇසුරු කිරීම අතින් කිසිදු භේදයක් මා අත්දැක නැහැ.

    මට සිටින මුස්ලිම්, දමිළ , බර්ගර් මිතුරු මිතුරියන් කන්දරාවම ඊට ‍හොඳ සාක්ෂියක්.

    අර්ථවත් යමක් කරන්න. මගේ සුභ පැතුම්!

    ReplyDelete
  2. කිනිත් සහෝදරයගේ අදහසට මම හුගාක් ගරු කරමි.නමුත් මම පැහැදිලිවම යමක් කිවයුතුයි.මේ blog එකේ නම eසිංහලයා බව ඇත්ත.එය මෙහි නම පමණයි.මා මෙහි සටහන් තබනුයේ සිංහල අක්ෂර වලින් බැවින් මෙය මා eසිංහලයා ලෙස ඉදිරිපත් කලා.නමුත් මෙතන කිසිදු ජාති ‍භෙදයක් මම අදහස් නොකලෙමි.ලංකාවේ සිටින සියලුම ජාතීන්ගේ සංස්කෘතික වැදගත් තොරතුරු කිසිම ජාති භේදයකින් තොරව මා මෙහි සටහන් කරමි.මගේ කිසිදු ජාතිවාදයක් නොමැත.

    සොයුර මා අන්තර්ජාලයට නවකයෙකි.මා තවම මේ පිලිබදව හදාරමි.නම කුමක් වුවත් අපගේ සිතුවිලි නිවැරදිනම් අපගේ දර්ශනය නිවැරදිනම් අප කරන කාර්යය උතුම් නම් එහි වරදක් මා නොදකිමි.සියලු ජාතීන් වෙනුවෙන් ඇමතීමට මා යොදා ගත්තේ සිංහල භාෂාවයි.මන්දයත් මට 100%ක් සාර්ථකව හැසිරවිය හැක්කේ සිංහල භාෂාව බැවිනි. මා ඉහත පැවසූ ආකාරයෙන්ම මා මෙයට නවකයෙකි.එබැවින් මා දන්නා අයුරින් මෙහි හොද වැඩක් කලෙමි.
    ඔබ මා දිරිමත් කරන්නේ නම් මා අගය කරමි.

    සොයුර ඔබ මෙහි සටහනක් තැබීම පිළීබදව අවන්කවම මා සතුටු වෙමි.
    ඔබට තුති!!!

    ReplyDelete

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....