Monday, August 20, 2012

2 බලාපොරොත්තුව අභියස....


නිහඬ නිසසල නුවන් විදහා
කඳුලු බිඳු බිඳු කොපුල් තෙමනා
නුඹේ කැල්මෙන් මසිත හඬනා
අපට අප හිමි නැති ද සිතෙනා

උන්ට උන්ගේ නම්බුවක් මිස
නොමැත සෝ දුක් අපේ සිත් ගැන
සිතේ උපදින සැබෑ ආලය
ජනිත දවසින් මැනිය හැකිවෙද

සරා සඳ ලඟ වලා පොකුරකි
පුර පෝය මුත් අමාවක මෙනි
මහා සුළඟින් වලා විසිරිනි
සඳේ සඳරැස් වැටෙති දිලි දිලි

2 comments:

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....