Monday, March 21, 2011

5 ඔය ඇස් අමතක වෙන්න නම් (සයවන කොටස)

දෙයියනේ....... මොකද දරුවෝ මේ උනේ.අතෙන් ලේ එනවා නේද හොඳටම
අනේ අම්මා මම තේ කෝප්පෙ දැක්කෙ නෑ.අත වැදිලා පෙරලුනා.වීදුරු කටු අහුලන්න ගිහිල්ලයි අත කැපුනෙ අම්මා
"අයියෝ ලමයො මොන සිහියෙන්ද වැඩ කරන්නේ.මොනවා කරන්න ගිහින්ද මේක බිඳුනේ"
        "අනේ මට බනින්න එපා අම්මා.මම හිතලා කලේ නෑ.මම පොත් ටික ගන්න කොට අත වැදිලා වැටුන බිමට."
අනු ඉකිබිඳින්නට වූවා ය.අනූගේ වමතෙහි මහපට ඇඟිල්ලත් මැදගිල්ලත් වීදුරු කටුවලට කැපී ලේ ගලමින් තිබිණි.සුමේධාට සිය දියණිය ගැන මහත් අනුකම්පාවක් සිතිනි.
ගිහින් අත හෝදගන්නකො දුවේ.මම මේක අස් කරන්නම්.අපි ගිහින් බෙහෙත් දාගෙන එමු
අනේ අම්මා මට බයයි
ඉතින් එහෙම කියලා හරියන්නෙ නෑනෙ පුතේ අපි ඩොක්ටර් මායාදුන්න ගාවට ගිහින් බෙහෙත් දාගෙන එමුකෝ
එතකොට අද ක්ලාස්
ඔහොම අත කපාගෙන කොහොමද පන්ති යන්නෙ.ගියත් ලියන්න කියන්න බැහැනේ.ඒ නිසා අද ඕනෙ නෑ.දැන් හොඳ ලමයා වගේ නාඬා ගිහින් අත සෝදලා පිහදාගන්න.මම මේක අස්කරලා එන්නම්
අනුත්තරා කඳුලු පිසිමින් කාමරයෙන් ඉවතට ඇදෙන්නට වූවාය.සුමේධා වීදුරු කැබලි ටික අස්කර ගෙබිම පිසදමා අහවර වනවිට සිය දියණිය කාමරයට පැමිණියේ අත සෝදාගෙන ලේන්සුවකින් ඔතාගෙනයි.
ඉන්න මම දොරවල් වහල ඒන්නම් දුවේ.ත්‍රී වීල් එකක් කතාකරගෙන යමු
අනුත්තරාත් සුමේධාත් නිවසේ ගේට්ටුව වසා දමා කාන්ති පාර දිගේ යක්කල පාර දෙසට ගමන් කළෝය.
       
                           ***

සඳුනි සිය සැමියා වන තරිදුගේ කමිසය මදිමින් සිටියාය.ඇසළගේ ජංගම දුරකථනය දෙතුන් වරක් නාද වුනු නමුත් ඇසළ එයට පිළිතුරු ‍දුන් බවක් සඳුනිට ඇසුණේ නැත.නැවත වරක් ඇසළගේ ජංගම දුරකථනය නාදවනු සඳුනිට ඇසිණි.ඇය කරමින් සිටි වැඩය මදකට නවතා ඇසළගේ කාමරයට ගියාය.
මල්ලී...තමුසේ තාම නිදිද.මේ ෆෝන් එක රිංග් වෙනවා.කතාකරන්නෙ නැද්ද?
ඇසළ සිටියේ තද නින්දේ බැවින් ඔහුට එය ඇසුණේද නැත.පෙරදා රාත්‍රියේදී යහලුවන් සමග රාත්‍රී ආහාරය ගත් ඇසළ නිවසට පැමි‍ණියේද මධ්‍යම රාත්‍රියටත් ආසන්නවය.
හලෝ මල්ලි  මේ නැගිටිනවා කවුද මන්දා ෆෝන් කරනවා දැන් හුඟ වෙලාවක ඉඳන්
බැරිම තැන සඳුනි සිය මල්ලීගේ උරහිසින් අල්ලා සෙලෙව්වාය.
ආ..ආ.. අක්කේ.මොකද ‍හලෝ මේ නිදාගන්නවත් දෙනවකෝ
නිදාගන්න බලනවා දැන් උදේ හතත් පහුවෙලා.මේ කවුද මන්ද කෝල් කරනවා බලන්න කවුද කියලා
        “අයියෝ මොන කරදරකාරයෙක්ද මේ උදේ පාන්දර.මුන්නම් අපිවම කන්න ඉපදිච්ච යක්කු සෙට් එකක්.ආයෙ ඕනෙනම් ගන්නෙ නැතෑ.ඔන්න ඕක ඔහෙන් තියලා යන්ඩකො හලෝ වදින්නම්

හරි වැඩේ මෙයාගේ, පව් කියලා අවේ බලන්න ෆෝන් එක රින්ග් වෙනකොට.බලනවා කවුද කියලා ශාලීකා ද දන්නෙත් නෑ උදේ පාන්දර කුමාරයව හොයන්නෙ?

සඳුනි උපහාසයට මෙන් සිනහා සී කීවාය.
ශාලිකා..... අක්කේ..,තමුසෙට මම
කියමින් ඇසළ ඇ‍ඳෙන් බිමට පැන සඳුනි පසුපස එළවාගෙන ගියේය.සඳුනි එය ඉවෙන් තේරුන්ගත්තාක් මෙන් ඇසළ ඇ‍ඳෙන් බිමට පැනීමටත් ප්‍රථම කාමරයෙන් පිටතට දිව ගියේ කෑ ගසමිනි.

            තරිඳු......මෙන්න මේ බූරුවා මගෙ පස්සෙන් පන්නනවා....
සඳුනි දිව ගොස් තරිඳුගේ අත බදාගත්තාය.ඇසළ තරිඳු ඉදිරියට ගොස් සඳුනිව අල්ලාගන්නට මෙන් සැරසුනි.
අයියෝ මල්ලි මොකද මේ පොඩි උන් වගේ.සඳු ඔයත් හුරතල් වෙන්න හදනවද?
නෑ අයියේ මෙයා මට එක එක කතා හදනවා
ආ මේකනේ යකෝ වැඩේ මෙයාට පුලුවන් ශාලිකා එක්ක රවුන් ගහන්න.අපි නම කිව්වම මල පනිනවා.ටිකක් ඉවසලා ඉන්නවා ඕක තාත්තට කියලා මං කරල දෙන්නම්
අක්කෙ තමුසෙනම් කනවා ලගදිම මගෙන්.තරිඳු අයියා හිටපු නිසා බේරුණා කියලා හිතා ගන්නවා අදට
තරිඳු දෙදෙනාගේ රණ්ඩු අසා සිනා සුනා පමණි.ඇසළගේ ජංගම දුරකථනය නැවත නාද වනු ඇසිණි.

අන්න මල්ලි යනවා කුමාරිකාවට යකා නැගලා ඇති දැන්.තව පරක්කු උනොත් මෙහෙට එයි කුමාරයව හොයාගෙන
සඳුනි එසේ කියා ඇසළට විරිත්තුවාය.
මම කියන්නෑ හොයාගෙන එන එක.ඉන්නවකො මම කෝල් එක අරන් එනකංයි කියමින් ඇසළ නැවතත් තම කාමරය දෙසට පියනැගුවේය.
ඇසළ කාමරයට යනවිටද සිය ජංගම දුරකථනය නාද වෙමින් තිබිණි.මොන කරුමයක්දැයි සිතමින් හෙතෙම දුරකථන ඇමතුමට එක්වූවේය.
හෙලෝ ගුඩ් මෝරිනින්
අඩෝ කොහෙද බන් උඹ මෙච්චර වෙලා හිටියේ
ආ දුමියා.උඹ ද.ඇයි බන් මේ උදේ පාන්දර වද දෙන්නේ.තව ටිකක් දවල් වෙනකල් ඉඳලා ගනින්කො බං
දවල් වෙනකං ඉන්න. තොට පයිත්තියංද මැටිමෝලෝ දැන් වෙලාව අටටත් ලඟයි.
හා හා කියපන් ඇයි කතාකලේ කියලා
මචෝ අපි ඊයෙ කතාකරගත්ත ගමන අනිද්ද යමන්.අනිද්දා සිකුරාදානෙ.සෙනසුරාදයි ඉරිදයි දෙකත් නිවාඩු නිසා දවස් තුනම ගන්න පුලුවන්.මොකද කියන්නේ.කට්ටියනම් කැමතියි.
හා එහෙනම් මාත් කැමතියි.අක්කගෙන් අහල බලන්නම් මචෝ මේ ටිකේ ටිකක් අවුල්.දන්නවනේ එදා කේස් එක අක්කට මාට්ටුනෙ බං
එළ එළ මට කෝල් එක්ක දියන් වැඩේ කන්ෆර්ම් කරගෙන.එහෙනම් මචෝ අපි කැපුණා.බුදුසරණයි ජොනියා
එළ බුදුසරණයි
ඇසළ ජංගම දුරකථනය ඇඳ මතට වීසිකොට කාමරයෙන් පිටතට ආවේය.
මල්ලී පහලට එන්න තරිඳු අයියා ඔයාට කතාකරනවා


5 comments:

  1. නියමයි මචන්, ඉතිරි ටිකත් ඉක්මනට දාන්න :)

    ReplyDelete
  2. නියම කතාව මචන් මම කවදාවකවත්ම පොත්බලන්න ආසාවක් තිබුන්නැ ඒත්මේපොත බැලුවට පස්සෙ මට පොත් බලන්න මාර ආසාවක් ඇතිඋනා මචන් බොරුනම් බලපන් මචන් මගෙ මූනුපොතේ Info එකේ ඒදවස් වල දාපු එකක් ඇති BOOKS වලට I Do Not Like Reading කියල එමනිසා මම ඔයාට අනේක වාරයක් පින්දෙනව මාව මේ මාර්ගයට ගත්තට ඔයාට සුභපතනව

    ReplyDelete
  3. අකිල අයියා,මරු කතාව..යකෝ සඳුනි කියන්නේ මගේ ගර්ල්ගේ නම බන්... :) :)

    ReplyDelete
  4. ලස්සනයි මචං. මේකෙ ඉතුරු ටිකත් එනකන් මඟ බලාගෙන ඉන්නෙ

    ReplyDelete

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....