Thursday, March 31, 2011

6 ජය ශ්‍රී - ශ්‍රී ලංකා.............!!!



මුලින්ම මම හැමො‍්ගෙන්ම සමාව ඉල්ලනවා මේ සතියෙ ඔය ඇස් අමතකවෙන්න නම් නවකතාවෙ හත්වන කොටස මේ වනතුරුත් පළ කිරීමට නොහැකි වීම ගැන.ඇත්තටම මේකයි උනේ.මගේ පුද්ගලික පරිගණකයේ සිද්ද වුන මොකක් හරි අවුලක් නිසා මට මේ ටිකේම බ්ලොග් එකට එන්න බැරි උනා.බ්ලොග් එක ලෝඩ් වෙන්නෙ නැතුව ගියා.දැන් ඒක හරි.නමුත් මම කතාවේ හත්වෙනි කොටස දාන්න කලින් ජයශ්‍රී-ශ්‍රීලංකා කියන මේ පෝස්ට් එක දාන්න තීරණය කලේ මේ වෙලාව වෙනකොටත් මේක දාන්න ප්‍රමාද උන නිසා.ඉතින් මේ දවස්වල අපි හැමෝම හිතන්නෙ ලෝක කුසලානය ගැන.කට්ටිය මේ ටිකේ මැච්  බලන්න ඇතිනේ.ඉතින් මේ පෝස්ට් එකත් අපේ ශ්‍රීලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන්...........!!



මුලින්ම කියන්න ඕනේ 26 වෙනිදා අපේ කොල්ලො දිනපු එංගලන්තය සමග පැවති තරගය ගැන.මැච් එක ගැන කියන්න තියෙන්නෙ ඒක සුපිරි කියලා.අපි එක කඩුල්ලක්වත් නැතුව මැච් එක වින් කලා.අපිට ගේමක් තිබුනෙම නෑ.හැබැයි අපේ කට්ටිය අතට ආපු කැච් බලන් ඉන්න කොට අත හැරිය.ඒ අතින් අපේ පන්දු රැකීම දුර්වලයි.අපි 2වෙනිදා තරගෙට මුහුණ දෙනකොට මේ හැමදේම හදාගෙන ඉන්න ඕනේ.ඒ වගේම එදා ඩිල්ෂාන් කරපු ක්‍රියාව ඇත්තටම අගය කරන්න ඕනෙ.ඩිල්ෂාන් තමන්ගේ ශතකය වාර්ථා කරලා තරංගට ශතකයක් වාර්ථා කරන්න ඉඩ ලබා දුන්න.ඒක තමයි අපේ ලාංකිකයන්ගෙ මනුස්සකම.

අපිට අපේ රටට ලොකු ආඩම්බරයක් ලබා දුන්න අපිට වගේම මුලු ලෝකෙටම වීරයෙක් වුණ අපේ මුරලි මේ තරඟාවලියෙන් පස්සෙ සිය ක්‍රිකට් ජීවිතයට සමු දෙනවා.අපේ ර‍ටෙන් විතරක් නෙමෙයි ‍ලෝකෙන්වත් ආයෙ ඒ වගේ අග්‍රගණ්‍ය පන්දු යවන්නෙක් බිහිවෙයි කියලා මම නම් හිතන්නෙ නෑ.මුරලිගෙ වාර්ථා කඩන්න ක්‍රීඩකයෙක් ආයෙ බිහිවෙන එකක් නෑ.මුරලි ඔබ අලුත් ඉතිහාසයක් හැදුවා.තව අවුරුදු සියයක් ගියත් මුරලි කියන නම ලාංකිකයන්ට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම අමතක වෙන එකක් නෑ.ඇත්තටම මුරලි ඔබ ලංකාවට ලබා දුන්නෙ ලොකු කීර්තියක්.මුරලි අයියා ඔයා අපිට හැමදාම වීරයෙක්.



අපේ නායක සංගා. 29 වෙනිද තිබ්බ නවසීලන්ත ශ්‍රීලංකා තරඟයේ වීරයා.එදා සංගා නියම විදියට ප්ලේ කලා.සංගා විතරක් නෙමෙයි ඩිල්ෂාන්, මැතිව්ස් , සමරවීර මේ හැමෝම හොඳට ක්‍රීඩා කලා.තරඟය අවසානයේ සංගා අපේ හඬින් මුලු ලෝකෙටම ඇහෙන්න අපේ ප්‍රේක්ෂකයන්ට ස්තූති කලා.සංගා එයාලව අමතක කලේ නෑ වගේම එයාලත් අපේ කණ්ඩායම එක්ක දිගටම ඉන්නවා.අප්‍රියෙල් දෙවෙනිදා ලාංකික හැමෝම ටීවී එක ඉස්සරහින් හෙලවෙන්නෙ නැතිවෙයි.අපි හැමෝගෙම පැතුම දෙවෙනි වතාවටත් ලෝක කුසලානය ලංකාවට ගේන එක.අපේ සිංහ පැටවුන්ට ඒක මහ ලොකු වැඩක් නෙවෙයි.

සංගා, මහේල, ඩිල්ෂාන්, තරංග, මාලිංග, මුරලි, කුලේ, වාස්, චාමර,සමරවීර යන අපේ වීරයො හැමෝටම අපි සුභ පතනවා.මැතිව්ස් ආබාධයක් නිසා මෙම තරඟයට සහභාගි නොවුනත් මැතිව්ස් මේ තරඟ වලිදි ක්‍රීඩා කරපු ආකාරය විශිෂ්ඨයි.ඒ වෙනුවට අපි කවුරුත් දන්න වාස් ක්‍රීඩා කරනවා.

අපේ බැටින් සයිඩ් එකයි බෝලින් සයිඩ් එකයි හොඳට තිබුනට සමහර වෙලාවට ෆීල්ඩින් අන්තිමයි.අපි ඒ හැමදේම හදාගන්න ඔනේ.මැද පෙල තව ශක්තිමත් වෙන්න ඕනේ.ඉන්දියාව කියන්නෙ ලේසි පහසු ටීම් එකක් නෙමෙයි.කොහොම උනත් අපි මේ පාර කප් එක ගේනඑක ගේනවමයි.ඒක ෂුවර්.

හැමෝම සුභ පතමු.
2011 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට..............!!!!!


6 comments:

  1. fattai fattai...me para cup 1 sure...

    ReplyDelete
  2. subha pathanawa mam,ath ape kandayamata....lapalu

    ReplyDelete
  3. ජය නියතයි Srilankaaaaaaa ජය අපටයි Srilankaaaaa මේපාර අපි Cup එක ගන්න එක කිසිම බලවේගෙකට නවත්වන්න බෑ මගෙන් අපේ කන්ඩායමට උනුසුම් සුබ පැතුම් පෙරටම යමු Lankaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  4. ela..ela.. malli -cup eka api ayeth geemu...

    ReplyDelete

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....