Sunday, March 13, 2011

2 ඔය ඇස් අමතක වෙන්න නම්(පස්වන කොටස)

අයියෝ හලෝ මොන වදයක්ද මේක.වොෂ් එකක් දාගන්න හැදුවා විතරයි.බෙලිකටු මල්ල හොල්ලන්න පටන් ගත්තායි කියමින් ඇසළ පඩි පෙල බැස මුලුතැන් ගෙය දෙසට ගියේය.ඇසළ කී කතාවට සදුනිටද සිනහා ගියාය.
බෙලි කටුමල්ල මම කියන්නෑ තමුසෙට.කියනවා බලන්න අද කොහෙද ගියෙ කියලා
වෙන කොහෙ යන්නද.මම ෂොප් එකේ ඉදල 4.30ට විතර ආවෙ.එනගමන් තමයි තමුසෙගෙ ෆොටෝස් ටිකත් ගත්තෙ ඇයි?
 ආ එහෙමද මල්ලි.එහෙනම් බලනවා මේ මොනවද ගෙනල්ලා තියෙන්නෙ කියලා මෝඩයා
සදුනි තමා අත තිබූ ජායාරූප කවරය ඇසළට පෑවාය.ඒ තුල තිබූ ජායාරූප දුටු ඇසලට තරු විසිවුණේ නිතැතිනි.
හුටා මේවා ශාලිකාගෙනෙ.
ඔව් ඔව්.ඕවා ශාලිකා නංගිගෙ තමයි.මට බොරු කරන්න එපා පුතෝ.ඇත්ත කියනවා.අද දෙන්න කොහෙද ගියෙ?
එසේ කී සදුනි ඇසළට අපහාසයට මෙන් සිනහ විය.
තමුසෙට පිස්සුද අක්කෙ.මම ඒකි එක්ක කොහෙ යන්නද?අද ෂොප් එකටනම් ආවා ඇඳුම් ගන්න කියලා
ඇසළ කියවාගෙන ගියේ කේන්තියෙනි.
ඇයි යකෝ මේකි කොහොමද මේක අස්සට රිංගුවෙ.මල කෙලියක්නෙ උනේ.දැන් ඉතින් වහ කාපන්කො.අම්මප මටම මේවා වෙන එකනෙ කරුමෙ කියන්නෙ.ඇසළ තනිවම සිතුවේය.
ඇයි මල්ලි ගොලුවෙලා.ශාලිකා ගැනද හිතන්නෙ?හා හා කොල්ලගෙ මූනෙ තියෙන පෙම් හිනාව
මගුලක් කතාකරනවා.ඇත්තටම තමුසෙට පිස්සුද හලෝ.ශාලිකා ඊයා මට ඒකිව පෙන්නන්න බෑ.මම හිතන්නෙ මේ ස්ටුඩියෝ එකේ වැරදීමක් වෙන්න ඇති
ශාලිකාව පෙන්නන්න බෑ.අනේ යනවා ශාලිකාගෙ ලස්සන හිනාවයි මූණයි දැක්කම මෙයත් වශිවෙන්න ඇති බෘංගයා වගේ.මමත් නොදන්න මල්ලිනෙ අපේ.
පිස්සුද හලෝ මම ජිවිතේට ඒ වගේ නැට්ටිච්චියෙකුට කැමති වෙන්නෙ නෑ
හා එහෙමද එහෙනම් මේ ෆොටෝස් ටික මාරු කරන් එනවා ඉක්මනට
ඉන්නවා හලෝ මම දැන් කොහොමත් ගම්පහ යනවා.එතකොට ගේන්නම්කී ඇසළ කවරයත් රැගෙන දිවගියේ හදිස්සියෙනි.
                          
                          ***

උදෑසන හතේ කණිසමද වැදිනි.ගම්පහ යක්කල මාර්ගය මේ වනවිට වාහන වලින් පිරී ගොසිනි.පාසල් දිනයක්ද වූ හෙයින් බණ්ඩාරනායක විදුහල ඉදිරි පිට පවතින වාහන තදබදය වඩාත් උග්‍රව පැවතිණි.කාන්ති පාරෙහි පිහිටි අනුහස් මැදුර ඉදිරිපිටද පැජරෝ රථයක් නවතා ඇත.එය නිවසේ අයිතිකරු වූ ජයලාල් විජේරත්න මහතාට අයිතිය.වෘත්තියෙන් ගුරුවරයෙක් වූ ඔහු පලාතේ ප්‍රසිද්ධ උසස් පෙළ උපකාරක පන්ති වලද මුදලට උගන්වයි.

 ජයලාල් මහතා සිය රාජකාරි කටයුතු සදහා පිටත්ව යාමට සැරසී නිවසේ ඉදිරිපිටට පැමිණ උස් හඩින් තම බිරිඳට කතා කළේය.
සුමේධා මම එහෙනම් යනවා
ඔයා කන්න ඉන්නෙ නැද්ද.මම මේ කෑම අරින්න හැදුවෙ.ඉන්න කාලා යන්න
එපා අද උදෙන්ම යන්න ඕනේ.රැස්වීමකුත් තියෙනවා.දුව තාම නිදිද?
ඔව්.අද පන්ති යන්නත් තියෙනවා.ඉන්න මම ඇහැරවන්නම්
ඕනෙ නෑ ටිකක් නිදාගත්තාවෙ.පහුගිය ටිකේම විභාගෙට මහන්සි උනානෙ
ඒකනම් ඇත්ත
පුතා කතාකලොත් කියන්න මම එයාට සල්ලි දැම්මා කියලා.මම එහෙනම් ගිහින් එන්නම්කී ජයලාල් මහතා නිවසින් එලියට බැස්සේය.
කොහොමත් පුතා රෑට කතාකරයිනෙ.පරිස්සමින් යන්න
පැජරෝ රථය ගේට්ටුවෙන් පිටවූ පසු එය වසා දැමූ සුමේධා ගෙට ගොඩ වැදුණි.මුලුතැන් ගෙට ගිය සුමේධෘ සිය දියණියගේ උදෑසන තේ කෝප්පයත් රැගෙන ඇගේ කාමරයට පිය නැගුවාය.
අනූ නැගිටල මේ තේ එක බොන්න.දැන් හතත් පහු උනා.අද පන්ති යන්නෙ නැද්ද ලමයො

අනේ අම්මා තව ටිකක් ඉන්නකො.මම තව විනාඩි 10න් නැගිටින්නම්.කී අනුත්තරා අනෙක් ඇලයට හැරුණාය.
එහෙනම් මෙන්න තේ එක මේසෙ උඩින් තිබ්බා
තේ කෝප්පය මේසය මත තැබූ සුමේධා කාමරයෙන් පිටව ගියාය.

අනුත්තරා හේෂානි විජේරත්න ජයලාල් මහතාගේ බාල දියණියයි.අනුහස් ඇගේ එකම අයියාය.ඔහු මේ වනවිට එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.අනුත්තරා අ.පො.ස. උසස්පෙළ නිමාකර ප්‍රතිඵල එනතුරු බලා සිටින්නීය.මේ වනවිට ඇය ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටී.
මේ ලමයා තාම ඇහැරුණේ නැද්ද මන්ද.දැන් පන්ති යන්නත් තියෙනවා‍.විභාගෙන් පස්සෙ හරියට කම්මැලි වෙලායි සිතූ සුමේධා කර කර සිටි වැඩය ද නවතා හිද සිටි අසුනින් නැගිට්ටාය.කරාමය ඇර දෑත් සෝදා ගත් සුමේධා නැවතත් සිය දියණි‍යගේ කාමරයට පැමිණියේ ඇයව අවදි කරවීමටය.
අනූ තාම ඇහැරුණෙ නැද්ද ලමයො.දැන් නැගිටින්නකො.බලන්න දැන් පරක්කුත් වෙනවා ක්ලාස් යන්න.මේ තේ එකත් ඇල් වතුර වෙලායි කී සුමේධා සිය දියණියගේ ඇඳ මත වාඩිවී ඇගේ හිස පිරිමැද්දාය.

අදනම් හරිම කම්මැලියි අම්මා.නිදිත් මතයි මට
එසේ කී අනුත්තරා මව ඉදිරියේ හුරතල් වන්නට විය.
එහෙම කියලා කොහොමද අද ලාල් සර්ගෙ පන්ති නේද?හා හා ඉක්මනට නැගිටලා මේ තේ එක බීලා ලෑස්ති වෙන්න ක්ලාස් යන්න
අනුත්තරා ඉතාමත් අපහසුවෙන් මෙන් ඇදෙන් නැගිට නාන කාමරය දෙසට පියමැන්නාය.සුමේධා  කාමරයෙන් පිටව කුස්සිය දෙසට ගියාය.
ඉක්මනින් මුහුණ සෝදාගත් අනුත්තරා කාමරයට පැමිණ පන්ති යාමට සැරසුණාය.
කුස්සියට ගිය සුමේධා දියණියට උදෑසන අහාරය පිලියෙල කලාය.හදිසියේම අනුත්තරාගේ කාමරය දෙසින් සද්දයක් ඇසිණි.මොහොතකට පසු අනුත්තරාද කෑ ගසන හඬ සුමේධාට ඇසුණි.
  අම්මා....................


2 comments:

  1. කතාව ලස්සනට යනවා.
    අපි වෙලාව තියෙන විදිහට ඇවිත් කියවලා කමෙන්ට් කරන්නම්.
    දිගටම ලියන්න
    ජය

    ReplyDelete
  2. දිගටම ලියන්න
    ජය....................

    ReplyDelete

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....