Thursday, January 27, 2011

0 ක්ලච් එක දෙනවා

යතුරු පැදි  පුහුණුව ලබාදෙන උපදේශකයෙක් එම පුහුණුව සදහා පැමිණි ගමේ තරුණයකුට යතුරු පැදියේ ඉදිරිපස අසුන දී ඔහු පසුපස අසුනේ හිද තරුණයාට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටියේය.එම උපදෙස් පරිදි තරුණයා යතුරු පැදිය පණ ගන්වා ක්ලච් එක අල්ලාගෙන ගියරයක් දමා එක්සලේටරයද අවශ්‍ය පමණට අල්ලා ගෙන සිටියේය.එවේලෙහි උපදේශකයා ඊළග විධානය දුන්නේය.

"හා දැන් ක්ලච් එක දෙනවා"
එනමුත් තරුණයාගේ ප්‍රතික්‍රියාවක් නැත.

"ක්ලච් එක දෙනවා"
එවේලෙහිම උපදේශකයා මදක් උස් හඩින් කීවේය.එනමුත් එවරද තරුණයාගෙන් ප්‍රතිචාරයක් නොවීය.එවිට උපදේශකයා මහත් වූ කේන්තියට පැමිණ මෙසේ කෑ ගැසුවේය.

"ක්ලච් එක දෙනවා ඕයි"
ඒ වනවිට තරුණයාද මහත් කේන්තියට පත්ව පෙරළා මෙසේ කීවේය.

"මං ගත්තෙ නෑ ඕයි"

0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....