Friday, January 28, 2011

0 කදිම පාලනය

මිනිසුන් තිදෙනකු කතා කරමින් උන්නේ තමන්ට තම බිරින්දෑ වරුන් කෙතරම් දුරට පාලනය කල හැකිද යන්න පිළිබදව යි.තුන් වැන්නා නිහඩව සිටියේය.ඔහු සකලසේනයි.බොහෝවෙලාවක් කතා කිරීමෙන් පසු පළමුවැන්නා සකලසේන දෙසට හැරුණි.


පළමු වැන්නා :- "හොදයි සකලසේන ඔයාට ඔයාගෙ බිරිදව කොච්චර දුරට පාලනය කරන්න පුලුවන්ද...?"
සකලසේන     :- "මම පොඩි උදාහරණයක් දෙන්නම්.ඊයෙ රෑ පොඩි සද්දයක් ඇහිල මගෙ නෝනා දනගාගෙන     මං ලගට ආවා"


මෙය අසා සිටි ඉතිරි දෙදෙනා මහත් විස්මයට පත්වූහ.ඔවුන් සකලසේනගේ පාලනය ගැන ඇසීමට පසුවූයේ නොයිවසිල්ලෙනි.
දෙවැන්නා      :- "ෂා..! ඒ මොකද සකලසේන ඒ.නෝනා ඔයාට මොකද කිව්වේ....?"
සකලසේන වතුර උගුරක් බී උගුරේ රැල් බුරුල් කොට ඇගපතට නොදැනී මෙසේ කීවේය.


සකලසේන     :- "නෝනා කිව්වා.'ඇද යටින් එළියට වරෙන්.ඇවිල්ල  මිනිහෙක් වගේ හොරු එක්ක සටන් කරපන් කියලා"

0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....