Friday, January 28, 2011

0 ආණ්ඩුව

දිනක් පොඩි එකෙක් තම පියාගෙන් මෙසේ අසයි.
"මොකක්ද තාත්තෙ ආණ්ඩුව කියන්නෙ....?"


පියා මෙසේ කියයි.
"ආණ්ඩුව කියන්නෙ පුතේ හරියට මං වගේ.දැන් බලපන් මං දිහා.මං වැඩ කරන්නෙ මට ඔන විදියටයි.හැබැයි උඹලගෙ අම්ම ඇවිල්ල විරුද්ධ පක්ෂය වගේ.කොයි වෙලාවෙත් මම කියන හැමදේටම විරුද්ධ වෙනවා.එතකොට උඹලගෙ අක්කයි අයියයි හරියට වෘත්තිය සමිති වගේ.උං කොහොමහරි කෑ ගහල උංගෙ අයිතිවාසිකම් දිනාගන්නවා.එතකොට දැන් බලපන් උඹ දිහා.උඹ තමයි ජනතාව.කොයි පැත්තෙන් බැලුවත් තැලෙනවා.හැමෝම උඹට තමයි පාට් එක දාන්නෙ."


පසු දා උදෑසන අවදි වූ පොඩි එකා තම පියාට මෙසේ කිය යි.
"තාත්තෙ මං ඊයෙ රෑ දැක්ක.මං දැක්ක."


තාත්තා :- "මොනවද පුතේ උඹ දැක්කෙ..?"
පුතා :- "මං දැක්ක තාත්තෙ ඊයෙ රෑ ආණ්ඩුව විරුද්ධ පක්ෂෙට පෙරලා පහරදෙනවා.වෘත්තීය සමිති මර නින්දෙ.ඒත් ජනතාව අවදියෙන්"

0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....