Friday, January 28, 2011

0 ඇතුලට ගිය හේතුව

සැමියා සහ බිරිද ගමනක් යාම සදහා ටැක්සියක් ගෙන්වා ගත්හ.ඔවුන් ටැක්සියට ගොඩවන්නට හදන විටම ගේ ඇතුලින් බළලා කෑ ගසන හඩ ඇසුණි.සැමියා ඌව එළ වා දැමීම සදහා නැවත ගේ ඇතුලට ගිය අතර තුර බිරිද ටැක්සියට ගොඩ වූවාය.ටැක්සියේ රියදුරු දෙතුන් වතාවක් ගේ දෙස බලනු දුටු බිරිද ගේ තුල කිසිවකු නැතිබව රියදුරාට ඇගවීම සුදුසු නැතැයි සිතා මෙසේ කීවාය.


"එයා උඩට ගියේ අපේ අම්මට යනවා කියල එන්න"
මොහොතකින් සැමියා පැමිණ ටැක්සියට ගොඩවෙන ගමන් මෙසේ කීවේය.


"ඒ නාකි බැළලි මං යනකොට ඇද ඇතුලෙ හැංගිලා.මං කොස්ස ඇතුලට දැම්මම තමයි එළියට ආවෙ.ඒ පාර මං දොර ඇරල එළියට දාලා කොස්සෙන් පාරකුත් දීල තමයි ආවෙ"

0 ප්‍රතිචාර:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....