Thursday, March 31, 2011

6 ජය ශ්‍රී - ශ්‍රී ලංකා.............!!!



මුලින්ම මම හැමො‍්ගෙන්ම සමාව ඉල්ලනවා මේ සතියෙ ඔය ඇස් අමතකවෙන්න නම් නවකතාවෙ හත්වන කොටස මේ වනතුරුත් පළ කිරීමට නොහැකි වීම ගැන.ඇත්තටම මේකයි උනේ.මගේ පුද්ගලික පරිගණකයේ සිද්ද වුන මොකක් හරි අවුලක් නිසා මට මේ ටිකේම බ්ලොග් එකට එන්න බැරි උනා.බ්ලොග් එක ලෝඩ් වෙන්නෙ නැතුව ගියා.දැන් ඒක හරි.නමුත් මම කතාවේ හත්වෙනි කොටස දාන්න කලින් ජයශ්‍රී-ශ්‍රීලංකා කියන මේ පෝස්ට් එක දාන්න තීරණය කලේ මේ වෙලාව වෙනකොටත් මේක දාන්න ප්‍රමාද උන නිසා.ඉතින් මේ දවස්වල අපි හැමෝම හිතන්නෙ ලෝක කුසලානය ගැන.කට්ටිය මේ ටිකේ මැච්  බලන්න ඇතිනේ.ඉතින් මේ පෝස්ට් එකත් අපේ ශ්‍රීලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන්...........!!



මුලින්ම කියන්න ඕනේ 26 වෙනිදා අපේ කොල්ලො දිනපු එංගලන්තය සමග පැවති තරගය ගැන.මැච් එක ගැන කියන්න තියෙන්නෙ ඒක සුපිරි කියලා.අපි එක කඩුල්ලක්වත් නැතුව මැච් එක වින් කලා.අපිට ගේමක් තිබුනෙම නෑ.හැබැයි අපේ කට්ටිය අතට ආපු කැච් බලන් ඉන්න කොට අත හැරිය.ඒ අතින් අපේ පන්දු රැකීම දුර්වලයි.අපි 2වෙනිදා තරගෙට මුහුණ දෙනකොට මේ හැමදේම හදාගෙන ඉන්න ඕනේ.ඒ වගේම එදා ඩිල්ෂාන් කරපු ක්‍රියාව ඇත්තටම අගය කරන්න ඕනෙ.ඩිල්ෂාන් තමන්ගේ ශතකය වාර්ථා කරලා තරංගට ශතකයක් වාර්ථා කරන්න ඉඩ ලබා දුන්න.ඒක තමයි අපේ ලාංකිකයන්ගෙ මනුස්සකම.

අපිට අපේ රටට ලොකු ආඩම්බරයක් ලබා දුන්න අපිට වගේම මුලු ලෝකෙටම වීරයෙක් වුණ අපේ මුරලි මේ තරඟාවලියෙන් පස්සෙ සිය ක්‍රිකට් ජීවිතයට සමු දෙනවා.අපේ ර‍ටෙන් විතරක් නෙමෙයි ‍ලෝකෙන්වත් ආයෙ ඒ වගේ අග්‍රගණ්‍ය පන්දු යවන්නෙක් බිහිවෙයි කියලා මම නම් හිතන්නෙ නෑ.මුරලිගෙ වාර්ථා කඩන්න ක්‍රීඩකයෙක් ආයෙ බිහිවෙන එකක් නෑ.මුරලි ඔබ අලුත් ඉතිහාසයක් හැදුවා.තව අවුරුදු සියයක් ගියත් මුරලි කියන නම ලාංකිකයන්ට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම අමතක වෙන එකක් නෑ.ඇත්තටම මුරලි ඔබ ලංකාවට ලබා දුන්නෙ ලොකු කීර්තියක්.මුරලි අයියා ඔයා අපිට හැමදාම වීරයෙක්.



අපේ නායක සංගා. 29 වෙනිද තිබ්බ නවසීලන්ත ශ්‍රීලංකා තරඟයේ වීරයා.එදා සංගා නියම විදියට ප්ලේ කලා.සංගා විතරක් නෙමෙයි ඩිල්ෂාන්, මැතිව්ස් , සමරවීර මේ හැමෝම හොඳට ක්‍රීඩා කලා.තරඟය අවසානයේ සංගා අපේ හඬින් මුලු ලෝකෙටම ඇහෙන්න අපේ ප්‍රේක්ෂකයන්ට ස්තූති කලා.සංගා එයාලව අමතක කලේ නෑ වගේම එයාලත් අපේ කණ්ඩායම එක්ක දිගටම ඉන්නවා.අප්‍රියෙල් දෙවෙනිදා ලාංකික හැමෝම ටීවී එක ඉස්සරහින් හෙලවෙන්නෙ නැතිවෙයි.අපි හැමෝගෙම පැතුම දෙවෙනි වතාවටත් ලෝක කුසලානය ලංකාවට ගේන එක.අපේ සිංහ පැටවුන්ට ඒක මහ ලොකු වැඩක් නෙවෙයි.

සංගා, මහේල, ඩිල්ෂාන්, තරංග, මාලිංග, මුරලි, කුලේ, වාස්, චාමර,සමරවීර යන අපේ වීරයො හැමෝටම අපි සුභ පතනවා.මැතිව්ස් ආබාධයක් නිසා මෙම තරඟයට සහභාගි නොවුනත් මැතිව්ස් මේ තරඟ වලිදි ක්‍රීඩා කරපු ආකාරය විශිෂ්ඨයි.ඒ වෙනුවට අපි කවුරුත් දන්න වාස් ක්‍රීඩා කරනවා.

අපේ බැටින් සයිඩ් එකයි බෝලින් සයිඩ් එකයි හොඳට තිබුනට සමහර වෙලාවට ෆීල්ඩින් අන්තිමයි.අපි ඒ හැමදේම හදාගන්න ඔනේ.මැද පෙල තව ශක්තිමත් වෙන්න ඕනේ.ඉන්දියාව කියන්නෙ ලේසි පහසු ටීම් එකක් නෙමෙයි.කොහොම උනත් අපි මේ පාර කප් එක ගේනඑක ගේනවමයි.ඒක ෂුවර්.

හැමෝම සුභ පතමු.
2011 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට..............!!!!!


Wednesday, March 23, 2011

18 මිනිසුන් පමණක් නොව ලොව සියලු සතුනට - ජීවත්වීමේ අයිතිය තිබේ මිහිපිට

      බලන්න මේ වීඩියෝ එක.මේක බලපු කෙනෙක්ගෙ ඇහැට කඳුලක් ඉනුවෙ නැත්නම් මම හිතන්නෙ ඒ ‍මනුස්සයෙක් නෙමෙයි.
         අපි හැමෝම අහාර ගන්නෙ ජීවත් වෙන්න.හැබැයි අපිට ජීවත් වෙන්න මේ ලෝකෙ ඉන්න තවත් සතෙක්ව මරන එක සාධාරණයිද? ටිකක් හිතලා බලන්න.මිනිස්සු වුණ අපිට වගේම මේ ලෝකෙ අනිත් සත්තුත් ආසයි ජීවත් වෙන්න.කවුරුත් මරණෙට බයයි.ඔයාලම හිතලා බලන්න ඔයාලට කෙනෙක් ගහනවට වත් ඔයාලා කැමතිද?නැහැනෙ.ඒ වගේම හැම සතෙක්ම ආසයි හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න.
          ඇයි අපි ජීවත් වෙන්න කියලා මස් කන්නෙ, අහිංසක සත්තුන්ව මරන්නෙ.අපිට මස් නොකා ඉන්න බැරිද?එළවලු වලින් විතරක් ජීවත් වෙන්න බැරිද?
          බලන්න මේ පින්තූර දිහා.අපි කවුරුත් කැමතිද ‍අපේ පවුලෙන් වෙන් වෙන්න.අම්ම තාත්තා අපිව දාලා යනවට අපි කැමතිද? අපිට ඇයි බැරි අපි ගැන හිතන විදියට මේ අහින්සක සත්තු දිහා බලන්න.චුට්ටක් හිතන්න.



  අම්මේ තාත්තේ චුට්ටක් හිතන්න.ඔයාලා කැමතිද ඔයාලගෙ දරුවන්ව , දෙමාපියන්ව වෙන කවුරු හරි අරන් ගිහින් මරනවට.ඔයාල වගේම තමයි අහින්සක සත්තුත්.එයාලත් කැමති නෑ එයාලව මරනවට.සත්තුත් කැමතියි හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න.
             බලන්න මේ සත්තු මැරෙන්නෙ කොච්චර වේදනාවක් විඳලද? ඒ වෙලාවට මරණ භයත් එක්ක ඒ සත්තුන්ගෙ සිරුරෙ හර්මෝන ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා.ඉතින් අපි මස් කනවා කියලා කරන්නෙ විස හුඟාක් අපේ ඇඟට දාගන්නවා කියන එක.

                බලන්න මේ ඉන්නෙ තිරිසනුන්ටත් අන්ත මිනිස්සු.අහින්සක එළදෙනුන්ගෙන් හරක්ගෙන් අපි කොච්චර වැඩ ගන්නවද? අපිට උදේට බොන්න කිරි ටික දෙන එකම මදිද? අපි ඒ සත්තුන්ට සලකන්නෙ මෙහෙමද? මේකද අපේ ලාංකිකයන්ගෙ කලගුණ සැලකීම.
          ඇයි අපිට බැරි මේ සත්තු මරන එක වලක්වන්න.අපි මුලින්ම කරන්න ඕනෙ අපි මස් ආහාරයට ගැනීමෙන් වලකින එක.ඒක කරන්න අමාරු දෙයක් තමයි අද සමාජෙත් එක්ක බලනකොට.අපි මුලින්ම පුලුවන් තරම් මස් කන එක නවත්තමු.මස් මාලු වෙනුවට එළවළු පළතුරු කන්න පුරුදු වෙමු.අපි ජීවත් වෙන්න ආසයි වගේම අනිත් සතුන්ටත් ජීවත් වීමේ අයිතිය ලබා දෙමු.හැමදාම මස් කාපු වැදි නායක වන්නිලැත්තන්ට පුලුවන් උණානම් ඇයි අපිට බැරි නිර්මාංශ ආහාර වලට පුරුදු වෙන්න.හිතන්න මේ අහින්සක සත්තුත් අපේ කියලා.
                    අපි අද ඉඳලා මස් මාංශ කන එක නවත්තමු.එක පාරටම ඒක කරන්න අමාරු ඇති.මොකද අද සමාජයත් එක්ක බැලුවම හුඟාක් තියෙන්නෙ මාංශ ආහාර.අපි උත්සාහ කරමු.අපි නිර්මාංශ වෙලා අනිත් අපේ යහලුවන්ට සහෝදර සහෝදරියන්ට පවුලේ උදවියට මේක කියලා දීලා එයාලවක් මේ පාපකර්මෙන් මුදවා ගමු.එක අපිටත් ලොකු පිනක්.


             උත්සාහ කරන්න.අපි අන් සතුන්ගෙ මස් ආහාරයට ගැනීමෙන් වළකිමු පුලුවන්තරම්.එහෙම වුණොත් අපේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා වගේම අපි ලොකු පවකිනුත් ගැලවෙනවා.
  මස් මාංශ ආහාරයට ගැනීමෙන් වලකිනවා වගේම සත්ව හිංසාවෙනුත් වළකින්න.අහිංසක සත්තුන්ට නිදහසේ හිරිහැරයක් නැතුව ජීවත් වීමේ අයිතිය ලබා දෙමු.
               මේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න.


"රන්කිරි බිව් කටින් එපා මලකුණු කන්න 
නිරෝගි පින්බර දිවියක හිමිකරු    වන්න"