Sunday, May 8, 2011

8 අද මව් වරුන්ගේ දිනයලු..................



       ඉතින් හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරිඋනා. කතාව ලියන්නත් බැරි උනා. හුඟක් අය මගෙන් ඇහුවා ඇයි දැන් බ්ලොග් එකේ ලියන්නැත්තෙ කියලා. එහෙම අහනකොට හිතට පුංචි සතුටකුත් දැනෙනවා මගෙ බ්ලොග් එක කියවන්න ආසාවෙන් ඉන්න අයත් ඉන්නවනෙ කියලා. ඉතින්  eසිංහලයා  කියවන නොකියවන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ටික කාලයක් බ්ලොග් එක ලියන්න නොහැකි වීම ගැන. ඒ වගෙම හැකි ඉක්මනින් මං ලියන "ඔය ඇස් අමතක වෙන්න නම්" නව කතාවෙ මී ළඟ කොටස පලකරන්නත් මම උත්සහ කරනවා. මේ ටිකේ නම් මම ටිකාක් කාර්‍ය්‍ය බහුලයි.
       
      ඉතින් මම ඊයෙ නිදාගන්නකොට පාන්දර 3යි. ඒ නිසා අද ඇහැරුනේ දවල් 12ත් පහුවෙලා. ඊයෙ රෑ අක්කට CD වගයක් write කලා. මම ඉතින් සමාජ සේවය කරන අවංක දේශප්‍රේමියානෙ. 12ට විතර ඇහැරුන මම ටක් ගාලා මූණ කට හෝදලා කිරි එකකුත් හදාගෙන වාඩි උනා PC එකගාවින්. වාඩිවෙලා PC එකත් on කරලා FB ලොග් උනා.දන්නැද්ද ඉතින් අපේ job එක ඇවිල්ලා දවසෙම FB ඉන්න එකනේ.ලොග් වෙලා බැලුවා.මෙන්න මේ වගේ පොස්ට් වගයක් වැටිලා තියෙනවා දැක්කා home එකේ.

I love U mom.........

Happy Mothers Day!

අද මව්වරුන්ගේ දිනයයි...!!

          මෙන්න මේ වගේ පෝස්ට් හුඟ දෙනෙක්ගේ wall එකේ තියෙනවා මම දැක්කා.එතකොටයි මම දන්නෙ අද මව්වරුන්ගේ දිනය කියලා.ඇත්තටම ලාංකිකයො හැටියට අපිට මව්වරුන්ට.පියවරුන්ට සලකන්න ආදරේ කරන්න අවුරුද්දට එක දිනයක් වෙන් කරන්න ඕනද? මමනම් හිතන්නෑ. අපි හැමදාම අපේ මව්පියන්ට අපිට හැකි උපරිමයෙන් ආදරෙ කරන්න ඔනේ.සලකන්න ඕනේ.අපි ඒකට දවසක් වෙන් කරගෙන අම්මලට තෑගි/බුලත් දීලා වැඳලා එදාට හරියට ආදරේ කරනවා. අනිත් දවස වලට අම්මා උන්නද මලාද කියලවත් බලනවද? අපේ හුඟක් අය කරන්නෙ ඔය ටික තමයි.



     වැඩිහිටියන්ගේ දිනයට ලංකාවෙ තියෙන වැඩිහිටි නිවාස හොය හොයා ගිහින් පරිත්‍යාග කරනවා ගෙදර අසනීපෙන් ඉන්න අම්මව නාවන්න, කවන්න, පොවන්න තියා අඩු ගානෙ දවසට වචන කීපයක් හරි කතාකරන්න වෙලාවක් තියෙනවද ? ටිකක් හිතලා බලන්න. අපේ අම්මලා තාත්තලා අපිට ආදරේ කලේ සැලකුවෙ ලෝක ලමා දිනය දවසට විතරද? නෑ වදාපු අම්මයි හදාපු තාත්තයි අපි ඉපදුන දවසෙ ඉඳලා අපිට ආදරෙන් හිටියා , අපිට සලකපු හැටි තමන්ම හිතලා බලන්න. එයාලා අපි වෙනුවෙන් කී වේලක් කුසගින්නෙ ඉන්න ඇති ද ? ඉතින් එයාලා වයසට ගියාම ගෙවල් වල කාමර වල තනිකරලා තියන එක හරිද ? සමහර මිනිස්සු තමන්ගෙ අම්මව තාත්තව සමාජයට පෙන්නන්නෙ නෑ ලැජ්ජාවට. එයාලව ගෙවල් වල හිරකරලා.හැබැයි සමාජයට පෙන්නන්නෙ හොඳ වැදගත් උදවිය විදියට. මෙන්න මේකයි දැන් අපේ ශ්‍රී ලාංකික කම.




          මම කියන්නෙ දෙමාපියන්ට සලකන්න එක දිනයක් වෙන් කරන්න එපා.අපි ශ්‍රී ලාංකිකයො.අපි අවුරුද්දෙ හැමදාම එක වගේ අපිට උපරිම අයුරින් අපේ මවට පියාට සලකන්න ඕන. ආදරේ කරන්න ඕන. හැකි අයුරින් ඔවුන්ව රැක බලාගන්න ඕනෙ. එහෙම නැතුව ගෙදර ඉන්න තාත්තව, අම්මව ලෙඩ උනාම ඇඳට උනාම කාමරේට දාලා මව්වරුන්ගේ දිනයට වැඩිහිටි නිවාස හොය හොය ගිහින් දාන දුන්නට වැඩක් නෑ. අපි හැමෝම දෙමව්පියන්ට ආදරේ කරනවනම් සලකනවනම් ඔවුන්ව රැක බලාගන්නවනම් අවුරුද්දේ හැමදාමත් මව් වරුන්ගේ දිනය වෙයි. එයාලට ඒකෙන් දැනෙන සතුට කොච්චරද? හිතලා බලන්න.එහෙම උනානම් අද තියෙන වැඩිහිටි නිවාස එකසිය අනූගානම නෑ නේද? දැන්වත් හිතමු.අපි අපේ යුතුකම ඉටුකරමු. වයසට ගියත් මේ ඉන්නෙ අපේ අම්මලා තාත්තලා.අපි එයාලට සලකමු.ගරුකරමු.ආදරේ කරමු හැමදාම.එහෙම උනොත් නුදුරු අනාගතයේ දී ලංකාවෙ වැඩිහිටි නිවාස හුඟාක් අඩුවෙයි..................